ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයෙ&

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන ශ්‍රී ලාංකිකයෙ&

    52991271_10157301092308678_5807372512400506880_n.jpg

    53681358_10157301092623678_7267937761301102592_n.jpg

    53524150_10157301093728678_5800789388392660992_n.jpg

    ඕස්ට්‍රේලියාවේ නැවුම් තණ බිම්වල සිටිනා දෙනුන්ගෙන් ලබාගත් යොදය සහිත කිරි පිටි" කිය කිය දැන්වීම් යන නිසා නිකමට හිතුනා ඔස්ට්‍රේලියාවේ තියෙන කිරි පිටි ගැන පින්තූරයක් දෙකක් දාන්න.

    ඔය පලවෙනි එක හොඳට බැලුවොත් පේනවා කිරි පිටි බ්‍රෑන්ඩ් 4යි තියෙන්නේ (එකම බ්‍රෑන්ඩ් එක යටතේ Full Cream, Skim Milk වගේ ජාති දෙක තුනක් තියෙනවා). අඩුම ජාතියේ කිලෝ 1ක් ඩොලර් 5.70 ක් වෙනවා. ඩොලර් 14 ක් වගේ උපරිම මිලක් වෙනකල් තියෙනවා (Anchor කිරි පිටි පැකට් එකක් පහුගිය අවුරුදු 10ටම දැක්කේ එකම එක පාරයි. ඒකත් කල් පැනපු එකක්. පින්තුරෙකුත් තිබ්බ ඒ කාලේ මයේ හිතේ).

    දෙවෙනි පින්තුරේ තියෙන්නේ දියර කිරි තියෙන ශීතකරණය. ඔව් ඔව් ඒ දොරවල් ඔක්කොම ඇරියම තියෙන්නේ දියර කිරි තමයි. සාමාන්‍යයෙන් ලීටර් 2 බෝතලයක් $2. ලීටර් 3 - $3. (තව පොඩ්ඩක් ගාන වැඩි ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා). තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය අපි ලංකාවේ දකින පැලවත්ත, කොත්මලේ වගේ UHT (Ultra-High Temperature processing) කිරි.

    බැලුවොත් මිනිස්සු ගෙනියන්නේ ඔය ශිතකරණේ තියෙන දියර කිරි තමයි. ඊට පස්සේ වැඩිපුරම ගන්නේ UHT කිරි. ඉඳල හිටලා කේක් හදන්න, පුඩිමක් හදන්න වගේ දේකට අරුනොත් මිස කවුරුවත් බොන්න කියලනම් කිරි පිටි ගෙනියන්නෙම නැති තරම්.

    ලංකාවේදි දියර කිරි ගන්න එක සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැරි විදියට ගාන වැඩි කරලා, පිටි කිරිම බලෙන් පොව්වනවා. මිනිස්සුන්ට හෙන ගැහිලා ගිහිල්ලා මොන ලෙඩේ හැදුනැත් කමක් නෑ, කැඳ බොන්නේ කැඳයෝ, පිටිකිරි බොන්නේ යෝදයෝ වගේ ලොකු කතා කියන කිරිපතිලගේ කනට දෙකක් ගහල මේක පෙන්නන්න කවුරුහරි ඉන්නවනම් ලොකු දෙයක්.

    FB1n gaththe. Ausi inna mahathmayekge post1k..
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල්....දවසක් posh වෙන්න දඟලන සුද්දියෙක් ගෙදරින් ගෙනල්ල වෙනස් කිරි බෝතලක් මෙන්න coffee එකට දාගෙන බිව්වා...වැඩිය දැකල පුරුදු නැති හින්ද මාත් ලංවෙලා බැලුව...පොල් කිරි බෝතලයක් බොලව්...මට බකස් ගාල හිනාවක් පැන්න...මෙකි අහපි මොකද පරයෝ හිනාවෙන්නේ කියල...මම මට නෙමෙයි වගේ මාරු උනා...
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    ලොල්....දවසක් posh වෙන්න දඟලන සුද්දියෙක් ගෙදරින් ගෙනල්ල වෙනස් කිරි බෝතලක් මෙන්න coffee එකට දාගෙන බිව්වා...වැඩිය දැකල පුරුදු නැති හින්ද මාත් ලංවෙලා බැලුව...පොල් කිරි බෝතලයක් බොලව්...මට බකස් ගාල හිනාවක් පැන්න...මෙකි අහපි මොකද පරයෝ හිනාවෙන්නේ කියල...මම මට නෙමෙයි වගේ මාරු උනා...
    ai yako coconut milk ekka coffee cafe wala ona tharam thiyenne. umba kalin dakala nadda
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ලොල්....දවසක් posh වෙන්න දඟලන සුද්දියෙක් ගෙදරින් ගෙනල්ල වෙනස් කිරි බෝතලක් මෙන්න coffee එකට දාගෙන බිව්වා...වැඩිය දැකල පුරුදු නැති හින්ද මාත් ලංවෙලා බැලුව...පොල් කිරි බෝතලයක් බොලව්...මට බකස් ගාල හිනාවක් පැන්න...මෙකි අහපි මොකද පරයෝ හිනාවෙන්නේ කියල...මම මට නෙමෙයි වගේ මාරු උනා...

    :lol: :lol:
    පොල් කිරි + coffee bonawa ban :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ai yako coconut milk ekka coffee cafe wala ona tharam thiyenne. umba kalin dakala nadda

    :lol: :lol:
    පොල් කිරි + coffee bonawa ban :yes:

    එක පාරක් බිව්වා...කටේ තියන්නේ කොහොමද බන්....පරිප්පු හොද්දෙත් තියෙන්නේ පොල් කිරි කියල ඒකිට මම දවසක් කිව්වා...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    ලොල්....දවසක් posh වෙන්න දඟලන සුද්දියෙක් ගෙදරින් ගෙනල්ල වෙනස් කිරි බෝතලක් මෙන්න coffee එකට දාගෙන බිව්වා...වැඩිය දැකල පුරුදු නැති හින්ද මාත් ලංවෙලා බැලුව...පොල් කිරි බෝතලයක් බොලව්...මට බකස් ගාල හිනාවක් පැන්න...මෙකි අහපි මොකද පරයෝ හිනාවෙන්නේ කියල...මම මට නෙමෙයි වගේ මාරු උනා...

    එක එකාගේ කෑමට බීමට හිනා වෙනන එපා බන්...අපිට අපුල උනාට උන්ට රහ ඇති....අපේ කරීස් කොච්චර රහ උනත් උන්ට ඒවා ගඳයිලුනේ,,,,ඒ වගේ තමා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක එකාගේ කෑමට බීමට හිනා වෙනන එපා බන්...අපිට අපුල උනාට උන්ට රහ ඇති....අපේ කරීස් කොච්චර රහ උනත් උන්ට ඒවා ගඳයිලුනේ,,,,ඒ වගේ තමා....

    ඔව් ඔබ හරි...මම අද ඉඳන් හැදෙනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර ඉඳලම කිරි බොන්නෙ නෑ. මුලින්ම වැඩේ නැවත්තුවෙ ගැස්ට්‍රයිටිස් තිබ්බ කාලෙ. බිව්වට පස්සෙ වැඩේ දෙල් වෙනව. :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ පරාජිත ඇමති තුමා කිව්වනේ කිරි පිටි වල ප්‍රශ්නයක් නෑ කියල. අපිට එතුමා විශ්වාසයි.