කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් &#3488

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් &#3488

    කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් චානක මියයයි


    kboy100.jpg

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇතිවු ගැටුමේදී තුවාල ලබා රෝහල්ගත කර සිටි රොෂේන් චානක අද රාත්‍රියේ මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසු‍වේ රාගම ශික්ෂණ රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද පස්වරු 7.00ට පමණ මිය ගිය බවය. 22 හැවිරිදි චානක මිනුවන්ගොඩ ගල්ලොලුවේ පදිංචිකරුවෙකි. ඔහු නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළේය.පස් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔවු සිව්වැන්නා විය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට විරෝධය පල කර පසුගිය 30 වැනිදා කටුනායක නිදහස් වෙ‍ළෙඳ කලාපයේ පැවති විරෝධතාවයේදී පොලිසිය සමග ඇතිවු ගැටුමින් රොෂෙන් චානක බරපතල තුවාල ලැබිණි.


    Code:
    [B][URL="http://thambapanne.com/gossipnews/?p=2335"]කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් චානක මියයයි[/URL][/B]
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපි හොදට දෙක්කා පොලිසියත් මෙවැනි අවස්තා වල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා.. අර ජිවිතේ අපරදේ
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    :(
    මුලු ලංකාවේම වැඩකරන ජනතාව වෙනුවෙන් එ අහිංසකයා දිවි පිදුවා