ඕවර් තින්කිං

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඕවර් තින්කින් නවත්ත ගන්න මේ මොහොත ගැන විතරක් ෆෝකස් කරන්න කියල හැමෝම කිව්ව!!
    ඇත්තට ම සතුට තියෙන්නෙ අතීතයේ නේ ද?
    අපි සතුටු වෙන වාර ගණනින් වැඩි ප්‍රතිශතයක් මේ මොහොත එන්ජෝයි කරන එකට වඩා කරන්නෙ පරණ මතක ගැන මතක් කරලා සතුටු වෙන එක නෙ. ඒකට නෙ ෆොටෝ ගන්නෙ. ෆේස්බුක් වලින් උනත් ඒක ම නෙ මාකට් කරන්නෙ. ඒක නෙ මිනිස්සු ඒවට ඇඩික්ට් වෙන්නෙ.
    ඇත්තට ම බැලුවොත් අතීතය අමතක කරලා සතුටු වෙන්න පුළුවන් ද?

    ඔළු නරක් වෙන සුළු අය කියවන්න එපා බැහැර වෙන්න 😁😂
     
    • Like
    Reactions: B.Chat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපි ගතකරන මේ මොහොත තව ටිකකින් අතීතයට එකතු වෙනවා ඉතිං මේ මොහොත හරියට ගතකරන්න මේ මොහොතේ සතුටින් ඉන්න කියන එක හරි. ගතකරන හැම තප්පරයක්ම හොදින් ගත කරොත් ඒ තප්පර අතීතයට එකතුවෙච්ච තප්පරේ ඉදන් අපිට අතීතය මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙන හැටියට ඇත්තම කතාව ඕක නෙවෙයි. මිනිස්සු හැටියට අපි කැමතියි නිතරම නැතිවෙච්ච දේවල් පහුකරපු දේවල් හොදම දේවල් කියලා හිතන්න. හොදම උදාහරණය තමයි ඉස්කෝලේ යන කාලේ. කිසිම එකෙක් ආසාවෙන් උදේට නැගිටිලා ඉස්කෝලේ ගියා විබහග වලට මුණ දුන්නා කියලා මම හිතන්නේ නෑ. ඒත් බලපන් අපි කොච්චර ආසාවෙන් දැන් ඒ ගැන කතා කරනවද???? හැබැයි අපිට ඇත්තටම ආයෙත් ඉස්කෝලේ යන්න උනොත් අපි යයිද??