ඕනෑම වෙබ් පිටුවක අතීතය බලමුද
හොරෙන් බලන්නේ නැතිව එන්න බලන්න.
වැදගත් දේවල් හොයන කට්ටිය වෙනුවෙන්මයි ගෙනාවේ.
කලින් පෝස්ට් වෙලා තිබුන එකක්ද කියලා නම් දන්නේ නැහැ. එහෙම නම් ඉතිං මුලින්ම සොරි කියලා ඉන්නම්.
මෙන්න මේකයි කතන්දරේ. අපි දන්නවනේ වෙබ් පිටු ගැන. උදාහරණයක් ගනිමු. එලකිරිය. ඉතිං ගොඩක් දෙනෙක් දන්නේ අද තියෙන තත්වේ විතරනේ. එදා ආරම්භයේ මොන වගේද මේක තිබුනේ කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අපි අද වැඩ කලාට, මේ වෙබ් පිටු තිබුනේ මොන විදියටද, කාලෙත් එක්ක වෙනස් උනේ කොහොමද කියලා බලන්න ක්‍රමයක් තමයි මේ කියලා දෙන්න යන්නේ.
වෙබ් එකේ නිකන් ආතක් පාතක් නැතිව යද්දී තමයි මේ වෙබ් එක හම්බ උනේ. ටිකක් වෙබ් ගැන මම හෙවුවා. අපේ ගොඩක් දෙනෙක් කැමති වේවි එයාලටත් මේ අත්දැකීම විඳගන්න පුළුවන් උනොතින්.
මුලින්ම මේ වෙබ් සයිට් එකට යන්න.
http://archive.org/web/
මේ තියෙන්නේ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක්. මෙතන http:// කියන තැන ඔයාලට හොයන්න ඕන වෙබ් ලිපිනය දෙන්න. පහල පින්තුරෙන් බලන්න.
රතු පාට ඊ තලයකින් පෙන්වල තියෙන්නේ. අන්න එතැන. ඕනෑම වෙබ් ලිපිනයක් දෙන්න. දැන් BROWSE HISTORY ක්ලික් කරන්න.
පහල විදියට පේජ් එකක් ලෝඩ් වෙයි.
මෙතන මේ රතු පාටින් රවුම් කරලා පෙන්වල තියෙන්නේ කවද ඉඳල කවද වෙනකන්ද මේ SAVE උනේ කියලා. එයාට අමතරව පහලින් 1996 ඉඳල 2014 වෙනකන් පෙන්වනවා. එළකිරි එක මුලින් SAVE වෙලා තියෙන්නේ 2004. ඉතිං ඉස්සෙල්ලම 2014 අවුරුද්දේ පහල පෙන්වන කැලැන්ඩර් එකේ highlight වෙච්ච දවසක් තෝරන්න.
මේ පහල තියෙන්නේ 2014 ජනවාරි 2 එළකිරි එක තිබුනේ කොහොමද කියලා.
මෙතන කහ පාට කොටුවක් දාල තියෙන තැන දිහා බලන්න. එතෙන්ට මවුස් එක ගෙනාවම පෙන්වනවා නේද මවුස් එක අතක් වගේ. එතෙන්ට ගිහින් ඔයාල කැමති තැනක ක්ලික් කරලා ඒ කාල වකවානුවේ තිබුනේ කොහොමද කියල බලන්න පුළුවන්. එක උඩට මවුස් එක ගෙනාවම දකුණු පැත්තෙන් පෙන්වනවා අවුරුද්දයි මාසයයි දිනයයි.
මේ තියෙන්නේ 2006 අප්‍රේල් 22 එළකිරි වෙබ් එක තිබුන හැටි.
මේ විදියට ඕනම වෙබ් එකක් ඔයාලට බලන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඒ දවස වල හිටපු කට්ටිය උනත් දකින්න පුළුවන් වෙයි. ඔයාල දාපු පෝස්ට්. ඊට වැඩ ගොඩක් වැදගත් දෙයක් මේවයින් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි ඕනෑම කෙනෙක් එක පාරට ඉහලට යන්නේ නැහැ. පොඩ්ඩ පොඩ්ඩ වැරදි වේවි නිවැරදි වේවි, වැරදි හදාගෙන තමයි ඉහලට යන්නේ. මුලින්ම එළකිරි එක තිබුන හැටි දැකල අද තියෙන තැන දැක්කම මට කියාගන්න බැරි සතුටක් ආවා.
ඒ තමයි අපෙන් කට්ටිය ගියත් අලුතින් කට්ටිය එනවා. ඒ සේරම එකතු වේවි ඉන්න නිසා තමයි අද අපිටම කියලා අපේ දෙයක් තියෙන්නේ. ඒ වගේම Administratorගේ චිත්ත ශක්තිය. ඒ සේරටම ගොඩක් ස්තුතියි.
ඔයාල මේ වෙබ් එකට ගිහින් බලන්න. නොදන්නා කට්ටිය ටිකක් උත්සහ කරලා බලන්න. වෙන වෙබ් ලිපින ගහල බලන්න. නරක ඒවාට නම් යන එක හොඳ මදි.
නොදන්නා කට්ටියට බලන්න බම්ප් කරගෙන යන්න.
ප.ලි. : To: Mr. GRTZ - අපි හැමෝගෙම වෙබ් එකක් නිසයි එලකිරිය උදාහරණෙට ගත්තේ. අපහසුතාවයක් උනානම් සමාව තමයි ඉතිං.

නොදන්නා කට්ටියට බලන්න බම්ප් කරගෙන යන්න. ප.ලි. : To: Mr. GRTZ - අපි හැමෝගෙම වෙබ් එකක් නිසයි එලකිරිය උදාහරණෙට ගත්තේ. අපහසුතාවයක් උනානම් සමාව තමයි ඉතිං.