කටු අකුලේ මල් ඇහැරේ...

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
කටු අකුලේ මල් ඇහැරේ...

අපි (සත්මඟ සංවිධානය) අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ හා මහවිලච්චිය ප්‍රදේශ වල දුෂ්කර ප්‍රදේශ වල සිටින ආර්ථික අපහසුතාවන්ගෙන් ඉන්න පාසල් සිසු දරුවන්ගේඅධ්‍යාපනයට අවශ්‍ය උදවු උපකාර කරන්න වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. ඒ පිලිබඳ එළකිරි සාමාජිකයින් දැනුවත් කරලා කැමැත්තක් දක්වන අයගේ සහයෝගය බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ. මම මේක ගැන GTRZව කලින් දැනුවත් කරා.ඒත් පොඩ්ඩක් අවිවේකීව සිටිය නිසා මට අද තමා ත්‍රෙඩ් එක හදන්න පුළුවන් උනේ.

ඉස්සෙල්ලම අපි ගැන පුංචි සඳහනක් කරන්නම්. අපි මොරටුව විශ්වවිද්‍යාලයේතොරතුරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායමක් එකතු වෙලා කටුවාවල පරමධම්මවිසුද්ධාරාම විහාරස්ථානය ආශ්‍රිතව සත්මඟ යොවුන් සංවිධානය මීට වසර කිහිපයකටපෙර ආරම්භ කරේ. අපි මීට කලිනුත් විවිධ වැඩසටහන් කිහිපයක් කරලා තියෙනවා. ඒ ගැන දැන ගන්න කැමති අයට අපේ වෙබ් අඩවියෙන් ඒවා ගැන තොරතුරු බලන්න පුළුවන්. අපි මේ කරන්න යන වැඩසටහන ඒවාට වඩා තරමක් විශාල එකක් නිසා මෙවැනි දේවල් වලට සම්බන්ධ වෙන්න කැමති පාර්ශව එකතු කරගන්න අදහස් කරේ.

අපි මේ ගැන මුලික වැඩකටයුතු කරන්න පසු ගිය මාසේ 29 වැනිදා මහවිලච්චිය තන්තිරිමලේ ප්‍රදේශ වල පාසල් කිහිපයක ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනා. මේ සඳහා අපිට තන්තිරිමලේ මහා විහාරයේ විහාරස්ථානාධිපති ස්වාමින්වහන්සේ, මහාවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ හා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මහත්මයකුගේ මඟ පෙන්වීම ලැබුනා. එහිදී ලබා ගත්ත තොරතුරු අනුව ගමන ගැන පොඩි සටහනක් මේ.


:)

11.jpg

22-1.jpg


ඒ ප්‍රදේශයේ ජනතාව හැමෝම වගේ ජීවත් වෙන්නේ ගොවිතැන්, වගා කටයුතු හා කුලී වැඩ වලින්. එත් 2011 මුලදී ඇති වෙච්ච ගංවතුරෙන් ඔවුන්ටත් විශාල ලෙස කරදර වෙලා තියෙනවා. එම කන්නයේ වගාවන් සම්පුර්ණයෙන්ම වගේ විනාශ වෙලා. ඒත් ඊට පස්සේ තාම ඒ ප්‍රදේශ වලට වැස්ස ලැබිලා නැහැ. දැන් වැව් එහෙම අඩියටම හිදිලා. ඒක නිසා ඒ ජනතාවට තමන්ගේ ආදායම් මාර්ග සම්පුර්ණයෙන්ම වගේ අහිමි වෙලා.

DSC01547.jpg

DSC01548.jpg

DSC01550.jpg


මේ තියෙන්නේ අපි ගත්ත ඡායාරුප වගයක්. වැව් එහෙම අඩියටම හිදිලා. දැන් ගොඩක් අය කරන්න හිදිච්ච වැව් පතුලට බැහැල ඒවා වල ඉතුරු වෙලා ඉන්න මාළු අල්ලන් ජීවත් වෙන ඒක.

33.jpg

ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ අපිත් එක්ක එකතු වෙච්ච නිලධාරීතුමා හා පාසල්වල විදුහල්පතිවරුන් කියපු කරුණු අනුව ඒ පළාතේ ගොඩක් පවුල් වල එක්කෙනෙක් හරි වකුගඩු සම්බන්ධ රෝග වලින්
පෙලෙනවලු. ගොඩක් වෙලාවට ගෙදර ප්‍රධානියා එහෙම උනාම ගොඩක් ළමයිගේ පාසල් අධ්‍යාපනයත් එතනින් නවතිනවා.

DSC01531.jpg

DSC01532.jpg

ඒ පැත්තේ ගොඩක් ගෙවල් මේවගේ කුඩා ගෙවල්. මේවා වල ළමයිට පාඩම් කරන්න එහෙම මොකුත් පහසුකම් නැහැ. ඉතාමත් දුෂ්කර ජිවිතයක් ගෙවන්නේ. ගමනා ගමන පහසුකම් ඇත්තෙම නැහැ. පාසල් වල ළමයි ඉස්කෝල වලට පයින්ම සමහරක් විට 10km විතරම යන්න ඕනේ.

DSC01566.jpg

ලබන වසරේ දැයට කිරුල එහේ පවත්තන්න නියමිත නිසා අනුරාධපුර තන්තිරිමලේ ප්‍රධාන පාරනම් හදනවා. මේ ප්‍රදේශය තියෙන්නේ අනුරාධපුරේ ඉදන් 42km පමණ ඇතුලට. අනුරාධපුර - තන්තිරිමලේ පාරේ බස් වැඩ කරන්නෙත් දවසකට කිහිප ගමනක් විතරයි.

DSC01534.jpg

සමහරක් පාසල් අනුරාධපුර තන්තිරිමලේ පාරෙන් තවත් කිලෝමීටර් 5-10 ඇතුලට පිහිටලා තියෙන්නේ. ගොඩක් ළමයි 9-11 පන්ති වලින් පස්සේ පාසල් ගමන නවත්තනවලු. ආර්ථික අපහසුකම් නිසා ගමන් කටයුතු වලට යන කාලය, වියදම් හා පාසල් උපකරණ වලට වියදම් කරන්න මුදල් නැති නිසා.


DSC01562.jpg

වතුර ගැන කිව්වොත් ඒ පළාතේ ජනතාව මුහුණ දෙන ලොකුම ගැටලුව තමා පානීය ජලය සොයා ගැනීම. සමහරක් ගෙවල් වල වැසි කාලෙට මෙන්න මේවගේ ඒවාට වැසි ජලය එකතු කරගන්නවා. මොකද පාංශු ජලයේ අධික ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙන නිසා බොන්න බැහැ. ඒවගේම බිව්වොත් සෞඛ්‍යයට අහිතකරයි. කරන්න දෙයක් නැති නිසා ගොඩක් අය වැව් ජලය එහෙම අරන් උණු කරලා බොනවලු ඒත් එකෙන් වෙන සෞඛ්‍ය හානිය නැති වෙන්නේ නැහැ. රජයෙන් නල මගින් සපයන ජලයත් එහෙමයි කිවුල් රස දැනෙනවා. තන්තිරිමලේ පාරෙන් ඇතුලට නල මාර්ග සපයලත් නැහැ.

DSC01569.jpg

තන්තිරිමලේ පාරේ අයිනේ තිබ්බ අපි ගිය
ක පාසලක ලැබෙන වතුර ෆිල්ටර් කරලා පිරිසිදු කරන එක උපකරණයක් තිබ්බා. ගොඩක් ඇතුලට තියෙන පාසල් වලට ජල පහසුකම් නැහැ. සමහරක් පාසල් වලට ප්‍රධාන පාරේ ඉදන් ට්‍රැක්ටර් වල වතුර ටැංකි තියන් පානීය ජලය සතියට එක වරක් විතර අරන් යනවා කියලා අපිට දැන ගන්න ලැබුනා. වතුර බෝතල් වගේ ඒවා හැමෝටම නැති නිසා ළමයි හැමෝටම ගෙවල් වලින් උණු කරලා වතුර ගෙන්න විදියකුත් නැහැ.

DSC01555.jpg

විදුලිය පහසුකම් ගැන කිව්වොත් සමහරක් පාසල් ලගටම විදුලි කණු ඇවිල්ල තිබ්බත් පාසල ඇතුලේ වයරින් කර ගන්න එහෙම මුදල් සපයලා නැහැ. විදුලිය නැති සමහරක් පාසල් වලට සංවිධානයක් (නම නම් මතක නැහැ) ආධාර විදියට මෙන්න මේ වගේ සුර්යය විදුලි බල පද්දතිනම් දීලා තියෙනවා.

ඒ පාසල් වල ඉන්න ගුරුවරු හා විදුහල්පතිවරුන් ගැනත් යමක් කියන්න ඕන. ඇත්තටම නියම ගුරු දෙවිවරු ඉන්නේ ඒවගේ ප්‍රදේශ වල කියලා කියන්න ඕනා. දුෂ්කර කියලා ඒ ප්‍රදේශ වල ඉන්න ළමයිව තනි නොකර ඒ පාසල් වල ළමයිගේ දියුණුවට ගොඩක් කැපවීමෙන් වැඩ කරන විදුහල්පතිවරු ගුරුවරු අපිට දැක ගන්න ලැබුනා. ගමනා ගමන පහසුකමුත් ඉතාමත් දුෂ්කරව තියෙද්දි ඔවුන් ඒ පාසල් වල වැඩ කරන්නේ. සමහරක් පාසල් ඔවුන්ගේ කැපවීමෙන් ඉතාමත් උසස් මට්ටමට තියන් ඉන්නවා. ඒ පාසල් වල වැඩ කරා කියලා ඔවුන්ට පෞද්ගලිකව කිසිම වාසියක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ පළාත් වල ටියුෂන් එකක්වත් කරන්න බැහැ. ගොඩක් ගුරුවරු ආර්ථික අපහසුතා තියෙන ඉගෙන ගන්න ඉතාම දක්ෂ ළමයිට තමාගේ මුදල් පවා වියදම් කරනවා කියලා දැන ගන්න ලැබුනා. ගුරුවරු හිඟ සමහරක් පාසල් වල අවටින් හොයාගත් ගුරුවරු වෙනත් ආධාර දෙන අය ලබාදෙන 3000 ක පමණ පඩියට වැඩ කරනවා කියලාත් අපිට දැන ගන්න ලැබුනා.

DSC01530.jpg

මේ තියෙන්නේ දිගනේගම විදුහලේ විදුහල්පතිතුමාත්, ප්‍රථමික අංශයේ ළමයි එක්ක අපි ගත්ත ෆොටෝ එකක්. ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමා හා ගුරුවරු ඇත්තටම ඉතාමත් කැපවීමෙන් සීමිත සම්පත් වලින් ඉහල අධ්‍යාපන ප්‍රතිඵල එක්ක පාසල පවත්වාගෙන යනවා දැක ගන්න ලැබුනා කියන එක විශේෂයෙන් මම සඳහන් කරන්න කැමතියි.


ඉස්සර මේ පළාතේ පාසල් වල ළමයිට රජයෙන් දිනකට ආහාර වේලක් දෙන්න වැඩ පිළිවෙලක් තිබිලා තියෙනවා. ඒත් දැන් ඒ වැඩ පිළිවෙල මේ පළාත් වල නවත්තලා ඒක උතුරු නැගෙනහිර පළාත් වලට ලබලා දීලා තියෙනවා. ආහාර වේල දෙන කාලේ ළමයිගේ පාසල් පැමිණීම 100% වෙන්නම තිබ්බා කියලා අපිට විදුහල්පතිවරු කිව්වා. ඒත් දැන් ඒ පළාතේ මිනිස්සු මුහුණ දීලා ඉන්න ඇති දුෂ්කර තත්වය නිසා ළමයිගේ පාසල් පැමිණීමත් අඩු වෙලා.

......

අපි ගිය පාසල් හා ඒවා වල අඩු පාඩු ගැන විස්තරයක් අපේ ව්‍යාපෘති සැලසුම් වාර්තාවේ තියෙනවා. අපිට එකතු කරගන්න පුළුවන් මට්ටමට කරන්න අදහස් කරන් ඉන්න සැලැස්මත් එහි තියෙනවා.

Code:
http://sathmaga.org/projects/ongoing-projects/

ඔවුන්ගේ අඩු පාඩු , පාසල් වල අඩු පාඩු 100% සම්පුර්ණ කරන්න අපිට බැහැ. ඉගෙන ගන්න දක්ෂ ඒත් ආර්ථික අපහසුකම් තියෙන දරුවෙකුට/ ළමයෙකුට උපකාරයක් කරලා ඔහුව සමාජයේ හොද තැනකට ගෙන්න පුලුවන්නම් ඒක තමා ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම උදවුව. එතකොට අනාගතයේදී ඔහුගේ හෝ ඇගේ පවුලේ අයටත් දුෂ්කර ජීවිතයෙන් මිදෙන්න පුළුවන් වෙනවා.

ඉතින් එළකිරි එකේ ඔයාලටත් පුලුවන්නම් මේ වගේ දේකට සහය දෙන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔයාලගේ ආයතනයකින් හරි සංවිධානය වෙලා උදවු කරනවානම් අපිට අදාල පාසලක් හෝ පාර්ශව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්.


අපේ වැඩසටහනට සම්බන්ද වෙනවනම් මුදල් පරිත්‍යාග අපේ සම්පත් බැංකුවේ බොරලැස්ගමුවේ ශාඛාවේ බැංකු ගිණුමට ඕනෑම සම්පත් බැංකු ශාඛාවකට ගිහින් දාන්න පුළුවන්.

Name: SATHMAGA YOVUN SANSADAYA
Account no: 114260742135
Sampath Bank/ Boralesgamuwa Branch
Please be kind enough to write the name either in Sinhala, or in English as stated above. It doesn’t have to be Boralesgamuwa branch to deposit money.

බැංකුවට මුදල් ලබා දෙනකොට ඔයාලගේ නම සඳහන් කරන්න.

නැතිනම් පාසල් සිසුන්ට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් කටුවාවල, වේරහැර (කොළඹ ඉදලා බොරලැස්ගමුව පහු වෙලා 120 පාරේ) RMV එක ලග තියන අපේ පන්සලට ගෙනවිත් භාරදෙන්න පුළුවන්.

අපි මේ වැඩසටහනත් එක්ක අධ්‍යාපන වැඩමුළුවක් එක්ක පොඩි වැඩසටහනක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ද වැඩ කටයුතු වලට අපිත් එක්ක ගිහින් කැමතිනම් ඔයාලටත් සම්බන්ද වෙන්න පුළුවන්. බොරලැස්ගමුව, මහරගම හා පිළියන්දල අවට ඉන්න අයට අපි
එකතු වෙන දවසක අපේ පන්සලට ඇවිත් අපිව හමු වෙලා වැඩ වලට එකතු වෙන්න පුළුවන්.
එළකිරි එක හරහා මුදල් අපේ ගිණුමට දෙන අය ඒ බව
ත්‍රෙඩ් එකේ හරි වෙනම මට දැනුම් දෙන්න. ([email protected] 0775029190) එතකොට අපිට වෙනම එළකිරි එකේ අනුග්‍රහය දක්වන්න පුළුවන්. අනුග්‍රහයන් දෙන අය පිලිබඳ අපේ වෙබ් අඩවියේ පල කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘතිය අවසන් වුනාට පස්සේ ඒ පිලිබඳ සම්පුර්ණ අය වැය වාර්තාවක් දෙනවා.

පුංචි වෙලාවක් අරන් මේ විස්තරය කියෙව්වට බොහොම ස්තුතියි.
ඔයාලට පුළුවන් ඕනෑම විදියකින් පුංචිම හරි සහයක් දක්වන්න පුළුවන්.

ඔයාලගේ ගැටළු, අඳහස් හා යෝජනා තියෙනවානම් කියන්න.
:)
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mama lankawe newei nisa,uparimen daayaka wenna ba,eath awa kaaleka anivaryen udaw karanawa machan,atthatama duka hithenawa me lamai gana
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    හොඳ වැඩක්
    අපිත් අවුරුදු ගානක් තිස්සේ මේවගේ වැඩක් කරනවා.
    හරිනම් මේවා ආණ්ඩුවෙන් වෙන්න ඕන වැඩ.
    එත් හැම එකටම ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව පොඩියට හරි මෙහෙම දෙයක් කරන එක ගොඩක් වටිනවා



    :yes: ela machan apita puluwan widiyata karana ona.
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ithamath hoda wadak bro... oyatala dan help karanna mokakda hari organization ekak thiyenawada ? oyala kohomada dan fund raise karanne ? mona hari programme ekak thiyenwada ? danata capital fund ekak thiyenawada ?


    good work keep it up...
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    good work....

    thanks

    ithamath hoda wadak bro... oyatala dan help karanna mokakda hari organization ekak thiyenawada ? oyala kohomada dan fund raise karanne ? mona hari programme ekak thiyenwada ? danata capital fund ekak thiyenawada ?


    good work keep it up...


    thanks :)

    api sathmaga.org Kesbewa div. sec. eke liyapadinchi sanwidanayak. Katuwawala (Boralesgamuwa) Parama Dhamma Vishuddharama pansala mulika karan wada karanne.
    Ape organization eke members la apita donation dena ayagen funds labenne. special programs nam naha. Ape organization eke capital fund ekak thiyenawa.
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    thanks




    thanks :)

    api sathmaga.org Kesbewa div. sec. eke liyapadinchi sanwidanayak. Katuwawala (Boralesgamuwa) Parama Dhamma Vishuddharama pansala mulika karan wada karanne.
    Ape organization eke members la apita donation dena ayagen funds labenne. special programs nam naha. Ape organization eke capital fund ekak thiyenawa.

    ahh dan mokakda karanna inee fund ekak raise karala ? monawage deawal da apita karanna puluwan ee aya wenuwen ?:(
     

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo