කතරගම දෙවොලේ ඇති කඩොලැතුගේ දළ යුගළ

signshop

Well-known member
  • May 30, 2011
    12,286
    9,150
    113
    Dubai
    කතරගම දෙවොලේ ඇති කඩොලැතුගේ දළ යුගළ

    k7-3.jpg

    කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු හස්‌තියා වන්නේ කඩොල් ඇතාය. දුටුගැමුණු රජතුමා මිය ගිය පසු දැඩි ලෙස රෝගාතුර වූ කඩොල් ඇතා ඉන් දින කිහිපයකින් මියගියේය. ඇතාගේ දළ යුගළ මහා දේවාලයේ තැන්පත් කර තිබූ අතර ඕලන්ද ජාතිකයන් ඌව වෙල්ලස්‌ස පළාත් විනාශ කරන විට දේවාලයේ කපුමහත්වරුන් හා නිළමේවරුන් එම දළ යුගල ඇතුළු දේවාලයේ වටිනා වස්‌තු සඟවා තැබීමට කටයුතු කර ඇත. එම දළ යුගළ නැවතත් කතරගම මහා දේවාලයේ තැන්පත් කිරීමේ ඉතිහාස කතාවයි මේ.
    k7-1.jpg

    දුටුගැමුණු මහා රජතුමා රජවීමට පෙර ඔහුගේ මළනුවන් වන සද්ධාතිස්‌ස කුමරුවන් හා යුද වදිනු ලැබීය. සද්ධාතිස්‌ස කුමරුවන් හා දුටුගැමුණු කුමරුවන් බුත්තල යුධගනාව පිහිටි බිමට යුද වැදීම සඳහා සද්ධාතිස්‌ස කුමරුවන් කඩොල් ඇතුපිට පැමිණි අතර දුටුගැමුණු කුමරුවන් පැමිණියේ අශ්වවෙළඹක්‌ පිටිනි. යුද්ධය කිරීමට සූදානම්ව පවතින මොහොත වන විට දුටුගැමුණු කුමරුවන් අශ්ව වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් පන්නා ශිල්ප දැක්‌විය. විටින් විට කීප පාරක්‌ සද්ධාතිස්‌ස කුමරුවන් ලැගුම් ගෙන සිටි කඩොල් ඇතුගේ පිටින් පන්නා දුටුගැමුණු රජු ශිල්ප දැක්‌වූ අතර මෙම අසුන් පන්න වනවිටදී කඩු පහරක්‌ තම සහෝදරයාට එල්ල කිරීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. මෙම මොහොතේදී ඉතාම බුද්ධියකින් සිටි කඩොල් ඇතු තම පිටට උඩින් අශ්ව වෙළඹක්‌ දෙතුන් පාරක්‌ පැන්නවීම ඇත් පරපුරටම අවමානයක්‌ බව සිතා තම පිට උඩ සිටින්නේ සද්ධාතිස්‌ස ඉතාම දුර්වල පුද්ගලයකු බැවින් ඇතුපිට ගසා දමා බිමට වට්‌ටවනු ලැබීය. කඩොල් ඇතා දුටුගැමුණ රජු ඉදිරියට ගොස්‌ වැඳ නමස්‌කාර කරනු ලැබීය.

    මෙම සිදුවීම බලා සිටි සියලුම යුද සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය ඝෝෂා පැවැත්වූ අතර දුටුගැමුණු කුමරුවන් මුලින් රජ වූ දිනය එදා බව පැරැන්නෝ පවසති. එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යනතෙක්‌ විශේෂ කාර්ය භාරයක්‌ ඉටුකළ අප රටේ ඉතිහාසගතවූ හස්‌තියෙකි දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතු, දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවන්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරීමට උර දුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවැසේ.

    මේ කඩොල් ඇතු පිළිබඳ අදහස්‌ දැක්‌වූ කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බේත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කරපු පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය හදනවිටදී අසනීප වූ විටත් මෙම කඩොල් ඇතු රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවූ දුටුගැමුණු රජතුමා මිය ගිය පසුව එම දුක දැනුන කඩොල් ඇතුද රෝගාතුර වූ බවයි.

    මහා බේත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවැසුවේ දුටුගැමුණු රජතුමා මිය ගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට පැමිණීමේදී දැඩිලෙස රෝගාතුර වූ බවයි. බුත්තල ගෝනගංආර මායිමේ පිහිටි දියකිරිත්ත නම් ස්‌ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත්ගොව්වන් ක්‍රියා කළද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කීපයකින් ඇතා මිය ගිය අතර පසුව එවකට සිටි බස්‌නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරී කරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඬිල්ල නමැති ස්‌ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බවයි.

    මෙම වටිනා ඇත් දළ යුගල මේ වනවිට පූජනීය වස්‌තුවක්‌ ලෙස තැන්පත් කර ඇති අතර මෙම දළ යුගල සෑම වසරකදීම ඇසළ මංගල්‍යයේදී හය වැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්‌ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපූ පසු දේවාලයට රැගෙන යනු ලබයි.

    මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දී ඌව අල්ලාගත් ඕලන්දකාරයන් ඌව වෙල්ලස්‌සේ වැව් අමුණු විහාරස්‌ථානයන් විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්‌තුව රැක ගැනීමට කපුමහතුන් හා නිළමේවරුන් ක්‍රියා කළ අතර මෙම ඇත් දළ යුගලද සඟවා තැබීමට කටයුතු කරනු ලැබීය.

    ඇත්දළ යුගල සැඟවු කපු මහතා මිය ගිය අතර ඇත් දළ යුගල සැඟවු ස්‌ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශතවර්ෂයේදී පමණ මෙම ඇත් දළ යුගල කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතකු හට හීනයෙන් පැවැසීම නිසා මෙම ඇත් දළ යුගල සඟවා තිබූ ගල සොයා ගැනීමට හැකිවිය.
    k7.jpg

    කතරගම දේවාලයට නැගෙනහිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක්‌ හාරා මෙම ඇත්දළ යුගල සඟවා තිබූ අතර ඇත්දළ යුගල සොයාගත් කපු මහතුන් පෙරහැරකින් මෙම ඇත්දළ යුගල රැගෙන ආ බව කතරගම මහා දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

    මෙම දළ යුගල සැඟවූ ගල තවමත් ඒ ලෙසම පවතී. දළ යුගල සැඟවීමට හෑරූ කුහරයන් දැනටද දක්‌නට ඇති අතර මෙම දළ යුගල මෙසේ සඟවා නොතිබෙන්නට සුද්දන් මෙම වටිනා සම්පත කොල්ලා කෑමට ඉඩ තිබුණි. මේ වැනි උතුම් සම්පතක්‌ මතු පරපුරට දැක බලා ගැනීමට රැකදුන් කතරගම දේවාලයේ සිටි පැරණි කපු මහතුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

    කතරගම - කේ. ඩී. දේවප්‍රිය

    :yes:
    ගෙඩිය පිටින් දිවයිනෙන් ඉස්සුවේ
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    යකෝ රජ්ජුරුවෝ මැරුණම කොහොමද නියෝග දුන්නේ දල දෙක දේවාලෙට දෙන්න කියලා...:confused::confused::confused:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,286
    9,150
    113
    Dubai
    යකෝ රජ්ජුරුවෝ මැරුණම කොහොමද නියෝග දුන්නේ දල දෙක දේවාලෙට දෙන්න කියලා...:confused::confused::confused:

    මම හිතන්නේ මැරෙන්න කලින් නියොගයක් පනවලා තියෙන්න ඇති දල දෙක දේවාලෙට පූජා කරන්න කියලා