ඕකම නෙමෙයි හේතුව උනේ.. ඒ වෙනකොට කැම්පස් වල තිබුනේ සීමිත විෂය ධාරා යටතේ උපාධි කීපයයි.. අනිත් එක රටේ තිබ්බ ආර්ථික ප්රතිපත්ති නිසා, පොඋද්ගලික අංශයේ රැකියා තිබුනෙත් නෑ (සිල්ලර කඩවල සීනි කිරන එක ඇරෙන්න ).. කැම්පස් වල ඉඳලා එලියට ආපු උන්ට කරන්න දෙයක් තිබ්බේ නෑ උන් ගෙවල් වල පල් වෙවී වේලී වේලී හිටියේ, ආණ්ඩුවයි විපක්ෂෙයි බලය බෙදාගන්න පොරකෑවා මිසක් මේවාට පිළියම් හෙව්වේ නෑ, හිතල බලපන් වැඩිය ඕන නෑ, තමන් යාළු වෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරින් වෙන ප්රොපොසල් හොයනවා, මොකටද උඹට රස්සාවක් නෑ, ආදායමක් නෑ, ඒකාලේ සමාජ තත්වෙත් එක්ක, ගමේ උන් උඹ කැම්පස් අවුට් වෙලා ඇවිත් උන්ට හොඳක් කරයි කියලා බලාගෙන ඉන්නවා, තාත්තා උගස් කරපු කුඹුර සින්න වෙන්න යනවා..උඹට එන ආවේගේ ගැන හිතලා බලපන්. හැබැයි ඒකෙන් බොරදියේ මාළු බාන උන්ට චාන්ස් එක පෑදුනා