ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

Jun 23, 2016
1,044
136
0
Maharagama
ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

අපි ශ්රී ලංකාවෙහි සෞඛ්ය සේවයෙහි නියුතු ජ්යෙෂ්ඨ වෛද්යවරු පිරිසක් වෙමු.

ආහාර සමග වඳ පෙති මිශ්ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්ය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු.

මේ මතය විද්යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්ය ප්රකාශයක් බව අපි වගකීමෙන් ප්රකාශ කර සිටිමු.ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම කිසිසේත් කළ නොහැකි බවද අවධාරණය කරමු.ස්ත්රී පුරුෂ දෙපක්ෂයේ සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ.පුරුෂයකු ගේ සරුබව සඳහා ඔහුගේ ශුක්රාණුවල නිසි ව්යුහය සහ ක්රියාකාරිත්වය මෙන්ම ප්රශස්ත සංඛ්යාවෙන් ශුක්ර තරලයේ තිබීම අත්යවශ්ය වේ. මේවායින් තරමක හෝඅඩුවක් ඇති අවස්ථාවක පුරුෂයක හට කාන්තාවක් ගැබ් ගැන්වීමට ඇති හැකියාව අඩු වේ.මෙය මදසරුබව යනුවෙන් හඳන්වනු ලබන අතර කලාතුරකින් එය දරුපල නොමැති එනම් වඳ තත්වයක් දක්වා වර්ධනය විය හැක.මෙවැනි කරුණු ස්ත්රියකගේ සරුබවටද බලපායි.

දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්රීන්ගේ පාවිචිචිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත.ඇතැම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මදසරු බව ඇති වීමට ඉඩක් තිබුණද එම ඖෂධ තනි මාත්රාවක් හෝ මාත්රා කිහිපයක් පාවිච්චියෙන් එවන් තත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මගින් ඇති වන මද සරුබව එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්වයට පත් වේ.

මේ ඖෂධ ලබා ගැනීම සඳහා ලියාපදිංචි බටහිර වෛද්යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කිරීම අතවශ්ය වේ.සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැකි ඖෂධ බටහිර වෛද්ය විද්යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්යාත්මක සාක්ෂියක්ද නොමැති බවද අපි අවධාරණය කර සිටිමු.

මෙහි පහත නම් සදහන් අපි ස්වේච්ඡාවෙන් මෙම කරුණු දැක්වීමට ඉදිරිපත්වූ ඔබත් මේ සදහා වූ සියළු වියදම් අප විසින් දරන ලද බවත් ප්රකාශ කර සිටිමු.
*.කායික රෝග විශේඥ වෛද්ය අනුලා විජේසුන්දර
*.ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය ලක්ෂ්මන් ස්නානායක
*.ඖෂධ විද්යාව පිළිබඳ මහාචාර්ය ගීතා ප්රනාන්දු
*.කායික රෝග විශේෂඥ වෛද්ය සරත් ගාමිණි ද සිල්වා
*.ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමත් ගුණතිලක
*.ප්රජනන වෙද්ය විද්යාව පිළිබද මහාචාර්ය චන්ද්රිකා විජේරත්න
*.හෘද රෝග විශේෂඥ වෛද්ය රුවන් ඒකනායක
*.මහාචාර්ය රෝහිනී ප්රනාන්දුපුල්ලේ

ww.jpg

1b.jpg
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Man dakka ekek pahugiya dawasaka meke dala thiyenawa ara Channa Sudath sir ge youtube video ekak ekka MBBS doctorsla danna labbak ne kiyala elakiriye inna.

    Dan mata ahanna thiyenne e mahathmayagen Obata sathutuida dan? :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Man dakka ekek pahugiya dawasaka meke dala thiyenawa ara Channa Sudath sir ge youtube video ekak ekka MBBS doctorsla danna labbak ne kiyala elakiriye inna.

    Dan mata ahanna thiyenne e mahathmayagen Obata sathutuida dan? :lol:

    පිස්සුද Facebook page කාරයෝ කියන එක ඊට වඩා sure! :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    the fuck do doctors know. we have 15 16 and 17 years olds who know better than those graduated cunts. it's sad to see some of them had to go to courts.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    the fuck do doctors know. we have 15 16 and 17 years olds who know better than those graduated cunts. it's sad to see some of them had to go to courts.

    I was on the opposite side when it comes to this matter.(not fully, up to some point) So I am morally obliged to write something behalf of me. But since we are enjoying the Internet freedom at it's best in this moment, my hands are bound. I do not have time , obligation, or money to appear in the court .But I will update the thread, where I'm going to put some information about possible infertility of transgender people written by team of doctors, when the drama is over:sorry::sorry:
     
    im not claiming to be an oracle or something. but i already sense that i won't understand a thing in the article u are gonna write.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ශ්රී ලංකාවෙහි සෞඛ්ය සේවයෙහි නියුතු ජ්යෙෂ්ඨ වෛද්යවරු පිරිසක් වෙමු.

    දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්රීන්ගේ පාවිචිචිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත.

    ඔන්න ඔය ගෑනුන්ට තියෙන පෙති ටිකක් ඔතන ඉන්න පිරිමි දොස්තරලට බොන්න දීල බලමු මොකද වෙන්නෙ කියල:P

    If a man took just one or two birth control pills, nothing would happen. ... However, if a man took birth control pills on a regular basis over an extended period of time, his breasts might grow larger, his testicles might shrink, and his sex drive and amount of facial hair might decrease.

    https://science.howstuffworks.com/science-vs-myth/what-if/what-if-man-takes-birth-control-pills.htm
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මුන් උගත්තු වෙන්න පුලුවන්, නමුත් බුද්ධිමතුන් නොවේ. දැන් දොස්තරලව ඉස්සරහාට දාගෙනයි ජාතියට කෙලින්න හදන්නේ. පුර්න කාලීන වඳ පෙත්තක් නැතිවෙන්න පුලුවන්, නමුත් යම්කිසි රසායිනිකයක් දීර්ඝකාලීනව ශරීර ගත වීමේදි ශරීරයේ හෝමෝනවලට බලපෑමක් වෙන්න පුලුවන්, හරියට කුකුළු මස්වලට එන්නත් කරන හෝමෝන මගින් කුඩා ගැහැණු දරුවන් ඉක්මනින් වැඩිවියට පත්වෙනවා වගේ. එහෙම කියන්නේ මේ ලියන මම නෙමෙයි, ඔය කියන දොස්තරලා. මේ දොස්තරලාගේ කතාවලට රැවටිලා , අපේ උන් දැන් පොලිමේ හම්බ කඩවලින් කන්න පටන් ගනී. හොදට මතක තියා ගනිල්ලා අපිට තරම් හදිස්සියක් හම්බයාට නෑ. තව පරම්පරාවක් දෙකක් ඌට හොදට ඉවසන්න පුලුවන්.
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44

    Yeah public knows better than doctors do I guess :yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොස්ටිනෝ 2 කියන බෙහෙත් පෙති ඕනෑම ෆාමසි එකකින් ගන්න පුලුවන් ..හදිසි ගැබ් ගැනීම් වැළක්වීම සඳහා පාවිච්චි කළත් නිතර භාවිතයෙන් වඳ භාවයට පත් වෙන්න පුලුවන් කියලා අතුරු ප්‍රතිඵල යටතේ සඳහන් වෙනවා නේද

    දොස්තරවරුනි, පහත ඖෂධ වලින් කාන්තා නිසරු බව ඇතිවිය හැකි බව අපි වෛද්‍ය විද්‍යාලයේදී ඉගෙන ගත් බව ඔබට අමතකද ? එම ඖෂධ දීර්ඝකාලීනවම නොගත්තා වුවද ඒවා ගන්නා කාලයේදී හෝමෝන වෙනස් වන නිසා දරු පිලිසිඳ ගැනීම කල් යාහැකි බව ඇයි අපි කෙලින් නොකියන්නේ ? Antipsychotics (e.g. Risperidone) වලට ප්‍රෝලැක්ටින් (prolactin) හෝමෝනය වැඩිවීම නිසා සරු ඩිම්බ පිටවීම අඩුවිය හැකියි නේද ? Antiepileptics (e.g. Phenytoine) SSRI & NSAIDS, anabolic steroids & corticosteroids (e.g. Prednisolone) - (ඒවා Testosterone ආශ්‍රිත නිසා) සහ Thyroid ඖෂධ වලින් කාන්තා සරු බව අඩු කරන බව අවංකව පිලිගමු නේද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මම ඒ විසේසඥ දොස්තර මහතුන්ගේ හෝ වෙන යම් දොස්තර මහතුන්ගේ ප්‍රකාශයන්ට විරුද්ධ නොවෙමි. එසේ විරුද්ද වීමට සදාචාරාත්මට අයිතියක් ද නැත. නමුත් උදාහරනයකට මේ ලිපිය බලන්න. මේයද සපයා ඇත්තේ මේ ක්ශේත්‍ර යේ වැඩකරන දොස්තරලා කණ්ඩායමක් විසිනි. ඉතින් අපිට ගැටලුවක් එනවා කවුරුන්ද විස්වාශ කලයුත්තේ කියලා.. මොකද ලන්කාවේ ට්‍රාන්ස්ගෙන්ඩෙර්ස් ලාට හොර්මෝන් තෙරපි එක වැඩිපුර කෙරෙන්නේ නැති නිසා
    https://transcare.ucsf.edu/article/information-estrogen-hormone-therapy
     
    :yes:

    ලංකාවේ දොස්තරලා දන්නෙ නෑ ගෑනුන්ට ගහන උපත්පාලන ඉන්ජෙක්ෂන් එකක් මිනිහෙකුට ගැහුවොත් මොකද වෙන්නෙ කියල. මොකද ඒවගෙ දෙයක් පොතේ හැටියට කෙරෙන්නෙ නෑනෙ.