ඕනෙම ගැහැණියකගේ කටු සටහන
ඕනෙම ගැහැණියකගේ කටු සටහන
පිරිමි ගැහැණු කියලා භේදයක් නෑ, ලිංගේ කොයික වුණත් ඔය හැම එකාම මේ ලෝකෙට එන්නේ ගැහැණියෙක්ගේ කකුල් දෙක මැද්දෙන්. උත්තම පුරුෂයෝ, මධ්‍යම පුරුෂයෝ, චූල පුරුෂයෝ, මහා පුරුෂයෝ, කොයි ජාතියේ පංචස්කන්ධ වුණත් වැදෑමහ කඩාගෙන ගෑණියෙක්ගේ මවු කිරි බීලා මේ ලෝකේ එළිය දකින්නේ.
ගැහැණු දැරිවියෙක් ස්වාභවයෙන්ම පුරුෂයෙක්ට වඩා සියුමැලියි. ඒත් දරුවෙක් වදන්න තරම් මහා ශක්තියක් ඒ වේදනාව උහුලන්න තරම් ශක්තියක් ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා. මාතෘ ගුණය එළියට එන්නේ තමන්ගේ ලෙයින් බිහි වෙච්ච කිරි සප්පයෙක් වෙනුවෙන් විතරක් නෙවෙයි. ආදරණීය පුරුෂයා වෙනුවෙන්, පාරේ දකින බැඳීමක් නැති කෙනෙක් වෙනුවෙන්, ඕනේම කෙනෙක් වෙනුවෙන් මාතෘ සෙනෙහස අවදි වෙන්න පුලුවන්.
ආදරය කියන්නෙ විශ්වීය භාෂාවක්. මහා මෛත්‍රියත් එක්ක එක ලඟින්ම යන උත්තරීතර හැඟීමක්. තමන්ගේ කියලා වැට මායිම් ගහන්නේ නැතුව ආදරේ දෙන්න බහුතරයක් ගෑණුන්ට පුලුවන්. දූවිල්ලෙන්, සිගරට් දුමෙන් පිරුණු වර්තමාන කටුක සමාජය තුල බස් එකකට දරුවෙක් වඩාගෙන ගෑණියෙක් නැග්ගාම මුලින්ම අසුනක් දෙන්න ඉදිරිපත් වෙන්නේ ගැහැණියෙක්. දරුවෙක් වදලා නැති වුණත් ඒ උරුමකම, ජාන සැකැස්ම, පරම්පරා ගාණක ඉඳන් පැවත එන චිත්ත පරම්පරාව, ගෑණු කම ඉස්සරහට එනවා.
හිතක් පපුවක් නැතු සමහර චූල පුරුෂයින්ට පණ ඇරලා ඉන්න ගෑණු ඕනේ තරම්. වට පිටාව බැලුවොත් ඔය වගේ සජීවි උදාහරණ ඕනේ තරම් හොයා ගන්න පුලුවන්. පුරුෂයා කෑවද බිවුවද කියලා හොයලා නොබැලුවත්, හිත යට නිදා ගෙන ඉන්න මාතෘ දෙවඟනට ඒ පුරුෂයා ගැන හොයලා නොබලා ඉන්න බෑ. පුංචි තුවාලයක් ඇති ඇස් දෙකට කඳුලු පුරවන්න. ඒ ආදරය එක්ක එකට මුහු වෙන මාතෘ ගුණය. නූතන කුරුවල් වුණු, ජොර්ජියෝ අර්මානි සුවඳ වල් හොයන පුරුෂයින්ට ඔය සමන්පිච්ච මල් සුවඳවල් දැනෙන්නේ නෑ..
ඕනේම ගෑණු ළමයෙක් පරිපූර්ණ ගෑණුකම විඳින්න, තේරෙන භාෂාවෙන් කියනවනම් අම්මා කෙනෙක් වෙන්න කැමතියි. නූතම අධිවේගි මාර්ග, මැක්ඩොනල්ඩ්, ෆේස්බුක් උප සංස්කෘතිය තුල වුණත් මූලික ගෑණු චින්තන වපසරිය වෙනස් වෙන්නේ නෑ. ඒ උරුමය අම්පාර, මැදවච්චියේ ඉන්න දයාවතීටත් එකයි, බුලර්ස් රෝඩ් එකේ ඉන්න අමන්දාටත් එකයි, මෑන්හැටන් වල ඉන්න වෙරෝනිකාටත් එකයි, රියාද් වල ඉන්න සබ්රිනාටත් එකයි. ගෑණුන්ගේ මාතෘ ගුණයත් එක්ක එකට කැටි වෙන ගුණාංග, හැඟීම් පොකුරක් තියෙනවා. ඒවා එකින් එක පැහැදිලිව නිශ්චය කරන්න අමාරුයි. ජීවිතේ නොසිතූ වෙලාවල් වල, නොසිතූ ස්වරූප වලින්, අඩි උස සපත්තු දාලා ඩෙනිමක් ඇඳලා කොණ්ඩේ පාට කරලා පිටේ පච්චයක් ගහන් ඉන්න ගෑණු දැරිවියෙක්ගේ වුණත් ගර්භාෂ සෛල ක්‍රියා කරන්න පටන් ගන්නවා.
ආදරණීය පුරුෂයා එහා පැත්තේ නිදාගෙන ඉන්නකොට හෙමින් සීරුවේ කොට කෙස් අස්සෙන් ඇඟිලි යවලා අත ගාලා නලළට උණුහුමෙන් තොල් පෙති තියන්න හිතෙන්නේ ඒකයි. ඒ සතුට හරියට සැපෙන් නිදාගෙන ඉන්න දරු පැටියෙක් දිහා බලන් ඉන්නවා වගේ. කොණ්ඩේ අතගාන ඇඟිලි වල කෙළවරින් එළියට විහිදෙන්නේ අප්‍රමාණ මහා මෛත්‍රිය., ආදරය. සැපට නිදාගෙන ඉන්න පුරුෂයගේ පා ඇඟිලි වලට ආදරෙන් ඔලුව තියාගෙන ඉන්න හිතෙන්නේ හරියට අම්මා කෙනෙක් අලුත් උපන් දරු පැටියගේ කකුල් දෙක අරගෙන මූණ උඩින් තියාන ඉන්නවා වගේ පහන් හැඟීමෙන්.
ඕනෙම පුරුෂයෙක් කැමතියි ගෑණියෙක්ගේ පපුව උඩ උණුහුමට සැපට ඔලුව තියන් ඉන්න. ඔලුව තියන් ඉන්න කිවුවට දඟ වැඩ නොවෙනවම නෙවෙයිනේ. පොඩි එකෙක් වගේ හුරතල් වෙන පුරුෂයා දැක්කාම ඇතිවෙන හැඟීම විස්තර කරන්න අමාරුයි. ගැහැණියෙක්ගේ හිතේ ඔය වෙලාවට අනුරාගය විතරක් නෙවෙයි මාතෘ හැඟීමකුත් ඇති වෙනවා. 'අනේ මගේ වස්තුව..' කියලා හිතෙන්නේ කකුල් දෙක මැද්දෙන් එන ආශාවට විතරක් නෙවෙයි.
ආදරණීය පුරුෂයා කෑම කනකොටත් එහෙමයි. සතුටෙන් කෑම කනවා දැක්කාම තමන්ගේ බඩ ගින්න අමතක වෙනවා. ආසියාවේ ගෑණු එහෙමයි. හිතේ තියෙන මාතෘ ගුණය එහෙමයි. අපිරිමිතයි.
ස්වභාවධර්මයාගේ නීතිය අනුව නම්, ස්ත්‍රී වර්ගයා ඉන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන්න. ජෛවීය සැකැස්ම එහෙමයි. ගැහැණිය මේ ජෛවීය සැකැස්මට අනුව ස්වභාවයෙන්ම දාරක ප්‍රේමය, මාතෘ ස්නේහය, පුරුෂයාට සුව පහසුව සැලසීම වගේ උත්තරීතර පරාර්ථකාමි සිතුවිලි සමුදායක් දරා ගන්නවා.
සමාජයේ ඇහට අහු වෙන්නේ නැති මකුළු දැල් වගේ විශ්මිත් බැඳීම් පවතින්නේ ගැහැණියගේ මාතෘ ගුණය නිසයි. ඕනේම ගැහැණියෙක්ගේ කටු සටහන ඕකයි!
vajiradevi බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී