ඕනම වෙබ් අඩවියක පරණ පිටු බලමු....



++++
ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)
දන්නවද වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැන? මෙහදී අපට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙස google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. අපට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි.
පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.
පහත රූපයේ ඇත්තේ lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්රතිඵලයයි.
එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.
එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.
පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.
yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.
මෙලෙස අප කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.



++++




welcome machoo.
