පිටි පස්සෙන් ඇවිත් හප්පල කකුලක් කැඩුවම කීයක් විතර වන්දි ගන්න පුලුවන්ද. කකුලෙ දිග බොන් දෙකම දෙකට කැඩිලා මාස 2ක් එක තැන ඉන්න වෙනවා. උගෙ ඉන්සුරන්ස් එකෙනුයි. සිවිල් නඩුවකිනුයි දෙකෙන්ම ගන්න පුලුවන් නේද. ප්රොසෙස් එක පොඩ්ඩක් කියපන් කිරියෙ ඇක්සිඩන්ට් වෙච්ච අය ඉන්නවා නම්. මගෙ යාලුවෙකුට වෙල තියෙන්නෙ
සිවිල් නඩුවකින් ගන්ඩ නම් malice එකක් prove කරන්න වෙනවා නේද? මොකක් හරි තරහකට හිතාමතාම අැවිත් හැප්පුවා කියල ඔප්පු කරන්න වෙනවා. එහෙම නැතිව වැරදීමකින් හෝ නොසැලකිල්ලකින් වෙච්ච දෙයක් නම් සිවිල් නඩු පවරල වැඩක් නෑනෙ. නිකන් පරදින්න වෙයි.
Insurance එකෙන් ගන්න තමයි වෙන්නෙ. ඊට අමතරව ඉතින් නීතියට පිටින් ගිහින් සද්දෙ දාල හෝ දුක කියල උෟ කැමැත්තෙන් දෙනවා නම් ගාණක් ගන්න තමයි වෙන්නෙ. ඔය වගේ මඟුල් කොච්චර වුණත් මහා ලොකු සාධාරණයක් නම් වෙන් නෑ. උපරිම 50-80 වගේ හම්බෙයි වැඩිම වුණොත්.
පිටින් බලද්දි ලොකු හානියක් වගේ පෙනුණට ඔහොම fixable විදිහට තනි කකුලක් කැඩිල්ලක් මහා ලොකු දෙයක් විදිහට ගන්නෙත් නෑ. Occupational safety වල තියෙන guidelines බලහන්කො. කරුමෙ තමයි ඉතින්. ඔන්න කකුල හදන්න බෑ කපන්න වෙනවා නම් හානියේ ප්රමාණය කියල සලකනවා වැඩියි. මේක bone දෙක කැඩිලා විතරනෙ. මාස 6 ක් වගේ කාලයකින් normal තත්ත්වයට ගෙනත් අවුරුදු 2 කින් වගේ වුණාද නැද්ද හොයන්න බැරි ගාණට ඕක normalize වෙනවනෙ.
උඹෙ යාලුවා ගෙවන කරුමෙ හෑල්ලු කරනවා නෙවෙයි මම කිව්වෙ ඉතින් යථාර්ථය. කැමති නම් ඉතින් try කරලා බලහන්, හැබැයි උන්ගෙ අකමැත්තෙන්/බලෙන් නම් ලක්ෂයකට එහා ගාණක් හම්බෙයි කියල හිතන්න අමාරුයි. දුක කියල උන් කැමැත්තෙන් දෙනවා නම් ඕන ගාණක් ඉතින්. සිවිල් නඩු දාන එක නම් ෂුවර් පරදින වැඩක් කියල හිතෙන්නෙ. උෟ හිතාමතා හැප්පුවා වෙන්න අමාරුයිනෙ.
මට හිතෙන්නෙ ඔහොමයි.