කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් ච
කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් චානක මියයයි
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇතිවු ගැටුමේදී තුවාල ලබා රෝහල්ගත කර සිටි රොෂේන් චානක අද රාත්‍රියේ මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ රාගම ශික්ෂණ රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද පස්වරු 7.00ට පමණ මිය ගිය බවය. 22 හැවිරිදි චානක මිනුවන්ගොඩ ගල්ලොලුවේ පදිංචිකරුවෙකි. ඔහු නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවක යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළේය.පස් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔවු සිව්වැන්නා විය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයට විරෝධය පල කර පසුගිය 30 වැනිදා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවති විරෝධතාවයේදී පොලිසිය සමග ඇතිවු ගැටුමින් රොෂෙන් චානක බරපතල තුවාල ලැබිණි.
Code:
[B][URL="http://thambapanne.com/gossipnews/?p=2335"]කටුනායක උද්ඝෝෂණයයේ දි වෙඩි වැදුණ රොෂේන් චානක මියයයි[/URL][/B]
Last edited:



