කට සහ මොලය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    එකෝමත් එක නැව් සමාගමක් තීරණය කලා ලෝකේ ලස්සණම නැව හදන්න. ඉතින් ඒ ගොල්ලෝ බොහෝම මහන්සි වෙලා නැවක් හැදුවා, හරිම ලස්සණයි. සුන්දරයි. ලෝකේ සියලුම නැව් වල අග ‍රැජින වගේ.

    මේ නැව සැලසුම් කරපු ඉංජිනේරුවට හිතුනා මේ නෞකා ‍රැජින යාත්‍රා කරන කොට හැතපුම් ගානක් ඈතින් ඉන්න අයටත් දැන ගන්න පුලුවන් වෙන විදියට හොඳ හයියෙන් සද්ද කරන්න හැකි සයිරන් නලාවක් හයි කරන්න.

    ඉතින් එයා නැවට බලසම්පන්න නලාවක් හයි කරා .බොහෝම බලසම්පන්න නලාවක්. නාද කරාම හැතපුම් ගණනාවක් ඈතට සද්දේ ඇහෙනවා.

    හැබැයි පොඩි පරහක් තිබුනා.

    මේ සයිරන් නලාව නාද කරන්න කොච්චර ලොකු ශක්තියක් ඕනෑද කිව්වොත් ඒක නාද කරන කොට නැවේ ඇංජිම නතර වෙනවා.

    අපේ රටේ දේශපාලකයොත් මේ වගේ.

    එයලා කට අරින කොට මොලේ වැඩ කරන එක නතර වෙනවා.

    නැත්නම් මෙලෝ සිහි බුද්ධියක් තියෙන මිනිහෙක් කියයිද අර වීරවංශ ඇමති පහු ගියදා කියපු ජී මේල් කතාව.

    මං හිතන්නේ මිනිහට ඒ කතාව ආපහු ඇදලා ගන්න පුලූවන් නම් ඕනෑ දෙයක් කරයි ඒ වෙනුවෙන්. මිනිහට ගෙදර යන්නත් බැරිව ඇති ඒ කතාව නිසා.මොකද ඉතින් ඩිස්නිලන්තේ කියන්නේ බලන්න වටින ලස්සණ තැනක් නෙ.

    රට ඇතුලේ ඉන්න අයට නම් මේ වගේ විහිලු කතා වලට හිනහ වෙලා ඉන්න පුලුවන් . ප්‍රශ්නේ තියෙන්නේ පිටරට රස්සා කරන අයට, එක එක වැඩ වලට දූපතෙන් එලියට යන්න වෙන මිනිස්සුන්ට.අපේ රටේ නායකයෝ මේ වගේ මිනිස්සු කියලා කටක් ඇරලා කියන්නේ කොහොමද?

    සටහන- හැබැයි හිතන්න එපා මෙයාලාගේ මොලේ හැම තිස්සේම වැඩ කරන්නේ මෙහෙමයි කියලා.එහෙම නැහැ.මෙයාලා අනිත් වෙලාවට තමන්ගේ වැඩ ටික ගානට කර ගන්නවා. ටෙන් පර්සෙන්ට්, ‍ටුවෙන්ටි පර් සෙන්ට් ගනන් හරියටම හදා ගන්න පුලුවන්. එව්වා අවුල් නැහැ.[/

    මේ මනුස්සයට තියන ලෙඩේ මොකද්ද දන්නවය?…..මේක බොහොම දුර්ලභ ලෙඩක්…ලෝකෙ දැනට හොයාගෙන තියෙනව කියන්නෙ මේ රෝගෙන් පෙලෙන අය සීයකට අඩු ගානක්….ඇස්වහක් කටවහක් නෑ එයිං අනූහතරක්ම ඉන්නවය කියන්නෙ අපෙ මේ සිරි ලංකාවෙ….:) ඔන්න අර ආසියාවෙ ආස්වරිය මොකද්ද කියන අටමගලෙට දාන්ට පුලුවන් තව කාරණාවක්….

    මේ ලෙඩේට කියන්නෙ….” Oral open simultaneous brain blood supply negate syndrome” කියලයි, හිංගලෙං නං මෙහෙමයි “මෞඛ විවෘත මස්තිෂ්ක රුධිර සංසරණ නිෂේධන සහලක්ෂණය ” කොහොමද නම?….පිස්සු හැදෙනව නෙවද?…..

    තේරෙන බාසාවෙං කිව්වොත් කට අරිනවත් එක්කම මොලේට ලේ සැපයුම නතර වෙනව…..ඒක තමයි ලෙඩේ..තාම නෑ ලෙඩේට හේතුවක් හොයාගෙන ….වෛද්‍ය විශේෂඥයො කියන්නෙ දැනට කරන්ට පුලුවන් එකම දේ කට අරින්නෙ නැතුවම ඉන්න එක තමයි කියල.අනික් පුරස්නෙ තමයි දැනට ඔය ගැන පර්යේසන ඔක්කොම කෙරෙන්නෙ ඇමරිකාවෙ…ඒත් ඉතිං මේ මනුස්සය කොහොමෙයි ඇමරිකාවට යන්නෙ රෙද්දකුත් ඇඳගෙන?…..

    ඔය සමහර ලෙඩ වලට දානව ඒ ලෙඩේ ගැන මුලින්ම පර්යේෂණ කරපු වෛද්‍යවරුන්ගෙ නම්…….Alzeimer’s Desease, Downs Syndrome, Parkinson’s Desease….ඔන්න ඔය වගේ….ඒ වගේම ඒ ලෙඩේ හැදිච්චි ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නමෙනුත් ලෙඩ හඳුන්වන අවස්ථා කලාතුරකින් එනව.

    ඔන්න දැන් අපේ රටටත් ලොකු ගෞරවයක් ලැබෙන්ටයි එන්නෙ….British Medical Association එක යෝජනාවක් සම්මත කර ගන්ටයි යන්නෙ මේ අසනීපෙ ” Weerawansa’s Syndrome ” කියල නම් කරන්න නිල වශයෙන්ම…… ඒ කියන්නෙ ” වීරවංශ සහලක්ෂණය” … කොහොමද වැඩේ?…..මෙච්චර කල් අපේ රටේ කිසි කෙනෙකුට ලැවිච්ච ගෞරවයක්ද මේක?SIZE]