මේ වෙලාවෙ කතා කරන්න තියෙන වැදගත්ම කාරණා තුනෙන් කාරණා දෙකක්.
1. රනිල් සහ රාජපක්ෂ ඉන් කහූට්ස්
රනිල් ජනාධිපති වීම මෝටිවේෂන් එකකින් ඔබ්බට නොදකින රටවැසියො අධික ලෙස ඉන්නව දකිනව- මේ වගේ මෝටීන් පික්කො එක්ක ඉඳල බෙල්ල කපාගන්නවට වඩා මයිග්‍රේට් කරන එක හොඳයි එක අතකට. මොකද මම හිතන්නෙ නෑ මෙයාල ඊයෙ සිද්ධ උන දේ බරපතලකම තේරුම් ඇරන් තියෙනව කියල.
රනිල් ජනාධිපති වෙන්නෙ වැඩියෙන්ම පොහොට්ටු ජන්ද සහයෙන්. දැන් රනිල් "මට ජන්දෙ දියන්" කිව් පලියට ජන්දෙ පුදන පක්ෂයක්ද ඒක? පොහොට්ටුව කියන්නෙ ආත්මීය හෝ ඓතිහාසික ප්‍රතිපත්ති නැති, රාජපක්ෂවරයෙක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙ උවමනාවෙන් හැදුන පක්ෂයක්. එයාලගෙ එකම මූලධර්මය රාජපක්ෂල පමණයි. රනිල්ට සහය දීමෙ පක්ෂ තීරණය එන්නෙත් රාජපක්ෂවරු නියෝජනය කරන ක්‍රමයේ අවශ්‍යතාවකට බව තේරුම් ගැනීම ඉතාම රියැලිස්ටික් චිත්‍රයක්.
පහුගිය දේශපාලන ඉතිහාසය බලන කෙනෙක්ට පෙනෙන පැහැදිලි කාරනයක් තමයි රාජපක්ෂවරු අමාරුවෙ වැටෙන මොහොතක රනිල්ගෙ සහයත්, රනිල්ට අපහසු අවස්තා වල රාජපක්ෂවරුන්ගෙ සහයත් අන්‍යෝන්‍ය වශයෙන් ලබා දීල තියෙනව කියන එක. 2017 ඇමරිකානු දෙමළ/සිංහල ඩයස්පෝරාවෙන් ගෝඨාභයගේ මානව හිමිකම් කඩකිරීම් සහ යුධ අපරාද චෝදනාවන් විභාගකිරීමට ප්‍රාන්ත අධිකරණයක නඩු පවරන අවස්ථාවෙ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙ තමන්ගෙ රාජ්‍යතාන්ත්‍රික මිත්‍රකම් හරහා ඒක ව්‍යවර්ථ කරවන්නෙ රනිල්. අනිත් අතට රනිල්ගෙ අනුදැනුම ඇතිව සිදු උන බැඳුම්කර වංචාවට දඬුවම් කරනවායැයි කියමින් බලයට ආපු ගෝඨාභය පසුව ඒ ගැන ඉතාම ප්‍රෙඩික්ටබල් විදිහට අමතක කරල දානව. මේ අර කලින් කිව් මියුචුවල් ඩීල් වලට මෑත කාලයෙ උදාහරණ (රනිල් ඊයෙ පෙරේද පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන ආපහු පටන් ගන්නවලු, මරු). මට සහතික වශයෙන්ම ඔප්පු කරන්න බැරි උනත් මේ රනිල්-රාජපක්ෂ දෙපාර්ශවය එකිනෙකාව ලෙවරේජ් කරගනිමින් ලෝන්ග් ටර්ම් ඉමියුනිටි සපයාගැනීමෙ එකඟතාවයක ඉන්නවා කියන එක කාලෙක ඉඳල හිතන දෙයක්. සමහරවිට මේක වෙන්න පුලුවන් ලාංකික දේශපාලනයෙ මේ මොහොතෙ තියෙන භයානකම ප්‍රවණතාවය. මෙන්න මේ නිසයි ඊයෙ රනිල් වික්‍රමසිංහ ගෙ ජනාධිපති පත්වීම විශාල චකිතයක් සහ කණගාටුවක් ගෙන දෙන්නේ.
මේ අර්ථයෙන් ගත්තම ජන අරගලය යම් අසාර්ථක බවකට පත් උන බව පිළිගන්න වෙනව. ඇත්තටම අරගලය සම්බන්ධව පාලකයන්ගෙ මෝටිවේශන් එක මොකක්ද මින් ඉදිරියට?
2. අරගලය ගැන...
දුමින්ද සිල්වා හිරේ ගියෙ ඇයි? මිනීමැරුමක් නිසා නෙමේනෙ. වෙන මිනීමරුවොත් පාර්ලිමේන්තුවෙ ඉන්නවනෙ. රන්ජන් හිරේයන්නෙ ඇයි? ඕඩියො ලීක් වලින් අධිකරණයට අපහාස කිරීමටම නෙමේනෙ. මේ සියල්ල හිරේ ගියේ එයාල හානි කරේ දේශපාලකයන්ටම නිසා. මේ දෙන්නම පාර්ලිමේන්තු මන්ත්‍රීලා. මුන්ට මෙහෙම නම් අවශේෂ ජනයා ගැන කුමන කතාද.
එහෙනම් අරගලය මර්ධනය ගැන මොනවද හිතන්න තියෙන්නෙ?
මර්ධනය එන්නෙ නැත්තෙ අරගලයෙ පිරිස් බලය නිසාද? මම හිතන්නෙ නෑ. ඕනෑම රාජ්‍ය මර්ධනයකට බිම්මටමේ මතවාදී සහයඅවශ්‍යයි. වෙන කාලවල් වල සිදු උන මර්ධනයන්ට මතවාදී සහය ලබාදුන්නෙ බහුතර සිංහල ජනතාව. මේක ආර්ථික ගැටලුවක්නිසා ඒ මතවාදී සහය මුන්ට දැන් ලොවෙත් නෑ.
නමුත් මට හොඳටම විශ්වාසයි මුංගෙ අංක එකේ ප්‍රමුඛතාවය තෙල් හෝ ගෑස් දීම නෙවේ කියල. මුන්ට විරුද්ධව නැගිටපු කඩප්පුලි ජනතාවට පාඩමක් ඉගැන්වීම තමයි මුංගෙ ප්‍රමුඛතාවය. ඒක කරන තාක්කල් මෙයාලට පැවැත්මේ ගැටලුවක් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක කරගන්න නම් ජනතාවගෙන් කොටසක් අරගලට මඩින්න සහය දෙන්න ඕනෙ. ඒක කරන්න නම් බෙදන්න ඕනෙ.
පහුගිය ටිකේ රෑට යන දේශපාලන සංවාද කීපයක් ඇහුන. සිත්ගන්නාසුලු කාරණය ඒ හැම එකකම දේශපාලකයන් තමන්ගෙ කාලය වැය කරන්නෙ අරගලයෙ 'නහරකාරයන්' විවේචනය කරන්න වීම. අරගලකරුවන් සමාජ විරෝධීන් ය, මත්ද්‍රව්‍ය ගන්නව ය මෙකී නොකී බ්ලැන්කට් ස්ටේට්මන්ට්. මන් හිතන්නෙ තරුණයො විවේචනය වීම පටන් ගත්තෙ ප්‍රසන්න රණතුංග ගෙන්- ඒ ටෝකින්ග් පොයින්ට් එක හදල දීම ගැන පාර්ලිමේන්තුවෙ මිනිහගෙ පිලිමයක් ඉදි කරවන්න වටිනව. මොකද මේ වෙද්දි මොවුන්ට ඉතිරි වෙලාතියෙන එකම දේ ඔය ෆ්‍රින්ජ් කණ්ඩායම් වල එල්ලීම පමණයි. කරදරකාර තරුණයො වෙනුවට රැකියාවක් කරන, කුටුම්බ ජීවිතයෙ වැදගත් විදිහට ජීවත් වෙන, හම්බ කලොත් කන, පාඩුවෙ ඉන්න 'හොඳ ළමයි' පිරිසක් තමයි මෙයාල යෝජනා කරන්නෙ.
අරගලයෙ අගතීන් විවේචනය කිරීම වැදගත්, නමුත් විවේචකයන්ගෙ අභිමතාර්ථ විවිධාකාර බව තේරුම් ගැනීම ඊටත් වඩා වැදගත්.
මේ බෙදීමෙන් ඔබ්බට ඇතිවන ව්‍යාකූලතා අස්සෙ ඕනෙවට වඩා අරගලය කරපු උන්ව හිරේ දාන්න පුලුවන්. සෑහෙන පිරිසකට දඬුවම් කරනකන්ම 'තෙල් පෝලිමක හරි කමක් නෑ ඔලුවටම වෙඩි තියන්න' ඉල්ලන ජන මනසට නිදහසේ හුස්ම ගන්න පුලුවන්.

Last edited: