මට තියෙන්නෙ වෙනම සීන් එකක්. අලුතින් සෙට් වුන ජොබ් එකේ කපන යටින් ගේම් දෙන වගේ ඒවනම් සෙට් වුනේ නෑ. මම එතෙන්ට ගත්තේ කලින් එතන වැඩ කරපු පොර ස්ට්‍රෙස් කියලා වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලලා තියෙනවා. ඌ වෙනුවට තමයි මම ගත්තේ. දැන් මාස හතරක් වගේ වෙනවා. තාම ෆුල් ඩියුටීස් මට මෑන් දුන්නේ නෑ. එතන පිටින් හයර් කරන ලේබර්ස් ලා ට්‍රාන්ස්පෝට් සර්විස් වල පේමන්ට්ස් බලන්න මිනිහා දෙන්නේ නෑ. ඒවත් මට තියෙන ඩියුටීස් තමයි. මං කොහොමහරි හොයාගත්තා මිනිහා හෙන ගානක් එතනින් අදිනවා කියලා. මිනිහා තාම යන්න කිසිම උවමනාවකින් නෙවෙයි ඉන්නේ. මිනිහා මැනේජ්මන්ට් එකත් එක්ක වලිත් දාගෙන දාගෙන තමයි වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලලා තියෙන්නේ.

මෑන් හිතලා නෑ ඌ වෙනුවට වෙන කෙනෙක් ගනී කියලා.


හැබැයි මිනිහා මාව තාම කපන්නෙනම් නෑ. ඔන්න ඔය වගේ ඩයල් තමයි අපිට සෙට් වෙන්නේ.