ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එක දෙයක් මතක ටිහ්යා ගන්න. අමතරව සුදුසුකම් හදාගන්න එව්වා පුලුවන්තරම් ඔෆිස් එකට දන්වන්නේ නැතුව තියාගන්න. ඉරිසියාකාරයෝ කියන ජාතිය ඔෆිස් අස්සේ පිරිලා ඉන්නෙ, ඒ මලයක්කු හැදෙන්න දෙන්නෙ නෑ වෙන එකෙක්ට. පුලුවන් තරම් හොරෙන් කරන්න.​

    පරක්කු වැඩි මෝර අයියා....! මං නම් වැඩේ කෙලෝ ගත්තා.අමාරුවෙන් යනවා ඉතිං....:no::no::sorry:

    wechchi de gana hitanna epa. :yes: waradunu dewal walin padam igena ganna balamu. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔය හැම එකක්ම දන්නවා.. දැනෙනවා.. ඒත්....... අවුරුදු ගාණක් කන්න දිපු තැනට ටොපිය දීලා යන්න දුකයි...:nerd::nerd::nerd:

    :frown::frown:

    ඔරවන්න එපා... :P:P
    මට දවසකට හරි, එක වචනයකට හරි උදව් කරපු එකෙක්ට / තැනකට මට කෙළවුනත් කෙළවෙන්න දෙන්න හිතෙන්නෙ නැහැ මට... පුද්ගලික ජීවිතෙත් එහෙමයි.. රාජකාරි ජීවිතෙත් එහෙමයි.. දැන දැන දරාගෙන ඉන්නවා..:yes:

    :baffled: හා ඔතනම හිටපන් කඹුර කඹුර.... !! :dull:
     

    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    මචන් දැන් අවුරුදු 3+ වැඩ කරනව, Multynational Company එකක්, එකෙක්ටවත් කිසිම ඉන්ක්‍රිමන්ට් එකක්, ප්‍රොමොශන් එකක් නෑ, අපිත් මේකෙ කියල තියන විදිහට ගොඩාක් කල් අවන්කවම වැඩ කලා, දෙන්නෙක් අයින් උනා අවුරුද්දකට කලින් , උන්ගෙ වැඩත් කවර් කරනව, OT නෑ , අපි අහපු වෙලවට මැනෙජ්මන්ට් එක කියන්නෙ ප්‍රොෆිට් නෑ , කොම්පැනියට උදවුවක් විදියට අමතර වැඩ කරන්න කියල, හැම මාසෙම ඩොලර් 50,000ක් 130000 අතර ලාබෙ විතරක් එනව, දැන් අපි අපෙ පුද්ගලික දෙවල් අපි මේකෙන් කරගන්නව,
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    රත්තරන් උපදෙස් ටිකක්...

    රත්තරන් උපදෙස් ටිකක්...රත්තරන් උපදෙස් ටිකක්...
    කම්පැනියක රස්සාවක් කරල ඉහලට යන්න ඕනි අයට මගේ අත්දකීම් අනුව පොඩි ඇඩ්වයිස් පාරක් දෙන්න තමා මේ නූල දාන්නෙ. (මම දැන් අවුරුදු 17 ක් කම්පැනි හයක වැඩ කරල තියෙනව ) බිසිනොස් වැඩ ගැන නම් කියන්න දන්නෙ නෑ එව්වට රත්තරං නානා දාලා තියෙන නූල් බලන්න කියල තමයි කියන්න තියෙන්න. දැන වෙලදං නොදැන ගොවිතැං වගේ හැමෝටම බිසිනොස් බෑනේ. ඔෆිස් එකක වැඩ කරල ඉහලට යන්න ඕනි කියල හිතන අයට මේක වැදගත් වෙයි කියල හිතනව.නොදන්න දෙයක්, අදහසක් උදහසක් තියේනම් ඉදිරිපත් කරන්න. අපි කතා කරමු. මුල ඉදන්ම කියල දෙන්න තමා හදන්නේ.

    අපි මුලින්ම බලමු කොහොමද වැඩ කරන්න සුදුසු තැනක් තෝරාගන්නේ කියල. මොකක් හරි මූලික සුදුසු කමක් (උපාධියක්, ඩිප්ලෝමාවක් මොකක් හරි දාගත්තට පස්සේ අපි බලන්නේ ජොබ් කට්ටක් සෙට් කරගන්නනෙ. මේ කියන්නේ පුහුනු කාලය නොවේ. රස්සාව.

    පුලුවන් තරම් තමන්ට අත්දැකීම් ලබාගන්න පුලුවන් තැනක් හොයා ගන්න. කොයිම වෙලාවකවත් සල්ලි පස්සෙ දුවන්න හදන්න එපා. අනික පුලුවන් තරම් පුද්ගලික අංශය තෝරා ගන්න. ලංකාවේ රාජ්ය ආයතන වල එහෙම අත්දැකීම් ලබාගන්න පුලුවන් තැන් අඩුයි. පොඩි පඩියකට මරෝ මරෝ වැඩගන්න තැන් තියෙනව නේද? අන්න එව්වා අයිඩියල්. අලුතෙන් පටන් ගත්ත, ප්රගතියක් පෙන්නන, තරුණ සේවක මණ්ඩලාක් ඉන්න තැනක් තමා හොද. මුදලාලි ටයිප් නැති, යමක් ඉගෙන ගත්ත බොස් කෙනෙක් ඉන්න තැන් තවත් හොදයි. පොඩි පොඩි වැඩ නැතුව අම්බානක රෙස්පොන්සිබිලිටි දෙන තැනක් හොයාගත්තනම් ගොඩ. පවුල්ගස් තියෙන තැන් වලට නම් යන්න කියල අනුමත කරන්න බෑ. ඒවගේ ප්ලේස් වල ඉන්නවා කිසි උගත් කමක් නැති අත්දැකීම් වලින් ගේම් ගහන් උන්,උන් කැමති නෑ තම්ගෙ පවුල් ව්යාපාරයේ ඇතුලට පිටස්තරයො රිංගනවට. ගුරු මුශ්ඨිය තියාගෙන තමා හැම දෙයක්ම දෙන්නේ.
    මේ වගේ තැනක හෝ තැන් කීපයක අවුරුදු 3ක් වගේ එක්ස්පීරියන්ස් ගත්තට පස්සෙ පොඩ්ඩක් සල්ලිබාගේ වැඩිපුර ලැබෙන තැනක් හොයාගන්න පුලුවන්. ක්සිම වෙලාවක ඉහල යන්න පැහැදිලි මාර්ගයක් නැති තනක පල් වෙන්න එපා. තේරුමක් නෑ. හම වෙලාවෙම අමටහරව යමක් ඉගෙන ගන්න පුලුවන් තැනක් හොයාගන්න, ඒ කියන්නෙ වෙන ඩිග්රියක්, ඩිප්ලෝමාවක් කරන්න පුලුවන් තැනක්. සමහර කම්පැනි ස්පොන්සර් කරනවා. එතකොට සුදුසුකමින් පස්සෙ එතන නියමිත කාලයක් වැඩකරන්න කමිට් කරන්නනම් වෙනවා. තමන් අතේ එකතුවෙන සල්ලි වලින් ඉගෙන ගන්න බලන්න. එහෙම නැත්නම් ඔෆිස් ස්පොන්සර්ශිප් එක්කට යන්න. ලෝන් එකක් ගහල ඉග්නේ ගත්තත් කමක් නෑ කියල තමයි මට හිතෙන්නෙ.

    එක දෙයක් මතක ටිහ්යා ගන්න. අමතරව සුදුසුකම් හදාගන්න එව්වා පුලුවන්තරම් ඔෆිස් එකට දන්වන්නේ නැතුව තියාගන්න. ඉරිසියාකාරයෝ කියන ජාතිය ඔෆිස් අස්සේ පිරිලා ඉන්නෙ, ඒ මලයක්කු හැදෙන්න දෙන්නෙ නෑ වෙන එකෙක්ට. පුලුවන් තරම් හොරෙන් කරන්න. සර්ටිෆිකේට් එක ගත්තට පස්සෙ කිඅයන්න. මෙහෙම ඉගෙන ගන්න ඒවට සැලකීමක් නෑ වගේ නම් වෙන තැනක් බැලුවට කමක් නෑ. සාමාන්යයෙන් එක කම්පැණි එකක අඩුම අවුරුද්දක් වත් ඉන්න බලන්න. අවුරුද්දට අඩු සර්විස් ලෙටර්ස් එච්චර වැලිඩ් නෑ.

    තව අමතර දෙයක්. ඔෆිස් වලදි සෙට් වෙන යාලුවො ගොඩාක්ම විශ්වාස කරන්න එපා. කලාතුරකින් හම්බ වෙන හොදම යාලුවෙක් ඇරෙන්න අනික් අය ගොඩක් වෙලාවට තාවකාලික මිතුරන්.

    කම්පැනියක වැඩ කරල ගොඩ යන්න ඕනිනම් නිතරම නව දැනුම පසුපස හඹා යන්නම ඕනි. ඉගෙනීමට අමතරව තමන්ගේ ක්ශෙත්රයේ නව දැනුම එක්කාසු කරගන්නම ඕනි. කම්පැනියට නැතුවම බැරි පුද්ගලයෙක් වෙන්න.
    කම්පැනියක ඉන්නකොට නිතරම ඇපොයින්මන්ට් ලෙටර් එකක් ගන්න. ඇපොයින්ට්මන්ට් ලෙටර් එකක් දෙන්න හොරයි කියන්නෙ පොඩි කොස්සක් තියෙනවා. එහෙම තැනක වැඩකරලා අසාදාරන විදියට අයින් කලොත් තමන්ගෙ හිමිකම් ගන්න කම්කරු උසාවි වගේ යද්දි පොඩි පොඩි ගැටලු එනවා. එහෙම නැත්නම් නිසියාකාර පඩි පතක් එහෙම නැත්නම් සැලරි ස්ලිප් එකක් ලබාගන්න. එව්වා මුකුත් නැතුව අතට කීයක් හරි දෙන තැන් වලනම් වැඩට යන්නම එපා.
    කම්පැනියක මෙන්න මේ දේවල් කලයුතු නොකලයුතු ලැයිස්තුවට දාන්න පුලුවන්. මෙව්වා මගේ අත්දැකීම් අනුව; නැවතත් කියන්න ඕනි.

    කලයුතු දෙවල්;

    • ආයතන සංග්රහය හා ආයතනය සමග ඇති ගිවිසුම මැනවින් අවබෝධ කරගෙන ඒ අනුව වැඩ කරන්න. නියමිත වෙලාවට වැඩට යන්න එන්න. අනවශ්ය පරිදි තේ ආහාර ගැනීම් සදහා කාලය වැය කරන්න එපා.
    • තම්න්ගෙන් බලාපොරොත්තු වෙනවට වඩා යමක් ආයතනයට දෙන්න වගබලා ගන්න.
    • කලනොහැකි දේ කල නොහැකි බව පවසන්න මැලිවන්න එපා. ඒ සදහා අදාල පරිදි අංශ ප්රදානියාගෙන් හෝ ඊට ඉහල මට්ටමේ අයගෙන් හෝ උපදෙස් ලබාගන්න.
    • පිලිවෙට අදින්න පලදින්න.
    • සැම සමග සුහදව වැඩකරන්න. ගැටුම් ඇතිකරගන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වන්න.
    • අවශ්යතාවකදී නියමිත වේලාවෙන් පිටත කාලයේ වැස්ඩ කරන්න. ඕවර්ටයිම් වැඩකිරීම පුරුද්දක් කර නොගන්න.
    • හැකි සෑම විටම ආයතනය සංවිදානය කරන බාහිර වැඩ වලට සහභාගි වන්න. ආයතනය පිලිබදව මනා වැටහීමක් ලබාගන්න උපකාරී වේවි.

    නොකලයුතු දේවල්.

    • ආයතනයේ වත්කම් කිසිවිටෙක තම පුද්ගලික පරිහරණයට යොදානොගන්න. අල්පෙනිත්තක දෙයක් වත්.
    • ආයතනයේ නීති සංග්රහයට ඇතුලත් නොවුනත් සදාචාරයට මුල්තැන දී වැඩ කරන්න.
    • ආයතනයේ බුද්ධිමය දේපල පුද්ගලික වාසි ලබාගන්න භාවිතා කරන්න එපා.
    • තමන් වැඩ කරන ආයතනය තුල අනියම් සම්බන්දතා ගොඩනගා ගන්න එපා. (Don't work where you F**k, don't F**k where you work) පෙම්වතෙක්/පෙම්වතියක් සිටීනම් එය ප්රධානියාට දැනුම් දෙන්න. බොහෝ ආයතන තුල සහකරුවා/සහකාරිය එකට වැඩ කරන අවස්තාවල ඒ සදහා යම් යක් ක්රියා පටිපාටියන් තිබෙනවා.
    • රැකියාව ජීවිතය කර ගන්න එපා. ජීවත් වෙන්න රස්සාවක් කරනව මිසක, රස්සාව කරන්න ජීවත් වෙන්න එපා.
    • ආයතනය තුල හෝ ඒ අවට දුම් පානය කරන්න එපා. දුම්පානය කරන්නන් පිලිබදව අපේ සමාජයේ ඇත්තේ අයහපත් ආකල්පයක්. ඒ වගේම වායු සමීකරණය කල අවකාශයන් තුල දුම් නොබීවත් කටින් එන සිගරැට් ගද අප්රසන්නයි.
    • තම පුද්ගලික ජීවිතය මුල් තැන කියල නිතරම කල්පනා කරන්න. ඔෆිස් එකේ ප්රශන ගෙදර උස්සන් යන්න එපා.

    රස්සාවට ගිය ගමන් පරස්තාවක් හොයන්න එපා. තමන්ගෙ ස්තාවරත්වයට මුල් තැන දෙන්න.

    මේ ඇති දැනට. තව කරුනු ඉඩ ලැබෙන වෙලාවට කොටන්නම්. මේ නූලෙන් යමක් ඉගෙන ගන්න තියෙනම් අහන්න. යමක් ඉගෙන ගත්තනම් බම්ප් එකක් දාල යන්න. ස්තූතියි!


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සේරම හොඳයි බන් ඔෆිස් වල ඉන්න උන් තමයි අවුල

    චිත්ත

    වෙන වෙන සික් ඩයල්
    අමුතු ලෝකාවක්

    මොංගල් කෙල්ලො
    මෙලෝ වැඩක් නැති එවුන්

    :angry::angry: එවුන්



    සමහර වෙලාවට එපා වෙනවා