ඔලිම්පික්_පන්දම_අභ්‍යවකාශයට
ඔලිම්පික් පන්දම අභ්‍යවකාශයට
ලබන වසරේ රුසියාවේ පැවැත්වීමට නියමිත ශීත සෘතුවේ ඔලිම්පික් උළෙල වෙනුවෙන් දැල්වුණු ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගමන් ඇරඹීය.
ග්‍රිනිච් වේලාවෙන් 04:14:25 ට සොයූස් නම් රොකට්ටුව කසකස්ථානයේ අජටාකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ අතර කක්ෂ ගත කර ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔලිම්පික් පන්දම භාර දීමට නියමිතයි.
අනතුරුව පන්දම රැගෙන අභ්‍යවකාශයේ ඇවිදීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින රුසියානු අජටාකාශගාමීන් දෙදෙනෙකු සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
මීට පෙර දෙවතාවක් (1996 සහ 2000 දී) ඔලිම්පික් පන්දම අභ්‍යවකාශය කරා ගොස් ඇති නමුත් යානයෙන් පිටතට පන්දම රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙයයි.
Contains BBC Sinhala Sandeshaya