වැඩකරන කාමරේ PC, AC, TV, Fan, Lights, door/window sensors ඔක්කොම echo dot එකකට බාර දීලා තියෙන්නෙ. ලඟදි UPS එකක් ගහගත්ත නිසා PC එක ඔන් කරගන්න එක ටිකක් අවුල් ගිහින් තියෙන්නෙ. කලින් WoL දාලා තිබුනෙ. ඒත් ඒක security risk එකක් කියල හිතුනු නිසා අයින් කරා. තේරුමක් නැතුව එහෙන් මෙහෙන් ගෙනාපුව නිසා smartlife, thinq, tuya, surplife, cozylife වගේ ඇප් ගොඩක් ඉන්ස්ටෝල් කරගන්න උනා. ඒ ඔක්කොම අයින් කරල bridge එකක් එක්ක SONOFF වගේ ටිකක් හොඳ devices ටිකකට යන්න ඕනෙ.
wifi වෙනුවට bluetooth වලින් වැඩකරන ඒව ගහගන්න එක හොඳයි වගේ devices ගොඩක් කනෙක්ට් උනාම වෙලාවකට රවුටරේ හිරවෙනවා. alexaත් සෑහෙන්න ඉන්ටනෙට් පාවිච්චි කරනවා. කරන්ට් ගියාම speakers off වෙන නිසා echo dot එක පාවිච්චි කරනව speaker එකක් විදියට. alexa ගෙ එකම අවුල if එකක් දාගන්න බැරිකම. උදා: වෙලාව උදේ 6 හවස 5 අතර වගේ නම්, alexa, hi කියනකොට ලයිට් දෙක විතරක් ඇරෙන්න PC, AC, TV ටික ඔන් වෙන්න හදාගන්න බැහැ.
අර ඩයලොග් එකේ, මොබිටල් එකේ ගිනිගනන් වලට තියන ටෙඩීලව ගන්න එපා. ඒවා හද්ද පරන ඒවා. අලුත් ඒවත් එක්ක compatible නෑ. කරන්ට් ගිහින් ආවත් මහ හයියෙන් බෙරිහන් දෙනවා