ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩිය

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඕස්ටේලියා තරඟය අතර පෙන්වූ LTTE කොඩිය

    "කොමන්වෙල්ත් බැංකු"කුසලාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ සත්කාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව සිඞ්නි ක්රීඩාංගණයේදී (17) පැවැති තරගයෙන් ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලූ 8 ක (ඩක්වත් ලූවිස් න්යායට අනුව) පහසු ජයක් ලැබීමට සමත් වූහ.

    මෙම තරඟයේ විශේෂත්වය වුයේ ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර එක්දින ලකුණු 10,000 සීමාව පසු කිරීමයි.සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන මින් පෙර එම ඉලක්කය සපුරා තිබෙන ක්රීඩකයන් වන අතර ශ්රී ලංකා පිලේ එක්දින ලකුණු 10,000 සීමාව පසුකල තුන්වන ක්රීඩකයා සංගක්කාර වේ.

    මෙම තරඟය අතරතුර එල්.ටි.ටි. හිතවාදියෙකු විසින් ශ්රී ලංකාව තරඟ වදින අවස්ථාවේදී එල්.ටි.ටි කොඩිය වනමින් සිටි අතර පසුව ඕස්ට්රේලියානු පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

    එම පුද්ගලයා එම කොඩිය පෙන්වමින් සිට ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ලෝලීන් පිරිසක් අසලට පැමිණීමෙන් පසුවයි

    souse sunday leader
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ මානසිකත්වයේ පෙළෙන එවුන් කොහෙත් ඉන්නවා බං...
    ඒවා ට ඉතින් අපි තේරුමක් නැතිව කලබල වෙන්න ඕන වෙන්නේ නෑ..
    උදාහරණයට.. මේ අඩවිය ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
    කොයි තරම් සාමාජිකයන් ඉන්නවා ද අන් ආගමිකයන්ට එක එක තේරුමක් නැතිව එක් එක් චෝදනා නගලා.. ඒ හැම දෙයකටම හඩක් නගන්න ගියා නම්..
    අපිට මේ ලොකේ ජිවත් වෙන්න විදියක් නැති වෙනවා සහෝදරයා...