කතිර හිමියකුගේ පාපොච්චාරණය

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
කතිර හිමියකුගේ පාපොච්චාරණය

කිලිටි කළ ගැහැණියකගේ අදෝනාව මට ඇහෙන්න ගන්නවා...මහ වරදකාරී හැගීමක් දැනෙනවා...දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා...

මාලනියගේ හැඩේ හැම ස්වරයක්ම මේ පද ඇතුළේ හුස්ම ගන්නවා වගේ දැනෙනව..මේ පොලව යට සැගවනු පියවතිලා දහස් ගණනකයගේ අදෝනව...විලාපය මට ඇහෙන්න ගන්නවා....දරාගන්න බැරි වේදනාවක්...ඒක පුදුමාකාර වේදනාවක්...

පාදඩ දේශපාලනයේ කේදවාචකය මගේ ඉස්සරා හිනා වෙනවා..මං ගැහැව්ව කතිරයේ පාපය මගේ ඉදිරිපිට මොරදෙනවා...

පියවති....මට සමාවෙයන්....උඹලාවගේ දහස් ගනණකයේ ජිවිත මේ සා විශාල ගිනි හැලියක වසා දැමීමට මගේ කතිරය හේතු වුණා...උඹව කද බඩ ඇති අරාබින්ගේ වහලියක් කළ අපේ රටේ මහ එකාලව පත් කළේ මගේ නොහොබිනා කතිරේ..මට සමාවෙයන් පියවතී...

උඹේ පැටව් ලේ කිරට අඩනවා...
අරාබියේ උන් උරා බිව් උබේ ගත රිදෙනවාද..

උබේ දැරිවි නලවනවා
උඹේ මිනිහාගේ නමට වදපු පැටව්...

උඹේ කොලු ගැටයා ගනිනවා කූරූ
මහ උලුගෙදර....
උඹ විදවනවා මේ රටේ උපන් පවට.....

සමාවෙයන් පියවතී මහ එව්න් දන්නෙ නෑ උඹේ දුක.......උඹට අරාබියේ ස්වර්ගය මැව් මහ එව්න් මෙහෙ උඹලගේ මලකදන් උඩ ස්වර්ගය මවාගෙන....සමාවෙන්න පියවතී....මමයි උන්ව උඹලගේ වේදනාව මත කෙලින් කලේ ....මේ මගේ කතිරයෙන් එහෙම කලේ.....

උඹ මේ රම්‍ය භූමියේ පාදඩ පාලනයේ උපන් පවට දන් දෙන්නේ උබේ ගත කාලකණ් හට..

මොර දියන් පියවතී උඹේ දුක මේ රටේ වසල කාලකණ්ණින්ට ඇසෙන්නට...නැගිටපන්....ඉල්ලපන් හෙන වදින්නට මේ වසලයනට පියාදර පියවතී..

රෝසාවකාශ



https://youtu.be/WfMwVs3_vW4

රෝසාවකාශ මාගේ facebook පිටුව වේ...එයට like දමා සහයෝගය ලබා දෙන්න
https://www.facebook.com/pg/rosaawakasha/posts/:(