කංසා_උරුගුවේ_නීත්‍යානුකූල_වේ

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කංසා_උරුගුවේ_නීත්‍යානුකූල_වේ

    කංසා (මර්ජුවානා) වගා කිරීම, අලෙවි කිරීමට හා භාවිතයට නීත්‍යානුකූල අවසර ලබා දුන්
    ලොව පළමු රට බවට පත්වෙමින් උරුගුවේ රජය විසින් ඉදිරිපත් කළ කෙටුම්පතට
    එරට සෙනේට් මණ්ඩලය සියට අනුමැතිය ලබා දී තිබේ.

    පැය දොළහක් පුරා පැවති විවාදයකින් පසුව වයස අවුරුදු දහඅටට වඩා වැඩි
    උරුගුවේ ජාතිකයින්ට මසකට කංසා ග්‍රෑම් හතළිහක් නොඉක්මවූ ප්‍රමාණයකින්
    ඒවා මිලදී ගැනීමට අවසර ලබා දෙන මෙම නව නීතිය ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

    මෙම නව නීතිය මගින් රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මර්ධනය
    කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට උරුගුවේ රජය විශ්වාස කළද එමඟින්
    වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වෙත නැඹුරු කරනු ඇති බවට බිය පළවෙමින් පවති.



    marijuana_leaf_pictures.jpg


    රුක්ලන්ති පෙරේරා



    Lakbima
     
    Last edited:
    • Like
    Reactions: white lion

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මට මේ දැන් මල් සුවදක් ආවා බං? මේ දවස් වල ලංකාවට හුලං එන්නෙ උරුගුවේ පැත්තෙන්ද දන්නෙ නැ :P

    අපේ කොල්ලො ටිකක් දවස් වල ගහක් උඩ පැලක් හදාගෙන (ගංජා ගහන්නම) ඒකෙ බෝඩ් එකක් ගහලා තිබුනා "පුන්චි ජැමෙයිකාව" කියලා. දැන් හිටියා නම් නම වෙනස් කරනවා "උරුගුවේ" කියලා !
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලංකාවේ මේ වෙන දේවල් දැක්කම ඕක නීතිගත කරපු දෙවෙනි රට ලංකාව වෙයි බං
     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    අඩෝ අපිත් සපෝර්ට් නීතිගත කරන්න.

    පි.ඇස්. - යකෝ ඕකට කියන්නේ මරිජුවානා කියල නෙවෙයි. ඕකට කියන්නේ මරුවනා කියල.