කට්ටියම එන්න

428161_319823964749109_100001645245526_910363_550261666_n.jpg
 
ඇමරිකන් ජීමේල් වෙනුවට විමල්ගෙන් දේශීය වීමේල්

vmail.gif


ලංකාවේ ආණ්ඩුවේ ඇමති චම්පික රණවක ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ කරන්නට සූදානම් බව කියා ඇත. එය ආණ්ඩුවේ ස්ථාවරය නො වන බව වෙනත් බලධාරියෙක් කියා ද නැත. විස්තර මෙතැනින් Sri Lanka Ministers' wars against US


ජවිපෙ ඉන්න කාලයේ පටන් ම චම්පික හිටගෙන කරන දේ දුව, දුව කරන විමල් වීරවංශ ඇමතිතුමා හරි හරියට හිටිමින් ඇමරිකන් නිෂ්පාදන වර්ජනයක් ආරම්භ කර තිබේ.



ඔහුගේ වර්ජනය ආරම්භ කර තිබෙන්නේ ජීමේල් හා යාහුවලිනි. දැන් ලංකාවේ කට්ටිය මේ නො මිළේ දෙන ඊමේල් සේවා ප්‍රතික්ෂේප කිරීමත් සමග නියතව ම ඒවා බිඳ වැටෙනු ඇත. එපමණක් නො ව, ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරන සෙසු බටහිරයන්ගේ ෆේස්බුක් වැනි මෙවැනි සෙසු නො මිළේ දෙන අන්තර්ජාල සේවා ද ප්‍රතික්ෂේප කළ යුතු ය.



ගුගල් හා බ්ලොගර් ද වර්ජනය කළ යුතු අතර ඒ සමග ම මෙම ලේඛකයා ද කම්මුතු ය.



දැන් ඉතින් අපි මේවාට විකල්ප සොයා ගත යුතු ය. ජීමේල් වෙනුවට වීමේල් කියා ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එය මෙසේ ක්‍රියා කරවිය හැකි ය. පරෙයියන්ට කන්නට වී දී අල්ලාගෙන කකුලේ ගැට ගසා ලියුම් යැවිය හැකි ය. එහෙත්, පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයි ඇහැකි හඳුන ගන්න කියන නන්දක්කාගේ සිදු කෑල්ල ද මතක තිබිය යුතු ය.



ෆේස් බුක් වෙනුවට ලාභ ලබන විදුලි බල මණ්ඩලය ගල් අඟුරෙන් නොරොච්චෝලේ නිපදවා රටට බෙදන ත්‍රී ෆේස් විදුලිය යොදා ගන්නට පුළුවන. දෙක ම ෆේස් ය.



ගූගල් වෙනුවට කුකුල් සර්ච් එන්ජිමක් සෑදිය හැකි ය. අපේ ගම් කුකුළා ද සර්ච් කිරීමට සමතෙකි.



බ්ලොගර් වෙනුවට කැළෑ පත්තරය යළි ආරම්භ කළ යුතු ය. කොහොමත් බ්ලොග් කියන්නේ කැළෑ පත්තර නොවැ.



ලංකාවේ 99%ක් පමණ දෙනා සොරකම් කර පාවිච්චි කරන මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් වෙනුවට අපේ ජනෙල් පාවිච්චි කළ හැකි ය. වර්ඩ් මොකට ද? ඇයි අපේ වචන!



සිය රට දේ සිරි සැප දේ!
 
ඔන්න ඉතින් අපේ රටේ කට්ටියක් ඇමෙරිකන් නිෂ්පාදන තහනම් කරලු....



විමල් වීරවංශ මහත්තයාගේ ඒ කතාව අහපු වෙලේ ඉඳං මට එක එක දේවල් කල්පනා වෙන්න ගත්තා. (කතාව අහල නැත්තම් මෙතනින් ශේප් එකේ කියවන්න පුලුවන්. http://www.ceylontoday.lk/27-3464-news-detail-boycott-us-products-wimal.html )
බොහොම අමාරුවෙන් හිතට ට්‍රැෆික් ලයිට් දාගෙන හිතිවිලි මේ විදියට පිළිවෙලකට පෙලගස්සන්න මට හිතුනා.


මේ තමා මගේ හිතට ආව උභතෝකෝටික ප්‍රශ්න.


1.ඉතින් අපි American Products නැවත්තුවම ඇමෙරිකාවට පාඩු වෙයිද?
2.Google නවත්තලා අපි Yahoo වගේ දේශීය Search engine එකක් පාවිච්චි කරනවද?
3.Gmail වෙනුවට හැමෝටම ආණ්ඩුව ගානේ Email Accounts හදල දෙනවද?
4.Coca cola වෙනුවට කොත්තමල්ලි වගේ දෙයක් උත්සව අවස්ථා වලට ගන්නවද?
5.තව අපි IMF ඒකෙන් දෙන සල්ලිත් එපා කියනවද?
6.Prima පිටිත් තහනම් කරනවද?(කිරිපිටිත් ඕනෙම නෑ)
7.තව Shell, Caltex වගේ ඒවත් නවත්තනවද?
8.Microsoft, Apple, Linux වගේ ඇමරිකානු නිෂ්පාදන භාවිතයෙනුත් වලකිනවද?
9.ඇමතිවරුන්ගේ ඇමරිකන් වාහන ආපහු ඇමෙරිකාවට යවනවද?
10.එතකොට අපි පාවිච්චි කරන්නේ මොනවද?
11.අමෙරිකාවෙන් ලැබෙන විදේශ විනිමය මුහුදට දානවද?
12.KFC, McDonald's වලින් ගෙවන බදු එපා කියනවද?
13.සමුළුවට අනුග්‍රහය දක්වන්නේ නෝර්වේ හින්ද අපි නෝර්වේ විනිමයත් විසිකරනවද?
14.ඇමෙරිකාව අපිට එපාම හින්ද ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කඩේ දානවද?
15.මේ ටීක්‌ කතාව කියනවට මහින්ද, විමල් ට කීයක්‌ දුන්නද?


හොඳයි... අපි මේ ටීක්‌ වැඩේ කරාමයි කියමුකෝ... එතකොට ස්වාධීන රූපවාහිනියෙයි, ස්වර්ණවාහිනියෙයි, ජාතික රූපවාහිනියෙයි මේ වගේ ප්‍රවෘත්ති යයිද කියලත් හිතෙනවා...


1."ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු භාණ්ඩ තහනම් කිරීමෙන් ඇමෙරිකාව උග්‍ර ආර්ථික අර්බුදයක!"
2."Google සමාගමට යන එන මං නැතිවෙයි!"
3."ශ්‍රී ලංකාවට ආර්ථික වසන්තය උදා වෙයි!" (එහෙම කියල විමල්ගෙයි,මහින්දගෙයි ලස්සන මූණු දෙක දානව)
4."Barack Obama ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි!"
5."ශ්‍රී ලාංකිකයෝ දේශප්‍රේමයෙන් මත්වී දේශීය නිෂ්පාදනයට අත දෙති!"(එහෙම කියල ජනතාව දේශීය නිෂ්පාදන පාවිච්චි කරන හැටි පෙන්නනවා)


හරි!! අපේ රටේ දේශප්‍රේමී ඇමතිවරුන්ගේ මේ වගේ කතා ඇහිලා ඇමෙරිකාව ලංකාවේ භාණ්ඩ වර්ජනය කරා කියමුකෝ. ඇමෙරිකාවෙන් දුන්න ණය ආපහු ඉල්ලුවා කියමුකෝ. එතකොට ඔය හැකර කටවල් වැහිලා ඇමෙරිකාවට නොවඳිනා වැඳුම් වඳින්න ගනී. රාජ්‍ය තාන්ත්‍රික භාවය ගෑවිලා වත් නැති, මිනිස්සුන්ගේ චන්ද ටික කඩා ගන්න විතරක් බලන ඉන්න මේ ආණ්ඩුව මේ රටේ ගැලරියට 2.50 හේ කතා කියල ජිනීවා ගිහින් බලු කුක්කෝ වගේ හා හොඳයි කියල විතරක් එනවා.


මේ වගේ ටීක්‌ කතා කියන දේශප්‍රේමී ඇමතිවරුන්ගෙන් මේ රටේ ප්‍රතිරූපයට වෙන හානිය නවත්තල දෙන්න කියල මේ රට ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා හිටින එක විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සුපිරි එකටම තියෙනවා, කෝ අපේ විමල්ට කඩේ යන කුක්කෝ ටික දෙන්න බලන්න උත්තර
    :lol::lol::lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හරකා උනාට උම්බෑ කියන්න හොද නැහැ
    එතකොට උ හරකෙක් කියල ඔක්කොටම තේරෙනවා
    ෆට්ට බන්
     
    හරකා උනාට උම්බෑ කියන්න හොද නැහැ
    එතකොට උ හරකෙක් කියල ඔක්කොටම තේරෙනවා
    ෆට්ට බන්


    එතකොට හරකෙක් ජනාධිපති කියල හීනෙන් දකින්නේ කවුද අයියේ :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පිස්සු පුසා;12308777 said:
    එතකොට හරකෙක් ජනාධිපති කියල හීනෙන් දකින්නේ කවුද අයියේ :lol::lol:
    ඒක අමතක උනා මලයෝ
    උන්ට කියන්නේ


    ANTI


    chicago-bulls1.jpg









     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වැඩි කල් යන්න කලින් ලංකාවේ ඉන්න පොඩ්ඩක් හරි මොලේ තියෙන ඉගෙනගෙන තියෙන උන් මේ රට දාලා ඉතියෝපියාවට හරි යනවා. මෙහෙම කතා කියන උන් එක්ක එකට ඉන්න පුලුවන්ද. හෙට අනිද්දට කියයි ජෝක්කු අදින්නත් එපා කියලා. ඒවත් පිටරට බඩුනේ. :angry::angry::angry::angry:
     
    වැඩි කල් යන්න කලින් ලංකාවේ ඉන්න පොඩ්ඩක් හරි මොලේ තියෙන ඉගෙනගෙන තියෙන උන් මේ රට දාලා ඉතියෝපියාවට හරි යනවා. මෙහෙම කතා කියන උන් එක්ක එකට ඉන්න පුලුවන්ද. හෙට අනිද්දට කියයි ජෝක්කු අදින්නත් එපා කියලා. ඒවත් පිටරට බඩුනේ. :angry::angry::angry::angry:
    :lol:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ලක් මාතාවගෙ අවජතක දරුවො....

    සහො 71 ඉදෙලා 89 වෙනකන් මුලු රටම කාලා ඉට පස්සෙ හමුදාවෙන් අල්ලන්න හොයනකොට කැලෙ පැනපු උන් දැන් රට කරවන්න ආපු කොට ඔහොම තමඉ... ඔකා හැමදාම කටින් බතල කොල හිටවන කෙනෙක්....