ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.
ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .
ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.