කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

12391948_776425002463138_2003960246876823834_n.jpg
රදළ උන්මාදයෙන් වැනසුණු අපේ උන්ගේ ...
කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.
බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්යාපන පනත ගෙනඒමට සැරසෙද්දී, ඔහු මුණ ගැසුනු බණ්ඩාරනායක, "මොකක්ද Cris මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ " යයි විමසු බව ප්‍රසිද්ධ කරුණකි. මින් නොනැවතුන බණ්ඩාරනායක, නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව තම චන්දය පාර්ලිමේන්තුවේදී භාවිත කරන ලදී.
කෙසේනමුත් බණ්ඩාරනායක වැනි කුහකයන්ට එදා නිදහස් අධ්‍යාපන පනත පරාජය කිරීමට නොහැකි විය. එමනිසා බලයට පත්වූ විගස බණ්ඩාරනායක කලේ ඉංග්‍රීසියෙන් පැවතුන අධ්‍යාපනය සිංහලයට පෙරලීමයි. මෙය එකල ගුරුවරුන්ටද මහත් ජංජාලයක් වූ අතර ඉංග්‍රීසි නොදන්නා බහුතරයක් ඇතිකිරීමට මෙමගින් ඔහුට හැකිවිය. "කඩ්ඩ" පිළිබද ප්‍රශ්නය පැනනැගෙන්නේ මෙතැන් පටන්ය. කෙසේනමුත් බණ්ඩාරනායකගේ දරුවන් තිදෙනාම ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට විදෙස්රටවලට යැවූයේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ බූදලය සේ සිතාගෙනය. එහෙත් ඕලමොට්ටලයන් වූ ඔවුන් එකෙක්වත් අධ්‍යාපනය හමාර කලේ නැත. සිංහල ජාතික භාෂාව කිරීම නිසා පාර්ලිමේන්තුව තුල දමිල පීඩනයක් ඇතිවීම හේතුවෙන් පසුව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකාවේ ජාතික භාෂාව සිංහල හා දෙමළ බවට පත්කළේය. භාෂාවන් දෙකක් ජාතික භාෂාවන් බවට පත්වූ ප්‍රථම හා එකම රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසයේ නම සනිටුහන් කරගන්නා ලදී.
සුද්දා භාරගත්තේ "සිංහලේය", එහෙත් භාරදුන්නේ "ශ්‍රී ලංකාවය " එසේ භාරදුන්නේ නියම උරුමකරුවන්ට නොව, උන්ට බැලමෙවරකම් කල බණ්ඩාරනායකලා වැනි කලු සුද්දන්ටය. බණ්ඩාරනායක බලය ලබාගත්තේ,ජාතික ඇදුමින් සැරසී යුරෝපීය පයිප්පය කටේ ගසාගෙන, සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු යනුවෙන් තම කූට ප්‍රචාරණ යාන්ත්‍රණය ගෙනයමින්, සාමාන්‍ය නිර්ධන පන්තියේ ජනතාවගේ කරමතිනි. ඔහු එදා නිදහස් අධ්‍යාපනය සිංහලයට පෙරලා කල කොඩිවිනයේ ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතී. සිංහල බස අපගේ මවු බස වුවද , එය භාවිත වන්නේ අපගේ කුඩා දිවයින තුල පමණි. එමගින් ජාත්‍යන්තරයට යාමට නොහැක.බොහෝ පිරිසකට "කඩ්ඩ " අදටත් ප්‍රශ්නයකි. රැකියාවක් සදහා බොහෝදෙනෙකුට ඇති බාධකය ඉංග්‍රීසිය. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේදී බොහෝදෙනෙකුට ඇතිවන බධකයද එයයි.විදේශිකයන් හා උරෙනුර ගැටීමේදී බුද්ධිමත් ලංකිකයන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නය අනෙකක් නොව භාෂාවයි. ලාංකිකයන් ඉංග්‍රීසි භාෂාවෙන් එකල මෙන් අධ්‍යාපනය ලැබුවේ නම් ජාත්‍යන්තරය හමුවේ ආත්මවිශ්වාසයෙන් මුහුණදෙනු නිසැකය. බණ්ඩාරනායක නමැති කලුසුද්දා කලේ උන්ගේ පන්තියට අයිති වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලැබීම වැලැක්වීම සදහා භාෂාව නමැති බාධකය යොදා නිදහස් අධ්‍යාපනයේ අගය බාල්දු කිරීමය. මෙය නිවැරදි කිරීමට කිසිදු වගකිවයුත්තෙකුගේ අවදානයක් මේ දක්වා යොමුනොවීම අවාසනාවට කරුණකි.
 
  • Like
Reactions: lasankandy

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ මන්ද බන් ඕක ඉංග්‍රීසියෙන් තිබ්බ නං උඹල කියයි අපේ භාෂාව වැනසුව පර සුද්දගේ භාෂාව අපිට පැටෙව්ව අපේ රටේ අනන්‍යතාවේ වැනසුව කියල, සිංහල කරාම කියනව අපිට කඩ්ඩ ඉගෙනගන්න තිබ්බ චාන්ස් එක නැති කරා රට ආපස්සට ගෙනාව කියල. :dull:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද බන් ඕක ඉංග්‍රීසියෙන් තිබ්බ නං උඹල කියයි අපේ භාෂාව වැනසුව පර සුද්දගේ භාෂාව අපිට පැටෙව්ව අපේ රටේ අනන්‍යතාවේ වැනසුව කියල, සිංහල කරාම කියනව අපිට කඩ්ඩ ඉගෙනගන්න තිබ්බ චාන්ස් එක නැති කරා රට ආපස්සට ගෙනාව කියල. :dull:

    :rolleyes: :yes::yes: :rolleyes:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    prasna godaai...but mata english elatama bari eka gana man pattama dukakin inne. english puluwan..eth sinhala wage bahane ban...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    YAKO EKA HODA WADAK ETH PASSE PASSE LANKAWE KALU SUDDO BIHIWENNA GATTA EKEN LANKAWE BAGAYAK ENGLISH BAGAYAK SINHALA SEEN EKAK ATI UNA..

    SAMPRNA MULU RATAMA SINHALA USE KARANAWA NAM SECOND LANGUAGE EKA WIDIYATA ENGLISH HODATA UGANNANAWA NAM APE RATA HODA THANAKATA ENAWA.

    Chine, Russia, Japan, France, German wage ratawala english ape ratata wada weak....

    e karapu wade yahapath adahasakin kalada naraka adahasakin kalada kiyanna mama danna.. eth e wade hoda wadak... eth ape paukaara minissunta ape dewal walata wada pita rata dewal hodai neh.. enisa kawadawat ratak widiyata godayanna baa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකාගේ සොහොනටත් හෙන ගැහුවේ එක හින්දානේ.මහා අපතයෙක්...
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    බණ්ඩාරනායක යනු අමුම අමු කුහක කැපාඩි කලු සුද්දකු බව නම් නොකිවමනාය. සියල්ලන්ම එය දනී. අර කිව්වත් වගේ ඉංග්‍රීසීන් බාරගත්තේ සිංහලේය. බාර දුන්නෙ ශ්‍රී ලංකාවය. එයද බාර දුන්නා නොව තමංෙග් පදේට නටන කලු සුද්දන්ව තනතුරුවලට පත්කලා පමණකි. එම කරුමය අප තවම ගෙවමු.

    සිංහල රාජ්‍ය භාෂාව කිරීමත්, අධ්‍යාපන ක්‍රමය සිංහල කිරීමත් මෙහි දී උත්ගත වන ගැටලුවක් නොවේය. මෙමගින් උත්ගත වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම නමට පමණක් සිදුවීම නිසා උත්ගතවූ අවශේෂ ගැටලූ වලට ලක් වැසියන්ට මුහුණ පාන්නට සිදුවීමය. ඒ හරහා සුද්දාට අවශ්‍ය වූ ලංකාව දිගටම සිය ග්‍රහණයේම පවත්වාගන්නට උන්ට හැකිවිය. එයට බණ්ඩාරනායකලා ඩී.එස්. ලා වැනි ගොඩ සුද්දන් මහත්වූ දායකත්වයක්ද සැපයීය.

    සිංහලයට වුනේ අනෙකකි. මතුපිටින් සිංහලයට පිලිගැනීමක් ලබා දෙන්නා සේ කටයුතු කළ මෙම කලු සුද්දන් නැතහොත් කුපාඩියන් සිය මාතෘ භූමිය සුද්දට කැත නැතුව පාවා දීමෙන් සුද්දාගේ දික් විජය ප්‍රතිපත්තිය වඩාත් ලාබෙට කලුසුද්දන් හරහා කරගන යාමට හැකි වීම එක අතකට සුද්දා ලැබු ජයග්‍රහණයකි.

    ජපානයද දූපත් රාජ්‍යකි. ජපන් බස කතා කරන්නේද මුලු ලෝකෙන්ම ජපනුන් පමණි. එනමුත් ජපානය තුල ජපන් බසට ඇත්තේ අනුපමේය තත්වයකි. එමගින් ජපානය තුල ජීවත්වන්නට නම් ජපන් බස දැන සීටීම අත්‍යවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එමෙන්ම ජපන් ජාතිකයන් ජාත්‍යන්තරයද ඉහලින්ම ජයගෙන අැත. එයට ජපන් බස හරස් වී ඇති බවක් කීකලෙකවත් අසන්නට දකින්නට ලැබී නැත. එයට හේතුව ජපනා හපනා වීම පමනකුදු නොව ජපානය තුල සිය ජාතිකත්වයට බසට නිසිතැන ගෞරවය ලැබී තිබීමය.

    සිදුවිය යුත්තේ අපේ රට තුල අධ්‍යාපන ක්‍රමය යටත්විජිත වහල් භාවයෙන් මුදා දෙපයින් නැගී සිටුවීමය. එමගින් අදට වඩා ජාත්‍යන්තරය ජයගත හැකි ප්‍රෞඩ ජාතියක් මේ කුඩා භූමිය තුලින්ද මතුවනු නිසැකය.