ඔහු_නික්ම_ගියේය.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔහු_නික්ම_ගියේය.

සියලු දේ අතීතයට පවරා ඔහු නික්ම ගියේය.

Sunil%2BDayananda%2BKonara.jpg

_____________________________
ඔහු නික්ම ගොසිනි. මා ඔහු කිසිදාක හැබහින් දැක නැත. එහෙත් ඔහු අපව ද ජීවිතය ද ජීවිතයේ යථාව ද විනිවිද දුටු වග හොඳින් දනිමි. අරලියා මල් අතර ගයා නිමාවෙන්නට නියමිත යෞවනය කෙළවර දී, දිනෙක අපට අප අහිමි වන බව කියා දුන්නේත් , ගමට කලින් මුළුතැන් ගෙයට හිරු වඩින බව කාටත් වඩා අපූරුවට කිව්වේත් ඔහුය.
අතීතය මතකයක් බවට රූපාන්තරණය වෙද්දී බැඳිම් විප්පයෝග වී අප දවයි. එවන් වූ දැවීම් තුළ පවා සිනාසී සමුගත යුතු බව පාසල් වියේ උන් අපට කියා දුන් දාර්ශනිකයා ඔහු ය. තුරු හිසකින් ගිළිහෙන මල් පරිද්දෙන් එකින් එක සිහින ගිළිහෙන ජීවිතයේ අල්ලා හඬා වැටෙන්නට තරම් දෙයක් නැති බැව් එතරම් මිහිරිවට එතරම් ම සංයමයකින් මේ සංගීත ගුරුවරයා කිව්වේ කෙසේදැයි තවමත් සිතමි.
....සුදු පාට මල් පිපුණු අරලියා හෙවන යට
බාලිකාවේ සුවඳ තනිවෙලා.....
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියලු දේ අතීතෙට පවරලා....

ඇසළ සඳ දිය නොවුණ ඈත වැව්තල කොණෙක
ගයා නිම වූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා...

සිනා සරදම් පිරුණු පංති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී
සඳට ඉකිබිඳ හඬන නොදරුවන් නොවේ අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....

අම්මාගේ දවස කාටත් කලින් ඇරඹෙන බව ඒ සා පරිකල්පනීය මහිමාවකින් කියූවෙක් නැත. අම්මාගේ නිවන දරුවන් නිවෙන තැන දී අත්වන බැව් කිව්වේත් ඒ අම්මාගේ සැනසුම ඉරෙන් ඉර නැගෙන දවසින් දවස තව බොහෝ දුර බවත් කියා ඉසියුම්ව හද සරැළි නංවන සංගීතයද එහි දවටා අප හදට සන් කර කියූ පණිවුඩ කරුවාත් ඔහු ය.
....ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ....

ගේහසිත පෙම් යහනේ නේක නිමේෂයන් හි මතුවන විසකටුවලින් පෑරෙන හදවතක රිදුම සියුම් ය. නිහඬ බව ඒ සා දඬුවමකි. විවාහ දිවිය යනු ම සමාජ සංස්ථාමය වුවමනා එපාකම්, මහගෙවල්වල රළු පවන් හමා යන ඉසව්වකි. එබඳු මොහොතක් වදනින් සිත්තම් කරන්නට හැකිවීම ම සංවේදනා උපද්දන උල්පතක සොඳුරු බලපුලුවන්කාරකමකි.
...විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ....

කාලාවකාශ යා කරමින් වැටෙමින් පැකිළෙමින් ආ ජීවිත ගමනේ අමාරුම තැන්වල දී ගීතයෙන් හිස අත ගා සෙත් කවි කී සුනිල් දයානන්ද කෝණාර නිර්මාණවේදියාණෙනි, ඉතිහාසයේත් අනාගතයේත් ඔබ නිමැවූ, නිමවන්නට නියමිත සියලු සැනසිම් සහගත නිමේෂයන්ට අප්‍රමාණව ස්තූතියි.
පිපෙන , පරවෙන, යළි පිපෙන අරලියා මලක , නිවෙන දැල්වෙන මියෙන තරු එළියක, නිහඬව ම වැව් බඳෙහි වැදි වැදී ජීවිතේ නොනිමි බව කියා දෙන කලාවැවේ නිල් දිය කඳ පතර ඔබ යළි හමුවන්නට ඉටා ගනිමි.
ඔබට සුබ ගමන්!
07-12-2016

Kalpana Ambrose

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)

    ඔබට නිවන්සුව අත්වේවා!!!
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සුනිල් දයානන්ද කොනාර කියන්නෙ නිහඬ සංගීතවේදියෙක් ගීත රචකයෙක්,නමුත් ඔහු කරලා තියෙන නිර්මාණ බැලුවොත් නම් ඔහු ඇයි අනිත් සංගීතවේදීන්වගේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ චරිතයක් උනේ නැත්තෙ කියන ප්‍රශ්නය මතු වෙනවා,,සාමාන්‍ය ජනතාව අතර කියවෙන නමක් නොවුනත් සංගීත ලෝකය තුළ ඔහු ප්‍රමුඛ චරිතයක් වෙන්න ඇති කියලා හිතෙනවා ඔහු දායක වෙලා තියෙන නිර්මාණ දිහා බැලුවාම, ඒ තරම්ම ප්‍රබල ලස්සන සහ ජනප්‍රිය ගීත බොහොමයක පද රචනය තනුව නිර්මාණය හෝ සංගීත අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ සුනිල් දයානන්ද කෝනාර අතින්,,මං හිතන්නෙ ලංකවේ මුල්පෙලේ ඉන්න ගායකයින් කීපදෙනෙකුටම ඔහු ගීත නිර්මාණය කර දී තිබෙන්වා,,

    කලා වැවේ නිල් දියවර අම්මා
    මහ වැස්සක් බිමට හලා
    වහින්නට හැකි නම් ගිගුම් දී
    සුදු පාටමල් පිපුනු

    ඔහු අතින් නිමැවුනු ජනප්‍රිය ගීත නිර්මාණ කිහිපයක්,,,කලක් රෝගාතුරව හිඳ ඔහු පසුගියදා දිවියෙන් සමු ගත්තා ,,ඔහුට නිවන් සුව ලැබේවා,,
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ATTN AntiBBS == 50KG:
    මෙන්න ඉන්නවා කැරියෝ දෙන්නෙක්, බලාපිය, රටට අපමන අගයක්, හෙටට මෛත්‍රි යුගයක්.
    220px-Maithripala_Sirisena_%28cropped%29.jpg
    Ranil-Wickramasinghe-11.jpg

    මුන් දෙන්නා කවදා මැරේදෝ මන්දා
     
    Last edited:

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    AntiBBS == 50KG:
    මෙන්න ඉන්නවා කැරියෝ දෙන්නෙක්, බලාපිය, රටට අපමන අගයක්, හෙටට මෛත්‍රි යුගයක්.
    මුන් දෙන්නා කවදා මැරේදෝ මන්ද"

    මුලින් හිතුවේ වැරදිලා වැටුනු පෝස්ට් එකක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා හිතුනේ දෙවෙනි වාක්‍යය ෆොටෝ එකට පස්සෙ දාල තිබුන එක දැකලා
    මළ ගෙදරකට ඇවිල්ලා කුණුහරුප එක්ක නොගැලපෙන දේශපාලන කතාවක් කියලා .
    ඇයි කියලා බලන අයට හිතා ගන්න විතරයි වෙන්නේ නැත්නම් මෙතන ඉඳලා අහිංසක කෝණාර කෙනෙක් නැහැ
    කුණුහරුප පුරවගත්තු අසහන කාරයෝ ලියයි
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ambrose Kiyala Sinhaluth Innawada bole

    මෙන්න මේ වගේ ඒවා තමයි ලංකාවේ ඉන්න උන් හොයන්නේ. අපේ උන් හොයන්නේ නැහැ මේ ලියල තියන ලිපියේ හෝ අදහසේ වැදගත් කමවත් නැතිනම් සුනිල් දයානන්ද කොනාර කියන අසාහය පුද්ගලයා ගැනවත්

    මේක ලියපු එකාගේ ජාතිය , කුලය. ශික් බන් ලැජ්ජයි. මම මේ උබ විතරක් කරන වැරද්දක් නොවෙයි. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ තියල චාටර් ලක්ෂණයක්. පුලුවන්නම් හැදියන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙන්න මේ වගේ ඒවා තමයි ලංකාවේ ඉන්න උන් හොයන්නේ. අපේ උන් හොයන්නේ නැහැ මේ ලියල තියන ලිපියේ හෝ අදහසේ වැදගත් කමවත් නැතිනම් සුනිල් දයානන්ද කොනාර කියන අසාහය පුද්ගලයා ගැනවත්

    මේක ලියපු එකාගේ ජාතිය , කුලය. ශික් බන් ලැජ්ජයි. මම මේ උබ විතරක් කරන වැරද්දක් නොවෙයි. ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ තියල චාටර් ලක්ෂණයක්. පුලුවන්නම් හැදියන්.

    ithin ee wage un inna rataka bihiwena palakayo genath hitha ganna puluwan ethine.