කඩවත-කොටුව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ සිද්ධිය වෙලා දැනට දවස් 04ක් විතර වෙනවා. ත්‍රෙඩ් එක එදාම දාන්න හිතන් හිටියත් වැඩ අදික නිසා පුළුවන් කමක් උනේ නෑ. මම තාමත්මේ සිද්ධිය ගැන ඉන්නේ හිතේ අමාරුවෙන්.

    :(:(:(:(

    මම සාමාන්‍යයෙන් උදේට වැඩට යන්නේ බයික් එකේ. මට අවුරුදු 24ක් වෙනකන්ම බයික් එකක් තිබ්බේ නෑනේ. ඒ වෙනකන්ම මම ගියේ බස් එකේ තමා. බස් එක කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ පොදු වාහනය. වාරු තියන අය වගේම වාරුනැති අයත් බස් එකේ යනවා. වාරු තියන අය වාරු නැති අයට අසුනක් පිරිනමන එක තමා මනුස්සකම කියන්නේ. ඒ දේවලුත් හිතේ තියාගෙනම කතාව අහන්න.

    මට වෙච්ච ඇක්සිඩන්ට් එක නිසා මගේ අතකුයි කකුලකුයි හොඳටම තුවාල උනා කියලා දන්නවානේ. අතේ තුවාලේ ලොකු උනත් ඒක ඉක්මනින් හොඳ උනා. කකුලේ තුවාලේ තමා ගොඩක් රිදෙන්න ගත්තේ. මේ නිසා බයික් එකේ යන එක මම ටික දවසකට නැවැත්තුවා. (දැන්නම් හරි. ඊයෙ දවසට කි.මී.124 ක් රස්තියාදු ගැහුවා.) මේ සිද්ධිය උනේ ගිය අඟහරුවාදා. (2 වෙනිදා) මම එදා බස් එකේ තමා වැඩට ගියේ. මම උදේට සේදවත්ත අලුත් පාලම උදින් තමා බස් එක ගන්නේ. මම සාමාන්‍යෙන් පිටකොටුවට ගිහිල්ලා තමා වැඩට යන්නේ. එදා උදේ මගේ පුද්ගලික අවශ්‍යතාවකට මම උදේම කිරිබත්ගොඩට ගියා. මගේ තාත්තාගේ රැකියා ස්ථානයටයි මම ගියේ. ඒ ගිහිල්ලා නැවත පිටකොටුවට යන්න ඕනා අලුත් පාලම හරහාමයි.

    කිරිබත්ගොඩ ආර්ථිකේ ගාවින් 138 කඩවත කොටුව බස් එකකට ගොඩ උනා. බස් එකේ සෑහෙන්න සෙනඟ. බස් එකේ ඉස්සරහට යන්න බැරි තරම් සෙනඟ හිටියා. මට හිටගෙන යාමේ කිසි අපහසුතාවයක් තිබුනේ නෑ. කකුලේ තුවාලේ 90% ම හොඳවෙලා තිබුනේ. ඒත් කවුරු හරි එකෙක් කකුල පාගයි කියන බයට මම පස්සට වෙලාම හිටගෙන හිටියා. කොහොමත් මැද්දට යන්න බෑ. එච්චර් සෙනඟ. එන්න එන්නම සෙනඟ වැඩි උනා. කැම්පස් එක පහු උනාට පස්සේ හෝල්ට් එකෙන් බස් එකට නැග්ගා තරුණ අක්කා කෙනෙක්. පොඩි එක්කෙනෙක් වඩාගෙන. පොඩි එක්කෙනාට වයස අවුරුදු 4ක් විතර ඇති. ඒ අක්ක එක්ක තව අවුරුදු 10ක විතර පොඩි නංගි කෙනෙකුත් හිටියා. ඒ පොඩි නංඟි අතේ බෑග් දෙකක්. ඒ දෙන්නාට පිටිපස්සෙන් කොන්දොස්තරත් බස් එකට ගොඩ උනා. පොඩි එක්කෙනා වඩාගෙන ඒ අක්කා බස් එකට නගිනවා පිටිපස්සේ හිටිය ඔක්කොම මිනිස්සු දැක්කා. කිසි කෙනෙක් එයාට සීට් එක් දුන්නේ නෑ. මම හිටියේ පිටිපස්සේ සීට් එක ගාවමයි. පිටිපස්සේ හිටිය ඔක්කොම මිනිස්සු නිදි කිරා වැටෙනවා වගේ ඉන්නවා. සමහරුන්ගේ ඇස් ජනේලෙන් එලියෙ. කිසි කෙනෙක් සීට් එකක් දෙන පාටක් නෑ. අන්තිමට බස් එකේ සෙනඟත් එක්ක අක්කාට පොඩි එක්කෙනා වඩාගෙන ඉන්න අමාරුයි. ඒ අක්කා පොඩි එකාව බිමින් තිබ්බා. ඒ දරුවා අක්කාගේ ගවුම අත් දෙකෙන්ම ගුලිකරලා අල්ලගෙන. අපිටවත් හිටගෙන යන්න බැරි බස් එකේ ඒ පොඩි එකා කොහොම යන්නද? අම්මේ අම්මේ කියනවා මට යන්තම් ඇහෙනවා. කිසි එකෙක් සීට් එක් දුන්නේ නෑ. කොන්දා ඒ අක්කාගෙන් පිටට තට්ටු කරලා ටිකට් ගන්න කීවා. අතේ තිබ්බ කීයක්ද දීලා ආමර් වීදියට ටිකට් දෙකක් ගත්තා. ටිකට් එක දෙන ගමන් "ඔහොම මැද්දෙන් ඉස්සරහට යන්න" කියලා කොන්දා අර අක්කාට කීවා. අර පොඩි දරුවා එක්ක එයා කොහොම යන්නද. ඒ අක්කා එහෙම්මම හිටියා. ඊගාව පාර තව හයියෙන් "මම එකපාරක් කිව්වා නේද? ඔහොම හිටියාම අනිත් අය කොහෙද යන්නේ? මැද්දෙන් ඉස්සරහට යන්න" කොන්දා සද්දේ දානවා. මට කටවහගෙන ඉන්න බැරි උනා. "අයියේ, මේ පොඩි එක්කෙනා එක්ක කොහොමද යන්නේ?කිසි කෙනෙක් සීට් එකක් දුන්නේ නෑ. කොහොමද මැද්දට යන්නේ. පේන්නෙ නැද්ද පොඩි එකෙක් ඉන්නවා කියලා" මම කොන්දාර උත්තර දුන්නා. මූ මගේ මූන බැලුවා. "මහත්තයාට ඕනා නම් පොඩි එක්කෙනාව වඩාගෙන ඉන්න. මෙතන ළමයි නලවන්න අපිට බෑ" ඔන්න කොන්දා මටදීපු උත්තරේ.

    උදේ 7 කියන්නේ මිනිස්සු රස්සාවට යන වෙලාව. මමත් ඔෆිස් යන ගමන්. මම වගේ තව සෑහෙන පිරිසක් බස් එකේ හිටියා. වෙන වෙලාවක කොන්දෙක් මට ඔය උත්තරේ දුන්නා නම් බස් එක මම අලුත් පාලම උඩින් සේදවත්තට හරෝනවා. මට ඒවෙලාවේ මූට දෙකක් කෙලින්න මයි හිතුනේ. බොහෝම අමාරුවෙන් ආවේගය මැඩගෙන හිටියා හේතු කිහිපයක් නිසා. (අනිත් උන්ට ගහන්න කලින් මගේ අතයි කකුලයි හොඳ කරගෙන ඉන්න ඕනනේ. :P)

    මෙහෙම වෙලාත් කිසිම කෙනෙක් ඒ අක්කාට සීට් එකක් දුන්නේ නෑ කියලා ඔයාලා විශ්වාස කරනවාද? ඒත් උනේ ඒක තමයි. පිටිපස්සේ ඉට් එකේ 6 දෙනෙක් වාඩි වෙලා හිටියා. ටයර් හන්දියෙන් දෙන්නෙක් බැස්සා. මම අර අක්කාට වාඩි වෙන්න කියනකොටම, හිටගෙන හිටිය මගේ තුවාල කකුලත් පාගගෙන පිරිමි ඩයල්( මුං පිරිමි නෙමෙයි. ගෑණුත් නෙමෙයි. දෙකටම නැති උං :angry: ) එකක් ඇවිත් සීට් එක මැද්දෙන් වාඩි උනා. ඌ වාඩි උනේ වෙන කාටවත් වාඩ් වෙන්න බැරි විදියට. ඒ අක්කා සීට් එකේ වාඩි වෙච්ච කෙනා දිහාත් මගේ දිහාත් බලලා පොඩි එක්කෙනාගෙ මූන බැලුවා. අන්තිමට ආමර් වීදිය වෙනකන්ම හිටගෙන ආපු ඒ අක්කා පොඩි එක්කෙනාත් වඩාගෙන ආමර් වීදියෙන් බැහැලා ගියා.

    අන්තිමට මමත් පිටකොටුවෙන් බැස්සා. කොන්දා හිටියා දොර ගාව. මම මූ එක්ක හොඳට හිනා උනා. මූත් මාත් එක්ක හිනා උනා. මම කනට කරලා මෙහෙම කීවා. මම අලුත් පාලම උඩ ඉන්න වෙලාවක මට අහුවෙන්න එපා. උඹට මම කනට එකක් ගහනවාමයි කියාගෙන මම යන්න ගියා. මූත් මොනාදෝ මහා හයියෙන් කියෝනවා මට ඇහුනා. මම මට නෙමෙයි වාගේ යන්න ගියා.

    මේ වගේ සිද්ධි අනන්තවත් වෙනවා. ගොඩක් වෙලාවට බස් එකකට නඟිනකොට කාන්තාවන් පෙරලගෙන පිරිමි අය නඟිනවා මම දැකලා තියනවා. වයසක ආච්චිලා සීයලා යනකොට නොදැක්කා වගේ යන අය ඕනෑ තරම් ඉන්නවා.

    එහෙම කරන්න එපා. බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු.

    පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
    අනිත් අය සන්තෝසෙන් තියන්න.

    :):):)
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ යකෙක්නෙ............... :sorry::sorry::sorry::sorry: වෙලාවට මූ බයික් ‍එකේ යන්නෙ බස්‍ එකේ ගියානම් මූගෙ අතපය වල හැමදාම තුවාල:lol::lol::lol::lol:

    ඔහොම තමා බං ලංකාවෙ එවුන්ගෙ හැටි.... මොකෙක් හරි කෙල්ලෙක්ට ජැකක් ගහල කෙල්ලො අපහසුතාවට පත්වෙද්දි අපි කතා කරන්න ගියොත් නිකන් අපිට කන්න වෙන්නෙ

    අපේ පැත්තට කතා කරන්න කවුරුත් නෑ ඔක්කොම අර වලත්තයාගෙ පැත්තෙ
    ඕකයි අද රටේ තත්වෙ

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අර කොන්දොස්තරයට හොදට සැලකුව නම් හරි ආයිත් ඒ වගේ වැඩ නොකරන්න, ලන්කාවෙ දැන් මනුස්සකම් තියන මිනිස්සු අඩුයි,

    ඇත්තෙම නැති ගානයි බං..... හැමදාම පන්සල් පල්ලි යන මිනිස්සුන්ට වඩා සමහර රස්තියාදු ගහන කාඩ කොල්ලො ලග මිනිස් කම තියෙනව
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔක පොඩි ලමයි උඩව් කලත් ලොකු මිනිස්සු උඩව් කරනෙ නැ බන් ,ආබාධිත හමුදා සහෝදරයෙකුටවත් ඉද ගන්න තැනක් දෙන්නෙ නැති රටේ ඕක වෙය්ඩ,ඒ අයට අම්මල ඉදල නැ.එයලගෙ දරුවො නැ.ඕක එයලට තේරෙන්නෙ එයත්ත් ඔය වගේ දේකට මුහුන දුන්නම :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොනා කරන්නද මචන්.. ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා...අර සිංදුවක් තියෙන්නේ
    "දකින විට පන්සක් කෝවිලක් පල්ලියක්" කියලා.. ඒ සිංදුවේ ඔය ගැබිනි මාතාවක් දැක්කම බස්වල ඉන්න උන් හැසිරෙන හැටි හොඳට තියෙනවා..
    උඹ ඕකට දෙකක් ගහපන් අනිවා පරයට:angry::angry:
    මම එක දවසක් 100 බස් එකක යද්දි බීපු එකෙක් බස් එකට නැගලා කෑ ගහනවා. බස් එකේ ඉන්න ඔක්කොම වේස ගෑනුලු..ඕන එකකට ගහන්න පුලුවන් කියලා..කොන්දත් කට වහන් ඉන්නවා.. කෙල්ලෝ දිහා බල බල කියනවා.. මාත් හිටියේ කෙල්ලත් එක්ක.. මේකා අපිටත් කිව්වා.. එදානම දුන්නා පරයට කන රත් වෙන්න:angry:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා මචන්.
    ලංකාවෙ සාමාන්‍ය සිදුවීම්.
    අනෙක් එක ඔය කොන්දලාට මෙලෝ ලැජ්ජාවක් බයක් තියෙන උන් නෙමෙයි.ඉතින් ඔය වෙලාවට අපිට වෙන්නේ අපේ ලැජ්ජාව ගැන හිතලා කටපියාගෙන ඉන්න.

    ඒත් බස් වල යන සාමන්‍ය ජනතාව නම් අනිත් මිනිස්සු ගැන මීට වඩා හිතනවනම් හොදයි.

    උඹ ඌට සිරාවටම ගහනවඩ බන්:P:P:P
    තව ප්‍රශ්නයක් අක්කගෙ දූ උඹට කොහොමද නංගි උනේ...:P:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
    අනිත් අය සන්තෝසෙන් තියන්න.

    එහෙම උදව්වක් කලාම හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ........

    නිකමට වගේ මම කියනවට කරල බලපල්ල
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඇත්තෙම නැති ගානයි බං..... හැමදාම පන්සල් පල්ලි යන මිනිස්සුන්ට වඩා සමහර රස්තියාදු ගහන කාඩ කොල්ලො ලග මිනිස් කම තියෙනව
    ඒක ඇත්ත මචන්
     

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔයගෙ කතාව නම් සම්පුර්ණ ඇත්ත.
    ඔය වගෙ වැඩ අනන්තවත් වෙනවා.
    අපරාදෙ කොන්දට දෙකක් අනින්නමයි තිබ්බෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ යකෙක්නෙ............... :sorry::sorry::sorry::sorry: වෙලාවට මූ බයික් ‍එකේ යන්නෙ බස්‍ එකේ ගියානම් මූගෙ අතපය වල හැමදාම තුවාල:lol::lol::lol::lol:

    ඔහොම තමා බං ලංකාවෙ එවුන්ගෙ හැටි.... මොකෙක් හරි කෙල්ලෙක්ට ජැකක් ගහල කෙල්ලො අපහසුතාවට පත්වෙද්දි අපි කතා කරන්න ගියොත් නිකන් අපිට කන්න වෙන්නෙ

    අපේ පැත්තට කතා කරන්න කවුරුත් නෑ ඔක්කොම අර වලත්තයාගෙ පැත්තෙ
    ඕකයි අද රටේ තත්වෙ


    :lol::lol::lol::lol:

    ඒක බලා ගන්න තිබ්බා ඌ මට වෙන වෙලාවක අහු උනා නම්. ඒක නම් ඇත්ත. උදේට 154 බස් එක ජැක් විමානයක්. කෙල්ලෙක් මොකක් හරි කිවොත් පිරිමි දෙන උත්තරේ " බස් එකේ යන්න බැරි නම් කාර් එකක් ගන්න" කියලා. එකෙක්වත් කතා කරන්නේ නෑ ඒවාට.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    haffa! mea wage dewal nam ithin lankawe godak thiyanawane hehe aluth deyak newe ;) :D kondoth ekai inna minissuth ekai :rofl:

    PS : perera aiya chandiyek da? :lol:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔය වගේ උන් හැම තැනම ඉන්නවා,ගොඩක් වෙලාවට පිරිමි තමා seat වලට දගලන්නේ,මේ වගේ උන්ට ගෙවල් වල අම්ම,ගැණු,සහෝදරියෝ ඉන්නවද කියලත් හිතෙනවා.
    කොන්දට කන පැලෙන්න දෙන්න තිබුනේ,එතකොට හරි ආයේ ඔය වගේ වැඩක් කරන එකක නැහැ.
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔය වගේ උන් හැම තැනම ඉන්නවා,ගොඩක් වෙලාවට පිරිමි තමා seat වලට දගලන්නේ,මේ වගේ උන්ට ගෙවල් වල අම්ම,ගැණු,සහෝදරියෝ ඉන්නවද කියලත් හිතෙනවා.
    කොන්දට කන පැලෙන්න දෙන්න තිබුනේ,එතකොට හරි ආයේ ඔය වගේ වැඩක් කරන එකක නැහැ.