කඩෙන් කනවනම් මේ ගැනත් හිතපල්ලා

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කඩෙන් කනවනම් මේ ගැනත් හිතපල්ලා

    පිරිසිදු බව භෝග ආහාරපාන ආදිය ගැන සිහින මවන ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇත්තේ වස විසය. කිරි පිටි ගෙන්වන්නේ වස සමගය. අපේ රටේ හාලට වඩා වටින්නේ පිටරට හාලය, පාන් පිටිය. රට වටේම මුහුද තිබියදී මාළු කෑල්ල ලැබෙන්නෙත් පෝමලින් කුට්‌ටි බවටය. පැරැන්නෝ ගෙවත්තේ වවා පරිභෝජනයට ගත් පළා කොළයට සිදුව ඇත්තේ ඒ සියල්ලටම වඩා හානියකි. අප කෑමට ගන්නේ බෙහෙත් ගසා 'බලෙන් නැවුම්' කරන ලද එළවළුය, කුණු වූ එළවළුය. ඒ වගෙහි සැබෑ තතු අපි දෑසින්ම දුටුවෙමු. සිද්ධිය ඇස ගැටෙන්නේ පිටකොටුව මැනිං වෙළෙඳපොළේදීය. ඉහළ ගිය එළවළු මිල ගැන විපරම් කරන්නට මැනිං වෙළෙඳපොළට ගිය අවස්‌ථාව්දීය.

    සිද්ධිය මෙසේය. කුණු ගොඩ තරමක්‌ විශාලය. තනිකරම එළවළුය. ඒ මත දෙදනෙකු කුණු එළවළු තෝරති. කලිසම් කමිස ඇඳගත් අයකු නෝකෝල් ගෙඩි තොරමින් කොළ කඩා පෝර උරයකට දමන්නේය. අනෙක්‌ කෙනා එළවළු බහාලන පෝර උරය අල්ලාගෙන සිටින්නේය. ඔහු නම් ඇඳ සිටින සරොම සහ කමිසය ළිපේ දැම්මත් පිච්චෙන්නේ නැති තරමටම දූවිලි බැඳී අපවිත්‍ර වී තිබිණි.
    අපි කුණු ගොඩට ඈතින් සිට බලා සිටිමු. කිසිදු වගක්‌ නැති ඔවුහු හිස පහළට හරවා එළවළු තෝරන්නාහ. නෝකෝල් කොළ කඩා ගෙඩිය අතින් පිරිමැද බෑගයට දමන්නේය. කුණු වී ඇති කැරට්‌ ගෙඩි පිහියකින් කපා හොඳ ටික බෑගයට දමන්නේය. අල ගෙඩියත් එසේමය. ගන්න පුළුවන් හැම එළවළුවකම හොඳ ටික ගන්නේය. අපි කුණු ගොඩෙන් ඇස්‌ නොගත්තෙමු. මා අසල සිටි සමන් පින්තූරයක්‌ද ගත්තේය. පැය භාගයක්‌ද ගෙවී ගියේය. දැන් නම් පෝර උරය භාගයක්‌ පමණ එළවළුවලින් පිරී ගොස්‌ය. කලිසම් ඇඳ සිටි කෙනා අනෙක්‌ කෙනාට මොකක්‌ද කියනවා පෙනේ. මොහොතකින් කලිසම් ඇඳ සිටි කෙනා වෙළෙඳසලක්‌ තුළට ගියේය. අනෙක්‌ කෙනා එළවළු පුරවපු පෝර උරයත් කර තියාගෙන මැනිං වෙළෙඳපොළෙන් ප්‍රධාන පාර පැත්තට ගමන් කළේය. ඔහු පිටුපසින් අපිත් ගමන් කළෙමු. මැනිං මාර්කට්‌ටුවේ ප්‍රධාන දොරටුවෙන් එළියට පැමිණි ඔහු පාර මාරු වී කොටුව බෝගහ ළඟින් වැටුණු පස්‌ වන හරස්‌ වීදිය දිගේ ඉදිරියට ගමන් කරන්නේය. අපි ඔහු ලුහුබඳින්නෙමු. සෙමෙන් ඉදිරියට ගෑටු ඔහු ගෑස්‌පහ හන්දියේ පොළ අසල පෙට්‌ටි කඩයකට රිංගුවේය. එතැනින් එහාට ඔහු ගැන විපරම් කිරීමට අපට නොහැකි විය.

    කුණු එළවළු අලුත් කර නැවත විකිණීම අරුමයක්‌ නොවේ. එය බොහෝ දෙනකු දන්නා කාරණයකි. දන්නා දේ විස්‌තර කර කීම අපේ යුතුකමකි. එහෙයින් අප කිහිප වතාවක්‌ම මැනිං වෙළෙඳපොළට ගොස්‌ කුණු එළවළු ජාවාරම කෙරෙන ආකාරය ගැන විපරම් කර බැලුවේය. ඒ ගිය අවස්‌ථාවල එළවළු පමණක්‌ නොව ඊට එහා ගිය බඩ නලියන කුණු කතා කිහිපයක්‌ ගැනම අපට දැන ගන්නට ලැබිණි.

    "ඕක අද ඊයේ වෙන දෙයක්‌ නෙමෙයි. කාලෙක ඉඳලම කෙරෙනවා. දැන් අඩුයි. ඉස්‌සර අපි කාලා විසි කරන බත් කොළේ ඇහිඳගෙන කන මිනිස්‌සු හිටියා... මානසික ලෙඩෙක්‌ හැරෙන්න දැන් එහෙම අහක දාන ඉඳුල් කන මිනිස්‌සු මේ මාර්කට්‌ටුවේ නැහැ. ඉඳල හිටලා හරි එහෙම කෙනෙක්‌ හිටියොත් අපි බත් පැකට්‌ එකක්‌ අරගෙන දෙනවා..." අප සමග කතා කර වෙළෙන්දකු මොහොතකට කුණු කතාව අතීතයට ගෙන ගියේය. ලැබුණු විරාමයෙන් ක්‍රියාත්මක වූ තවත් වෙළෙන්දකු කුණු එළවළු කතාවේ ඇතුලාන්තයට ගියේය.
    "මේ අවට පැල්පත්වල කන්න නැති මිනිස්‌සුත් ඇවිල්ලා විසි කරන එළවළු තෝරගෙන ගිහින් කෑමට ගන්නවා. සමහර දවස්‌වලට ගෑනු ඇවිත් එහෙම එකතු කරගෙන යනවා අපිට පේනවා. හැබැයි මැනිං මාර්කට්‌ටුවේ වෙළෙන්දෝ ඔය කුණු වැඩ කරන්නේ නැහැ. මුට්‌ට කරගහන අයවත් කුණු එළවළු එකතු කරන්නේ නෑ. ඒ මිනිස්‌සු කන්නේ සුපිරි එළවළු. ඔය කුණු ගොඩවල් අවුස්‌සන්නේ කුඩ්ඩෝ. පහුගිය කාලේ එකෙක්‌ හිටියා කඩවලින් එළියට දාන එළවළු බෑග් එකකට එකතු කරගෙන, ටැප් එකක්‌ ළඟට ගිහින් හෝදගෙන ඇවිත් මේ ඉස්‌සරහා තියාගෙන විකුණනවා. අපි කොච්චර පැන්නුවත් ඌ ඒකම කළා. බැරිම තැන පොලිසියට කියලා පන්න දැම්මා. දැනුත් ඒ මනුස්‌සයා ඇවිත් කුණු ගොඩවල් අවුස්‌සලා එළවළු එකතු කරනවා. හැබැයි මැනිං මාර්කට්‌ටුවේ විකුණන්නේ නැහැ. මිනිස්‌සු කුණු ගොඩවල් අවුස්‌සන එක අපිට නවත්වන්න බැහැ. හැබැයි ඒ එකතු කරන එළවළු මැනිං මාර්කට්‌ටුව ඇතුළේ විකුණන්න දෙන්නේ නැහැ..."

    "කුඩ්ඩෝ මොන දහාදුරා වැඩේ කරලා හරි කුඩු පැකට්‌ එකට සල්ලි හොයා ගන්නවා. කුඩ්ඩෝ කුණු එකතු කරන්නේ මොළේ විකාරෙන්. සිහිබුද්ධියක්‌ ඇති බත් කඩකාරයෝ දැනගන්න ඕනා මේ කුණු ජාරාව මිනිස්‌සුන්ට කන්න දෙන්න හොඳ නැහැ කියලා. ඔය බත් කඩකාරයෝ උන්ට කන්න වෙනම උයා ගන්නවා. විකුණන්න තියෙන බත් උන් කන්නේ නැහැ. කොටුවේ බත් කඩකාරයෝ නම් පුදුම සත්තු ජාතියක්‌ මහත්තයෝ... හොඳලා ගන්න පුළුවන් නම් ඕනෑ ජාරාවක්‌ ගන්නවා..." කුණු එළවළු කතාව දැන් දිගට ඇදෙන්නේය. එක්‌ වෙළෙන්දකු එළවළු මැද්දට කුණු පලතුරු ගෙනත් දැම්මේය...

    "එළවළු විතරක්‌ නෙමෙයි මහත්තයෝ විසි කරන පලතුරුත් එකතු කරගෙන ගිහින් හෝටල්වලට දෙනවා. ඔය කොටුවේ හෝටල්වල zෙµ්‍රෂ් ජූස්‌' කියලා දෙන තරමක්‌ දෙන්නේ මැනිං මාර්කට්‌ටුවේ පළතුරු කඩවලින් විසි කරන පළතුරු. එළවළු වගෙ නෙමෙයි පලතුරු නරක්‌ වුණ ගමන් පණුවෝ ගහනවා. ඒවත් එක්‌කම බෙලෙන්ඩර් කරලා ගත්තම ජූස්‌ එක පංකාදුයි. මිනිස්‌සු රස කරලා බොනවා. බඩේ ලෙඩක්‌ හැදුනහම තමයි දඟලන්නේ. ඒත් ඉතිං බඩේ ලෙඩේ හැදුනේ බීපු පලතුරු ජූස්‌ එක නිසා කියලා කියන්න බැහැනේ. ඉතිං හෝටල්කාරයාට ගැටලුවක්‌ නැහැ..."

    ඔය බත්කඩකාරයෝ හැමෝම වගේ දවස්‌ දෙකකට වතාවක්‌ බඩු ගෙනියන්න මැනිං මාර්කට්‌ටුවට එනවා. ඒ අය ගෙනියන්නේම ගොඩගහලා විකුණන එළවළු. ගාන අඩුයි. එළවළු පරණයි. පෝර උර පිරෙන්න ගෙනියන්න පුළුවන්. පලතුරුත් එහෙමයි. තැලිලා පැත්තකට දාන්න ඕන්න මෙන්න පලතුරු තොග පිටින් අඩුවට දෙනවා. ඉතිං අර මිනිස්‌සු අරගෙන යනවා... ඒවා හදල රස කරලා මිනිස්‌සුන්ට විකුණනවා. ඕවා ගැන කොච්චර කතා කළත් වැඩක්‌ නැහැ. හාවා හඳ දකින්න වගේ නගර සභාවෙන් පැනලා හෝටල් වටලනවා. ඒත් ඒ නිලධාරීන් එන්න ඉස්‌සර වෙලා හෝටල්කාරයෝ දන්නවා. සේරම දුවන්නේ එකම පීල්ලේ මහත්තයෝ... රැවටෙන්නේ මිනිස්‌සු..."

    "අර යන මෑන් එළවළු එකතු කරන කුඩ්ඩෙක්‌. අපි කතා කරලා බලමු. මිනිහා කතාවට වැටුණොත් ගොඩ..." අප අසල සිටි එක්‌ වෙළෙන්දකු අත්පුඩියක්‌ ගසා මැනිං වෙළෙඳපොළ හරහා ඇවිද යන කෙනෙකුට අත වැනුවේය. අත්ල තැලෙන හඬට ඔහු අප දෙසට හැරිණි. ගිලුණු දෙනෙත්වලින්, දිරා ගිය ශරීර කූඩුවෙන් කුඩු එළියට පනින තරම්ය. සැර සුළඟට ගසාගෙන යන තරමට ඔහුගේ ශරීර කූඩුව දිරා ගොස්‌ය. කඩමලු කොට කලිසමක්‌ හැද නාමර බැඳුණු ටී ෂර්ට්‌ කෑල්ලක්‌ හැඳ සිටි ඔහු අප අසලට ආවේය.

    "අද බිස්‌නස්‌ කොහොමද..." ඔහුට කතා කළ වෙළෙන්දාම එසේ ඇසීය.

    "තවම බඩු වැටිලා නැහැ..." ගොරහැඩි හඬ පිට කිරීමට ශක්‌තියක්‌ නැති තරම්ය.

    "මොකද අද තවම බඩු දාගෙන නැහැ වගේ..."

    කුඩ්ඩෝ ගැන දන්න වෙළෙන්දකු ඔහු කුඩු සික්‌ එකෙන් ඉන්න බව තේරුම් ගත්තේය.

    "ඔව් මහත්තයෝ තවම බිස්‌නස්‌ එකක්‌ කෙරුවේ නැහැ..."

    "ඔය එකතු කරන එළවළු කොහේටද දෙන්නේ..."

    එළවළු තියෙනවා නම් දෙන්න ඕන තරම් තැන් තියෙනවා මහත්තයෝ. පිටකොටුවේ ඉස්‌සරහ ලස්‌සනට තියෙන හැම බත් කඩේකටම මම එළවළු දීලා තියෙනවා. රයිස්‌ කඩවලට කැරට්‌ ගෝනියක්‌ වුණත් දෙන්න පුළුවන්. ඒත් ඔය කඩකාරයෝ කරගහගෙන යන කුලියවත් අපිට දෙන්නේ නැහැ. හැබැයි මහත්තයෝ මම කොච්චර එළවළු එකතු කරත් කිසිම දවසක ගෙදර ගෙනියන්නේ නැහැ. මොකද එළවළු කොච්චර තේරුවත් ගන්නේ කුණු ගොඩෙන්. සමහර වෙලාවට සිරි සිරි ගලා පණුවෝ... ඉතිං ඕවා දැක දැක පොඩි උන්ට කන්න දෙන්න බැහැනේ. එකතු කරන එළවළු විකුණලා හවසට ගෙදර යනකොට මේ කඩවලින් අඩුවට බඩු ටිකක්‌ අරගෙන යනවා..." කුඩ්ඩා සියලු දේ වමාරන්නේය. ඒ අතර මම ඔහුට පැනයක්‌ ඉදිරිපත් කළෙමි.
    vege1.jpg
    "දැන දැන ඇයි කුණු ජාරව විකුණන්නේ..."

    මොහොතක්‌ ඔහු අප දෙස බලා සිටියි.

    "මේක රැකියාව විදිහට කරන අය ඕන තරම් ඉන්නවා. මම නැවත්තුවා කියලා මේක නවතින්නේ නැහැ. මම එළවළු විතරයි විකුණන්නේ. එහා පැත්තේ මස්‌කඩවලින් විසි කරන කටු ගෙනිහින් හෝටල්වලට විකුණන අයත් ඉන්නවා. හෝටල්කාරයෝ ඒවා ගන්නවා. හවස සුප්වලට ඒ කටුත් කළවම් කරනවා. අපි මේ කොටුවේ වෙන හැම දෙයක්‌ම දන්නවා. කොටුවේ විතරක්‌ නෙමෙයි මහත්තයෝ කොහෙත් කෑම කඩවල ඔය දෙවල් වෙනවා. මේ බඩු මිල වැඩි වෙන විදිහට ලාභ ගන්න නම් මොකක්‌ හරි මගඩියක්‌ කරන්න ඕනා" මට පරක්‌කු වෙනවා මහත්තයෝ... දැන් එළවළු වැටිලා ඇති... මම යනවා..." ඔහු කුණු ගොඩ පැත්තට පාවුණේය. වෙළෙන්දකු සිනා හඬින් නැවතත් කතා කරන්නට විය.

    "දැක්‌කා නේද මෑන් කියපු කතාව... ඇත්තටම අපි දන්නේ පොඩ්ඩයි. ඕන ගුබ්බෑයමක රිංගන ඒ මිනිස්‌සු තමයි හැම දේම දන්නේ. මැනිං මාර්කට්‌ටුවේ විතරක්‌ නෙමෙයි මහත්තයෝ හැම ආර්ථික මධ්‍යස්‌ථානයකම ඔය බිස්‌නස්‌ එක කෙරෙනවා. දඹුල්ල ආර්ථිකයේ විසි කරන එළවළු තෝරලා පටවන්නම වෙනම පිරිසක්‌ ඉන්නවා. ඒ එළවළු තොග රට පුරා යනවා. ඒ එළවළු යන්නෙත් කෑම කඩවලට තමයි. මීගොඩ ආර්ථිකයෙත් එහෙමයි. නුවරඑළියෙත් එහෙමයි. හැම තැනම මේ ජාරා බිස්‌නස්‌ එක කෙරෙනවා...

    "මිනිස්‌සු මේක කරන්නේ මිලට ගන්න ගැනුම්කාරයෝ ඉන්න නිසා. කෑම කඩ කාරයෝ මේ ජරාව ගන්නේ කන්න මිනිස්‌සු ඉන්න නිසා. ආර්ථික මධ්‍යස්‌ථානවලට මේක නවත්වන්න බැහැ. පොලිසියට මේක නවත්වන්න බැහැ. කෑම කාරයෝ මේ කුණු ජරාව ගන්න එක නවත්වන්නෙත් නැහැ. අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනා. මිල වැඩි වුණත් කන කෑම එක පිරිසිදු කඩේකින් කන්න ඕනා. අපිට කියන්න තියෙන්නේ එච්චරයි..." එළවළු වෙළෙන්දාගේ කතාව පන්කාදුය.
    vege2.jpg
    දැන් අපටත් කියන්නට පුංචි කතාවක්‌ ඇත. එදා වේල සොයාගැනීමට නොහැකි දුක්‌විඳින මිනිස්‌සු පණ නල රැක ගැනීමට කුණු එළවළු නොව ඊට එහා ගිය දෙයක්‌ වුවද කෑමට ගන්නාහ. ඒ කෑම නොමැතිව ජීවත් වීමට නොහැකි නිසාය. එහෙත් ඒ මිනිසුන් ඉබේ එතැනට වැටෙන්නේ නැත. ඔවුන්ව කුණු ගොඩට තල්ලු කරන්නේ රටේ පවතින ආර්ථික ක්‍රමයේ අහේනියයි. රටේ මිනිසුන්ගේ නොදියුණුකමයි. සමාජ විෂමතාවයයි.

    රට දියුණු වන බව සැබෑය. සුපිරි වෙළෙඳසල්, අවන්හල් විවෘත වේ. එහෙත් ඒ රජ බොජුන්හල්වලට යන්නට පුළුවන් මේ රටේ කීයෙන් කීදෙනාටද? ඇති නැති රෝදය දිගට ගමන් කරන්නේය. එවැනි පසුබිමක රටේ කෙරෙනවා කියන සංවර්ධනය ගැන අප කෙසේ සිතන්නද?

    කුණු කතා අසා තෝන්තු වී තිබූ සිතට පුංචි අස්‌වැසිල්ලක්‌ දැනිණි. දැන් එළවළු මිල අඩුය. මැනිං වෙළෙඳපළටත් නව පණක්‌ ලැබී ඇත. හෙට අනිද්දා වෙන කොට තවත් එළවළු මිල අඩු වන්නේය...


    divaina......
     
    Jul 3, 2012
    1,394
    116
    0
    දැන් අපටත් කියන්නට පුංචි කතාවක්‌ ඇත. එදා වේල සොයාගැනීමට නොහැකි දුක්‌විඳින මිනිස්‌සු පණ නල රැක ගැනීමට කුණු එළවළු නොව ඊට එහා ගිය දෙයක්‌ වුවද කෑමට ගන්නාහ. ඒ කෑම නොමැතිව ජීවත් වීමට නොහැකි නිසාය. එහෙත් ඒ මිනිසුන් ඉබේ එතැනට වැටෙන්නේ නැත. ඔවුන්ව කුණු ගොඩට තල්ලු කරන්නේ රටේ පවතින ආර්ථික ක්‍රමයේ අහේනියයි. රටේ මිනිසුන්ගේ නොදියුණුකමයි. සමාජ විෂමතාවයයි.

    :dull::dull::dull:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕක අදද බං දන්නේ? ඔය එළවලු තමයි බම්බලපිටියට වෙනකම්ම හෝටල් වල උයන්නේ.
    මැනිං මාකට් එකේ ටොයිලට් එකෙන් ලීක් වෙන බටයක් ළඟ තමයි කරපිංචා දාන්නේ. එතනින් ගෙනත් තමයි හෝටල් වලට දෙන්නේ.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් අපටත් කියන්නට පුංචි කතාවක්‌ ඇත. එදා වේල සොයාගැනීමට නොහැකි දුක්‌විඳින මිනිස්‌සු පණ නල රැක ගැනීමට කුණු එළවළු නොව ඊට එහා ගිය දෙයක්‌ වුවද කෑමට ගන්නාහ. ඒ කෑම නොමැතිව ජීවත් වීමට නොහැකි නිසාය. එහෙත් ඒ මිනිසුන් ඉබේ එතැනට වැටෙන්නේ නැත. ඔවුන්ව කුණු ගොඩට තල්ලු කරන්නේ රටේ පවතින ආර්ථික ක්‍රමයේ අහේනියයි. රටේ මිනිසුන්ගේ නොදියුණුකමයි. සමාජ විෂමතාවයයි.

    :dull::dull::dull:
    :yes::yes:
    meegoda arthika madyasthaneth oya seen 1k thiyanawa..kattiya 2.AM withara gihin aran enava
    එහෙමද,එහෙනම් වැඩේ ලොකුවටම කෙරෙන දෙයක්.:(:(
    නියමයි
    එල, මචන්
    තැන්ක්ස්
    ඕක අදද බං දන්නේ? ඔය එළවලු තමයි බම්බලපිටියට වෙනකම්ම හෝටල් වල උයන්නේ.
    මැනිං මාකට් එකේ ටොයිලට් එකෙන් ලීක් වෙන බටයක් ළඟ තමයි කරපිංචා දාන්නේ. එතනින් ගෙනත් තමයි හෝටල් වලට දෙන්නේ.
    ඕව කරනවා කියල අහල තියෙනවා බන් මේ තරම් දරුනුවටම වැඩේ වෙනවා කියල අදය් දන්නේ.කෑම බීම වලට හොර බොරු කරන උන්ට නම් හොඳක් වෙන්නේ නැහැ
    තැන්ක්ස්
    තැන්ක්ස්
    තැන්ක්ස්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේවා අද ඊයෙක පටන්ගත්තු දේවල් නෙවෙයි . එත් මිනිස්සු මෙහෙම හරි දැනුවත් කරන එක හොඳයි. එකෙක් හරි කන එක නවත්වයි .
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඕව කරනවා කියල අහල තියෙනවා බන් මේ තරම් දරුනුවටම වැඩේ වෙනවා කියල අදය් දන්නේ.කෑම බීම වලට හොර බොරු කරන උන්ට නම් හොඳක් වෙන්නේ නැහැ