ශ්‍රී ලාංකික දස්කම සටහන් තබමින් රාවණ 1 අභ්R

sisira10

Well-known member
  • ශ්‍රී ලාංකික දස්කම සටහන් තබමින් රාවණ 1

    ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු රාවණ -01 චන්ද්‍රිකාව අද(18)අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කිරීම ආරම්භ විය.
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ
    රාවණ – වන් චන්ද්‍රිකාව නිර්මාණය කර තිබේ.

    එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දුන්නේය.



    එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී අද(18) අලුයම 02.16ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදුවූ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ජාතික අභ්‍යාවකාශ වැඩසටහන යටතේ පුහුණු ව්‍යාපෘති ද ආරම්භ කර ඇති බව චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේය.
    නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපොළෙන් එය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙනුයි.‍

    රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.


    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවනා වන් චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබෙනවා.

    ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුරයි.

    අද අලුයම 2.16 ට අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකාව හෙට පස්වරු 6.30 ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවීමට නියමිතයි.
    Gossip lanka news
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar510181_1.gif