මැරෙන්න_කලින්_කියවන්න

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මැරෙන්න_කලින්_කියවන්න

    -මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? ළඟම හිටපු යාළුවෝ මෙනවද කළේ..? – මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව-

    GX7qS7r.jpg

    අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ.අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ දෙයක් දකින්නනම් නෙවෙයි.

    මේ විදිහට අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොත පුරාම වේදනාවෙන් කෑගසන හඬාවැලපෙන දසුන් නිශාන්ගේ සිද්ධිය නිසයි.මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතුකරගන්න පුළුවන් ලිපියක්.

    ඒ නිසාම වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි මේ විදිහට එම සටහන තබන්න හිතුවා.

    -------------------------

    පහුගිය කාලෙ සෑහෙන්න මැරුණනෙ. එල්ලිලා මැරුණා, කෝච්චියට බෙල්ල තියල මැරුණා, කැම්පස් එකේ තරුණියක් මැරුණා.දැන් රංගන ශිල්පියෙක් මැරිලා ඉන්නවා.ඉතින් කට්ටිය ලොකුවට බරටම දුක් වෙනව. වැලපෙනව අඬනව. කවි හදනව, කොඩි දානව, Photos දානව. පෝස්ට් දානව.. එකම සිද්ධිය. මේ මනුස්සය මැරෙන්න හිතල තියෙන්නෙ තරුණියක් නිසා. ඇත්ත කතාව ඒකනෙ.

    ගැහැණියක් කසාද බැඳල ඉද්දි තව කෙනෙක් එක්ක යන්න ඕන වෙලා පස්සෙ ඔහොම සිය දිවි නසා ගත්ත කියල තමයි හැමතැනම කියවෙන්නේ.පොලිස් මරණ පරීක්ෂණ වාර්තාවෙත් ඒ විදිහට සඳහන් වෙනවා.

    හරි ඒක බොරුවක් කියලා හිතමු. දැන් අපේ කට්ටියගෙ අලුත්ම Trend එක තමයි මරුණ කෙනාට බොක්කෙන්ම කඳුලු සලන එක. නිවන් සුව අත්වේවා කියල අඬනවා. අපිත් එක්ක හිටපු එල කොල්ලෙක් කියනව. සුපිරි චරිතයක් කියනව.. හැබැයි ඉන්නකන් දසුන් ගැන ජීවිතේට මතක් වුණේ නෑ. දසුන්ගේ ප්‍රශ්ණයක් ගැන හොයන්න එකෙක් හිටියෙත් නෑ.දසුන්ට පණ දෙනවා කියා ගන්න එකෙක් හරි හිටිය නම් ඔහුට පිටට තට්ටුවක් දාල කියන්න තිබුන “පිස්සුද මචං.. ඔය ගෑණු අපිට වැඩක් නෑ. අපි එකට කාල බීල හිටපු උන් එක පංති‍යේ එක පුටුවෙ එක ඩෙස් එකේ…. එකට බත් මුල කාපු එකාල අපි. පිස්සු කෙලින්න එපා මචං.

    මෙහෙම හිත හදන්න එක කොල්ලෙක් දසුන්ට හිටිය නම් අද මේ අවාසනාවන්ත ඉරණම දසුන්ට අත්වෙන්නේ නෑ.ජීවත් වෙලා ඉන්න කාලෙ කවුරුත්ම දසුන්ට බොක්ක දීල නෑ. හැබැයි මැරුණට පස්සෙ අම්මෝ ඉන්න යාලුවො ටික.එකට හිටිපු උන්ලු. එකට ක්ලාස් ගියාලු. එකට කැරම් ගැහුවලු. පාරෙ හම්බුනාම කතා කරල යනවලු. සුපිරි චරිතයක්ලු. හැබැයි දසුන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එකෙක් ඉඳල නෑ. කියන්න තියෙන්නෙ පව් අහිංසක ජීවිතයක් නැති වුණා. කවුරුත් දසුන්ට හිටියෙ නෑ ඕක කරන්න එපා කියන්න. ප්‍රශ්ණයක් කියන්න කෙනෙක් ඉඳලත් නෑ.

    හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනව කොල්ලනේ කෙල්ලනේ. කිසිම ප්‍රශ්නෙකදි උත්තර හොයන්න එපා ජීවිතේ නැති කරගෙන. Depression !! මේක ලෙඩක්ලු.. පුදුම ලෙඩක්.. මානසික පිස්සෙක් කියන එක ඊට වඩා හොඳයි කියල තමයි කියන්නෙ. ඔය එක මානසික පිස්සුවක් වත් එන්නෙ නෑ හරිහමන් ඔය බොක්ක දෙන්න කියාගෙන ඉන්න යාලුවො එකෙක් හරි හිටිය නම්…හරි අපි හිතමු මැරෙන්නම ඕන කියල. ඇත්තටම මැරෙන්නම අවශ්‍යයි නම් මොනවද කරන්න ඕන? මම කියන්නම් කරන්න ඕන දේවල්..

    පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න. තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්. අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.

    දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත. දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.

    සමහර විට උඹට ලොකු සතුටක් දැනෙයි. මැරෙන්න හිටපු එකාට තව මේ වගේ සතුටු වෙන්න අවස්ථා හම්බෙයි කියල ජීවත් වෙන්න හිතෙන්නත් පුළුවන්. මහණ වෙන්න හිතෙන්නත් පුළුවන්. දැක්කද පවට පින පල දීල වාසනාව උදා වෙන විදිය. ඒ නැතත් මැරෙන්නම ඕන නම් මැරිල යන්න අර කරපු පිං ටික හිතේ තියාගෙන. එතකොට තමන්ට මල පෙරේත ආත්මයක් නැතුව අඩුම ගානෙ ටිකක් හොඳ උප්පත්තියක්වත් ලැබෙයි මේ කරගත්තු පිං බලෙන්..

    ඇත්තටම දසුන් සහ මැරුණු අනික් අය මේ වෙද්දි කොහේ ඇත්ද?දසුන් විතරක් නෙමෙයි අර කලින් ඉඳන් මැරුනු හැමෝම මේ වෙද්දි නිරයෙ දුක් විඳිනව.එහෙම නැත්නම් පෙරේත ආත්මයක මලපෙරේතයෙක් වෙලා දුක් විඳිනව.පිරිමියෙක් ගැහැණියකගේ ආශාවෙන් මැරිලා යන්නේ.කෙලින්ම මරණින් පස්සෙ ඕපපාතිකව ඉපදෙන්නෙ අර ආසාවෙන් මැරිච්ච කෙනා ගාවමයි.ඒත් කරපු පව්කාර කමට ඒ කෙනාට ලං වෙන්නවත් බැරි වෙන්න පුළුවන්.. සමහර විට මේ මලපෙරේතය ජීවත් වෙන්නෙ අර තරුණියගේ ඇ‍ඟෙන් පිට වෙන දාඩිය උරා බීල.

    ඉතින් මේ විදියට අවුරුදු 100 ගාණක් එක එක ගැහැණුගාව ගාව ජීවත් වෙලා අවසානෙ ඒ ඉන්න කාලෙ කර ගත්තු පව් ගොඩට යන්නෙ නිරයට.නිරයෙ ගිහින් අපායෙ ගිනිදැල් වලින් පීඩා විඳිමින් ජීවත් වෙනව. කොල්ලනේ කෙල්ලනේ.. පේනව නේද මහා පාප කර්ම කර ගත්තම ඒ මිනිස්සුන්ට වෙන දේවල්?කිසිම විදියකට නිවන් යන්න බෑ. කවුරු මොන බෝඩ් ගැහුවත් නිවන් යන්නෙ නෑ. සමහරු කියයි බණ කියන්න ඕන නම් මහන වෙන්න කියලා.

    රිදෙයි ගොඩක් කට්ටියට. හැබැයි මේක තමයි ඇත්ත. මේ දේ තමයි ඇත්තටම වෙන්නෙ. උඹ දැකල තියේද අහයි. නෑ. හැබැයි මම බුදු බණ විශ්වාස කරනව.කෙලින්ම බුදුහාමුරුදුවො කියල තියෙනවනෙ සියදිවි හානි කර ගත්තොත් වෙන්නෙ මොකක්ද කියල.

    මේක කියවන ඔයා මැරෙන්න හිතන් ඉන්න කෙනෙක් නම්, කිසිම දවසක ඒ දේවල් කරන්න එපා.

    කරන්න වැඩ ඕන තරම් තියෙනව සතුටින් ඉන්න නම්.. මේ ලිපිය ලියන්න හිතුවෙ ඔයා මැරෙන්න ඉන්න කෙනෙක් නම් ඒකෙන් මුදව ගන්න.සමහරු නම් කියන්නෙ මැරෙන එකා මැරෙනවම ලු. නෑ මචං. උඹට වැරදිලා. මැරෙන්න ඉන්න එකාට පණ දෙන්න යාලුවෙක් හිටිය නම් ජීවිතේට එක පාරක් හරි, ඒ කෙනා තමන්ගේ යාළුවට මැරෙන්න දෙන්නෙ නෑ. එහෙම මැරෙන්න නොදී හිටපු උඹල උගෙ යාලුවො නෙමෙයි. ප්‍රශ්ණය අපේ නොවන තෙක් අපි දාර්ශනිකයි තමා.

    ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."

    “භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගෙ ජීවිතයෙන් බාගයක්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මත නේද?”“නැත ආනන්දය. ජීවිතයෙන් බාගයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මතයි”

    -------------------------

    Source
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    “ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."

    ඇත්ත බන් :yes::yes:

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    “ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."

    eththa.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න. තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්. අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.

    දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත. දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.

    oya tika nan patteta liyala thiyenawa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවදාහරි මැරෙන්න හිතුනොත් තමන්ගේ මළගෙදර තමන්ගේ අම්මයි තාත්තයි මිනිය බදාගෙන අඬන හැටි මවාගන්න :( මැරෙන්න හිතෙන එකක් නෑ. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියදිවි නසා ගැනීම කියන්නෙත් ආත්මාර්ථකාමීත්වයේ උච්චම අවස්තාව තමයි. අම්මා, තාත්තා සහ තමන්ට ආදරය කරන අනිත් ඔක්කොම අමතක කරලා තමන් ගැන විතරක් සිතීම.
    ඊට අමතරව මානසික රෝගී තත්වයන් නිසාත් මිනිස්සු සියදිවි නසා ගන්නවා. අපි අවට ඉන්න කෙනෙක්ට විශාදය වගේ තියනව නම් ඒ මින්ස්සුන්ව සුව කරන්න උදව් කරන එක අපෙත් යුතුකමක්. මොකද මනුස්ස ජීවිතයක්නේ.
     
    • Like
    Reactions: ehseres

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කවදාහරි මැරෙන්න හිතුනොත් තමන්ගේ මළගෙදර තමන්ගේ අම්මයි තාත්තයි මිනිය බදාගෙන අඬන හැටි මවාගන්න :( මැරෙන්න හිතෙන එකක් නෑ. :baffled:

    :( :sorry: :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න. තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්. අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.

    දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත. දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.

    oya tika nan patteta liyala thiyenawa

    oya tika karala ivara vena kota kohomath marila thiyevi:baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සියදිවි නසා ගැනීම කියන්නෙත් ආත්මාර්ථකාමීත්වයේ උච්චම අවස්තාව තමයි. අම්මා, තාත්තා සහ තමන්ට ආදරය කරන අනිත් ඔක්කොම අමතක කරලා තමන් ගැන විතරක් සිතීම.
    ඊට අමතරව මානසික රෝගී තත්වයන් නිසාත් මිනිස්සු සියදිවි නසා ගන්නවා. අපි අවට ඉන්න කෙනෙක්ට විශාදය වගේ තියනව නම් ඒ මින්ස්සුන්ව සුව කරන්න උදව් කරන එක අපෙත් යුතුකමක්. මොකද මනුස්ස ජීවිතයක්නේ.

    :yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Wake Up & live your self song by Bob Marley. I mention below few mind blowing quotes within this song that keep alive you.

    "Life is one big road with lots of signs
    So when you riding through the ruts
    Don't you complicate your mind"

    "Rise from your sleepless slumber!
    We're more than sand on the seashore
    We're more than numbers"

    "Rise ye mighty people - There's work to be done"

    • Like
    Reactions: ehseres

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    “ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා."

    ඇත්ත බන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න. තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්. අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.

    දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත. දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.

    oya tika nan patteta liyala thiyenawa

    :yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    “භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගෙ ජීවිතයෙන් බාගයක්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මත නේද?”“නැත ආනන්දය. ජීවිතයෙන් බාගයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මතයි”