ලක්දිව පවතින ලොකුම මුදල් ජාවාරම කඨිනය බව මම සිතමි. රෑ තිස්සේ රෙද්දක් අල්ලා ගෙන, පන්දම දල්වා ගෙන, ගම දෙවනත් කරන්නෝ අන්ධයන් ය. මෙය වනාහි පුණ්‍ය පෙරහැරක් නොව, අන්ධ පෙලපාලියකි. මෙලොව, පරලොව දුකින් දුකට ඇද දැමෙන මෙම කඨින පෙරහැර තවමත් අභාවයට නොගොස් තිබීම පුදුමයක්.
භික්ෂුව වස් වැසියයුතු ය. කාළ හෙවත් සිතක කෙළෙස් මළකඩ කඩා ඉවත් කරමින් තෙමසක් ගත වන තැන බිහිවිය යුත්තේ අරහත් බුදුවරයෙක්. සොහොනෙන් ගත් රෙදි කැබැල්ල මෙවකට දිරා ඉරී ගොසින් ය. හිමියන් ගේ ආව තේව කරු මෙය දකී. අතීතයේ රෙදි යනු දුර්ලභ සහ වටිනාම දෙයක්. පේෂකාරයන් සමාජයේ ඉහතින්ම වැජඹුන යුගයක ඉවත හල රෙදි කැබැල්ලකින් විලි වසා ගැනීම මහත්ම විර ක්‍රියාවකි. ඇතැම්හු නිරුවතින්. සමහරු ගස් අතු, කොළ පොතු හෝ සත්ත්ව සමකින් විලි වසා ගෙන ය. නමුත් බෞද්ධ භික්ෂූවක් සදහා එය උචිත නොවේ.
දායකයාට නිසැකවම ගමේ අනිත් අයගේ උපකාරයෙන් රෙදි කඩක් සපයා ගෙන සකසන්නට සිදු වෙයි. මෙය කඨිනයේ ඉතිහාසයයි.
අද දවස වෙනස් ය. අටපිරිකර අවශ්‍ය වන්නේ ජීවිතයකටම එක් වරයි. එයට උදාහරණයක් දක්වන්නේ නම් ගොවියාගේ උදැල්ල වාගේම. තලය ගෙවී යන විට අළුත් කරයි. මිට කැඩුණු විට අලුත් මිටක් සවි කරයි. එහෙත් උදැල්ල පැරණි එක ම ය.
සිවුරු හිඟයක් හිඟයක් නැත. අරක්කු, කසිප්පු සහ ගංජා මතින් දවස ගෙවන්නන් මාර්ග පල වලට පත් වී සිටින බව සිතීම අසීරු ය. ගස් ගල් පිලිම වන්දනාව සහ සිල් පද කීම රස්සාවක් කර ගත් අයෙක් මග පල ලාභියෙකු ලෙස සිතීමත් විහිළුවකි. වත් මන් බහුතර භික්ෂුව එලොව අදුරට සහ මෙලොව මතට නියම වූවෙක් බැවින් කඨිනය යනු මුස්.. අට පිරිකර වෙළෙන්දන් වෙළෙන්දන් සතුටු කරවන නාඩගමක් පමණක්ම වී තිබෙයි. සිවුරේ රැදෙන්නාටඅවශ්ය තරම් මත් කාරක ලැබෙන්නේත්, පැරණි රන් පිලිම, නිධාන කාසි සහ රන් පත් උණු කර දෙන්නේ ඔවුන් පමණක් වියයුතු බැවින්.
සමාජය අන්තයටම දූෂිත කරවා ඇත.මිනිසෙකුට මිනිසෙක් පෙනෙන්නේ විෂඝොර සපුන වාගේ ය. ආහාර නැතිව දරුවෝත් මහල්ලෝත් ලෙඩ වෙති, විඳවති, අල්පායුෂ වෙති. කෑමට ඇති සුළු මුදලෙන් පංසලේ හාමුට රෙද්ද අන්දවන්නට යන්නෝ එබඳු අල්පායුෂ මරි මෝඩ ගැහැණු වෙති.
මේවා සොබා දහමට මෙන්ම, සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවනට ද බලා සිටින්නට අපහසු කාරණා ය. අද කඨින නාඩගමට දායකත්වය සපයන්නා, හෙට දවසේ සිදුවන්නට නියමිත දැවැන්ත මිනිස් සංහාරයක කොටස් කරුවෙක් වන්නේ වැරැද්ද වැරැද්දම නිසාවෙනි.
මිත්‍යා දෘෂ්ඨිකයන් ගෙන් මේ දහම් දීපය නිදහස් කර දෙනු මැනව!!!
Copied from FB
https://www.facebook.com/share/p/1AQ9QTqChT/?mibextid=oFDknk