මේ ලැව් ගිණි ඉක්මනින් පාලනය කරන්න එක වේස බල්ලෙක් මොකුත්ම හදල නෑනෙ. හදපු එකාට නොබෙල් 100ක් විතර හම්බෙයි.
අව්ව, වැස්ස, නියඟය, ගංවතුර, අකුණු ගැසීම, සුළි සුළං වාගේ ලැව් ගිනි කියන්නෙත් ස්වාභාවික සංසිද්ධියක්. මේකට විසඳුමක් දෙන්න පුළුවන් කෙනෙක් නැහැ. පිටින් බලන අපට නොපෙනුනාට මේකෙන් පරිසරයේ සමතුලිතතාවය රැකෙනවා. ඉහල ශාක ඝනත්වයක් ඇති වී පහල ස්ථරයේ ශාක මැරී යාමත්, කැන්ගරුවන්ට වොලබින්ට ආහාර නැතිව මිය යාමත් සෑම ග්‍රීෂ්ම ඍතුවක දීම සිදුවෙනවා. අතීතයේදී ස්වදේශික ඇබොරජින් වරු කැලෑ ගිනිතැබීම බහුලව සිදු කළා. ගින්නෙන් දැවුණ ගස් නැවත ලියලීමේදී (ඔස්ට්‍රේලියාවට ආවේනික gum tree ලෙස හැඳින්වෙන ශාක වර්ග සියල්ලම ඉතාම කර්කශ දේශගුනුක තත්ත්ව වලට ඔරොත්තු දෙන, ඉතාම සෙමින් වැඩෙන, ගස් වර්ගයි. ලැව් ගින්නකින් පසු පිලිස්සී අඟුරු වී ගිය කඳන් වලින් දළු දැමීම සාමාන්‍ය දෙයක්) ඒවායින් කැන්ගරුවන් ට ආහාර ලැබීමත්, ඇබොරජින් වරුන්ට දඩයම් ලැබීමත් අතීතයේ මෙහි පරිසරයේ සමතුලිතතාවය රැකුන ක්‍රියාවලියයි. ලංකාවේ වල් අලි (සමාවෙන්න, වන අලි ) ප්‍රශ්නය වාගේ මේකත් මිනිස්සු කැලේට ගිය නිසා ඇතිවුන ප්‍රශ්නයක් මිසක් කැලේ මිනිසුන් අතරට ඇවිත් ඇති කල ප්‍රශ්නයක් නොවෙයි.