කඩේක විකුණන මස් ත්‍රිකෝටික පාරිශුද්ධ ද..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    කඩේක විකුණනන්ඩ තියෙන මස් හරි මාලු හරි ඒව මිලදී ගන්න කෙනා උදෙසා නෙමේ මරල තියෙන්නෙ කියල සැකයකින් තොරව ගන්ඩ පුලුහන්ද....ඒ කියන්නෙ මාංශ වල ත්‍රිකෝටික පාරිශුද්ධියේ 3 වෙනි කොටසෙ 3 වෙනි අවස්ථාවට අදාල නෑ කියල, අපරිසංකිත පාරිශුද්ධියේ,තදාභය විමුක්‌ත පරිසංකිතං කියන කොටසට අදාල වෙන්නෑ කියල.........තව බුදු හාමුදුරුවෝ මේ වගේ කඩේකින් අරන් හරි දායකයෙක් පිළිගන්වපු මස් මාංසයක් පිළිගත්ත අවස්ථා තියෙනවද....නැත්තන් රහතන් වහන්සේලා ඒ වගේ මස් මාංශ පිළිගත්ත අවස්ථාවක් හරි බුදු හාමුදුරුවෝ එහෙම පිළිගත්ත එකක් අනුමත කරපු තැනක් හරි..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මස් කන අයට මෙවැනි අවස්ථා ඕන තරම් සොයාගානීමට ඇති අතර, බුදුන් ආහාරයට ගත් නිසා ඔවුන්ද මාංශ රසයට ගිජුකමකින් තොරව, උයලා කනවට වඩා ගැඹුරු තෙලේ බැදලා ක්‍රිස්පි කිය කිය කෑමට ප්‍රිය කරති. ඒවා කන අතර අනිච්චානුපස්සනාව, ධාතු මනසිකාරය, නවසීවථිකය වැනි ඉතාමත් ගැඹුරු කර්මස්ථාන වඩමින් අහාරයට ගැනීමට අමතක නොකරයි.

    මස් නොකන අය, පංචසීලයට මුල් තැන දෙමින්, තමන් මෙන් සියළු සත්වයෝද තමන්ගේ ජීවිතයට කැමති බව අවබෝධකර ගෙන සියළු මස් මංශාදියෙන් වැලකී සිටිති. කෙස් පැලෙන තර්ක හදමින් ත්‍රිපිටකය පෙරලමීට උනන්දුවක් නොදක්වති.
     
    • Like
    Reactions: rchithral

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මස් කන අයට මෙවැනි අවස්ථා ඕන තරම් සොයාගානීමට ඇති අතර, බුදුන් ආහාරයට ගත් නිසා ඔවුන්ද මාංශ රසයට ගිජුකමකින් තොරව, උයලා කනවට වඩා ගැඹුරු තෙලේ බැදලා ක්‍රිස්පි කිය කිය කෑමට ප්‍රිය කරති. ඒවා කන අතර අනිච්චානුපස්සනාව, ධාතු මනසිකාරය, නවසීවථිකය වැනි ඉතාමත් ගැඹුරු කර්මස්ථාන වඩමින් අහාරයට ගැනීමට අමතක නොකරයි.

    මස් නොකන අය, පංචසීලයට මුල් තැන දෙමින්, තමන් මෙන් සියළු සත්වයෝද තමන්ගේ ජීවිතයට කැමති බව අවබෝධකර ගෙන සියළු මස් මංශාදියෙන් වැලකී සිටිති. කෙස් පැලෙන තර්ක හදමින් ත්‍රිපිටකය පෙරලමීට උනන්දුවක් නොදක්වති.

    දැන් මුන් විව්ස්තාවෙ විතරක් නෙමෙයි ත්‍රිපිටකයෙත් loophole හොයන්න අරගෙන:baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    Kanata gahuwa wage :rofl:
     
    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ

    ay ayyeeee ohoma minissu asarana karanne :baffled::baffled::P
     
    • Like
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    phi නං දන්නව ඇති සුවර් නැතිනං උන්ට පැමණිලි කරහන් උන් ඇවිල්ල චෙක් කරලා කෑමට නුසුදුසු තත්වයේ නං දඩ ගහනව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    කඩේක විකුණනන්ඩ තියෙන මස් හරි මාලු හරි ඒව මිලදී ගන්න කෙනා උදෙසා නෙමේ මරල තියෙන්නෙ කියල සැකයකින් තොරව ගන්ඩ පුලුහන්ද....ඒ කියන්නෙ මාංශ වල ත්‍රිකෝටික පාරිශුද්ධියේ 3 වෙනි කොටසෙ 3 වෙනි අවස්ථාවට අදාල නෑ කියල, අපරිසංකිත පාරිශුද්ධියේ,තදාභය විමුක්‌ත පරිසංකිතං කියන කොටසට අදාල වෙන්නෑ කියල.........තව බුදු හාමුදුරුවෝ මේ වගේ කඩේකින් අරන් හරි දායකයෙක් පිළිගන්වපු මස් මාංසයක් පිළිගත්ත අවස්ථා තියෙනවද....නැත්තන් රහතන් වහන්සේලා ඒ වගේ මස් මාංශ පිළිගත්ත අවස්ථාවක් හරි බුදු හාමුදුරුවෝ එහෙම පිළිගත්ත එකක් අනුමත කරපු තැනක් හරි..

    "ඔව්" බය නැතුව කන්න
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oya prshane hamuduruwan kathakaranwa adui, kana eka awulak nethi ganatamai daala katah karanne, matannag hithenne sekayak/ anubala deemak wenawa kaden gannakota.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කඩේක විකුණනන්ඩ තියෙන මස් හරි මාලු හරි ඒව මිලදී ගන්න කෙනා උදෙසා නෙමේ මරල තියෙන්නෙ කියල සැකයකින් තොරව ගන්ඩ පුලුහන්ද....ඒ කියන්නෙ මාංශ වල ත්‍රිකෝටික පාරිශුද්ධියේ 3 වෙනි කොටසෙ 3 වෙනි අවස්ථාවට අදාල නෑ කියල, අපරිසංකිත පාරිශුද්ධියේ,තදාභය විමුක්‌ත පරිසංකිතං කියන කොටසට අදාල වෙන්නෑ කියල.........තව බුදු හාමුදුරුවෝ මේ වගේ කඩේකින් අරන් හරි දායකයෙක් පිළිගන්වපු මස් මාංසයක් පිළිගත්ත අවස්ථා තියෙනවද....නැත්තන් රහතන් වහන්සේලා ඒ වගේ මස් මාංශ පිළිගත්ත අවස්ථාවක් හරි බුදු හාමුදුරුවෝ එහෙම පිළිගත්ත එකක් අනුමත කරපු තැනක් හරි..

    බුදුහාමුදුරුවෝ මේ ගැන වදාලා, ආමගන්ද සූත්‍රයේදී. මස් මාලු වල නෙවෙයි පිලී ගඳ ඇත්තේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන ඒවායේ කියා. කතාවට මුල් වුනේ වැද්දෙක් මරා පිසූ වටු මස් සමඟ බත් බුදුන් වහන්සේ වැලඳීමයි.

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුහාමුදුරුවෝ මේ ගැන වදාලා, ආමගන්ද සූත්‍රයේදී. මස් මාලු වල නෙවෙයි පිලී ගඳ ඇත්තේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන ඒවායේ කියා. කතාවට මුල් වුනේ වැද්දෙක් මරා පිසූ වටු මස් සමඟ බත් බුදුන් වහන්සේ වැලඳීමයි.

    ඔතන කාෂ්‍යප බුදු හාමුදුරුවෝ ළිහිණි මස් වැළඳුව කියලනෙ තියෙන්නෙ...ඒ මස් හම්බුණු විදිහක් නෑනේද...ඉබේ මැරුනු සතෙක්ගෙද, කවුරුහරු විකුණන තැනකින් ගෙනත් දීලද කියල පැහැදිලි නෑ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    දැන් මුන් විව්ස්තාවෙ විතරක් නෙමෙයි ත්‍රිපිටකයෙත් loophole හොයන්න අරගෙන:baffled:

    සිංහළු හරි වෙනස් බන්. බහුතරයකට ප්‍රතිපත්තියක් නෑ. කන්න ඕනා උනාම කබරගොයාවාත් තාලගොයා කරගෙන කනවා. බුදු හාමුදුරුවන්ව මස් වැද්දෙක් කරලා හරි තමන්ගෙ දිවට දෙන තත්පර ගානක ආතල් එක සාධාරනීයකරණය කරලා ඕන ජරාවක් කිඹුල් කඳුලු ඇස් දෙකේ පුරවගෙන ධර්ම ටෝක් දිදි ගිලීවි බන්. අපිත් ඉතින් සිංහළු ආතරේම තෙම්පරාදු වෙච්ච අයනෙ

    Kanata gahuwa wage :rofl:
    :dull::dull:
    ay ayyeeee ohoma minissu asarana karanne :baffled::baffled::P
    :(:(
    බුදුහාමුදුරුවෝ මේ ගැන වදාලා, ආමගන්ද සූත්‍රයේදී. මස් මාලු වල නෙවෙයි පිලී ගඳ ඇත්තේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන ඒවායේ කියා. කතාවට මුල් වුනේ වැද්දෙක් මරා පිසූ වටු මස් සමඟ බත් බුදුන් වහන්සේ වැලඳීමයි.

    මස් මාළු කන අය ඕන තරම් ඉන්නවා උන්ට ධර්මෙ අදාලම නෑ. උන්ට හිතුනොත් කනවා. නොකන උන්ට මුකුත් කියන්නෙත් නෑ. ඒත් සමහරු ඉන්නවා උදේට නැගිටින්නෙත් නමෝ බුද්ධාය කියාගෙන. රෑට නිදාගන්නෙත් ඉතිපිසෝ ගාථාව කියලා. කතා කරොත් නිවන ගැන. එහෙම නැත්නම්, අත්හැරීම ගැන. හැබැයි උන්ට කුණු මස් කෑල්ල හිතෙන් අත හැරගන්න බෑ. ඒ නිසා ත්‍රිපිටකේ විතරක් නෙවේ අටුවා ටීකා ටිප්පනි පවා කියවලා. ස්ක්‍රීන් ශොට් ගහගෙන බුක්මාර්ක් දාගෙන ඕන වෙලාවක එලියට අදින්න රෙඩි කරගෙන ඉන්නෙ. ඕකුන් එහෙටත් නැති මෙහෙටත් නැති සමනල් චරිත වගේ. විකෘතිය තමායි උන්ගෙ ජීවිකාව. බුදු හාමුදුරුවො උන්ට අදාලම නෑ. තමන් කරන හැම වැඩක්ම ත්‍රිපිටකානුකූලයි කියාගෙන ජීවත් වෙන එක තමයි උන්ගෙ ජීවිතය.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔතන කාෂ්‍යප බුදු හාමුදුරුවෝ ළිහිණි මස් වැළඳුව කියලනෙ තියෙන්නෙ...ඒ මස් හම්බුණු විදිහක් නෑනේද...ඉබේ මැරුනු සතෙක්ගෙද, කවුරුහරු විකුණන තැනකින් ගෙනත් දීලද කියල පැහැදිලි නෑ.....

    Cant see the forest for the trees.??

    කෙස් පැලෙන තර්ක කරන්න පුලුවන්, හැබැයි එකෙන් ඔයාට ධර්මය මිස් වෙන්න පුලුවන්.

    මම අවුරුදු 14ක් වෙජිටේරියන්. මම කිරි බොන්නෙත් නැහැ. නමුත් එහෙමයි කියලා ඒක ධර්මය නොවන බව මම දන්නවා. ඒක මගේ ප්‍රතිපත්තියක් විතරයි. ඒ මගේ ප්‍රතිපත්තිය පෙන්නලා " ආ මම අනිත් අයට වඩ සුද්ධවන්තයි, මම බුදු හාමුදුරුවන්ටත් වඩා සිල්වත්" වගේ මානය මුල් කරගත් තැනකින් අනිත් අය විවෙචනය කිරීම වැරදියි, ධර්මයටත් එකඟ නැහැ.

    හරියට ධර්මය දන්නවා නම් ඕක ගැන කතාකරන්නවත් අවශ්‍ය නෑ. විනය පිටකයේ භික්ෂුවක් නොකෑ යුතු මස් වර්ග නම් කරන්නේ ඇයි කියලා හිතලා බලන්න. දෙව්දත් ගේ නිර්මාංශික ඉල්ලීම ඉවත දැම්මේ ඇයි කියලා සිතන්න. මස් වලට පමණක් නෙවෙයි රස තෘෂ්ණාව ඇතිවන්නේ. මම දන්න එක හාමුදුරු නමක් හිටියා, නිර්මාංශිකයි, හැබැයි පොලොස්, කජු, ගොටුකොල සම්බෝලය නැත්නම් දානය ගැන අසතුටින්,සමීප දායකයන් සමඟ දානය ගෙනා උන්ට බනිනවා. රස තෘෂ්ණාව නම් ප්‍රශ්නය චීස්, පොලොස්, කජු මාලුව වගේ ඒවත් නොකා සිටියොත් හොඳයි නේද? ඒත් එතකොට අත්ථකිලමතානුවාදයට වැටෙන්නත් පුලුවන්.
     
    ධර්මය වැඩිය යුත්තේ ධර්මානුකූල ජීවිතයක් තුල විනා අධර්මානුකූල ජීවිතයක් ගතකරමින් නෙවේ. පාරේ යන බල්ලෙක්ගෙ අඬු හතරම කඩා දමලා ඒ සතා දිහා බලාගෙන මෛත්‍රීය වැඩීමකින් ඵලක් නැත. මිණියක් මරා ඒ කුනුවෙන ශරීරය දිහා බලාගෙන අනිත්‍ය වැඩීමෙනුත් ඵලක් නැත. බුදු හාමුදුරුවො මස් කන්න හෝ නොකන්න කියලා දේශනා කරලා නෑ. උන්වහන්සේ මාර්ගය පෙන්නලා තියෙනවා. පංච සීලයක් පනවලා තියෙනවා. ත්‍රිකෝටික පාරිශුද්ධී ශීලය විස්තර කරලා දීලා තියෙනවා. සියළුම සත්වයෝ තමන්ගෙ ජීවිතයට ප්‍රිය බව දේශනා කරලා තියෙනවා. ඔය කියපු දේවල් තේරුම් ගන්න බැරි එවුනුයි, අවුරුදු දහයෙ පොඩි දරුවන්ව කසාදෙට ගන්න තුන් වරක් අහලත් නිශ්ශබ්ද නම් කැමතියි කියලා හිතාගෙන තමන්ගේ මුග්ධ කාමාශාව පිනවන්න මල් කැකුළු තලන හම්බයොන්ගෙයි අතර කිසි වෙනසක් නෑ. දෙගොල්ලොම තමන්ට අවශ්‍ය දේ කොහොම හරි ලබාගන්නව.