මෙරට කතෝලික පාසල්වලට නිවාඩු ලබා දෙන බවට අගරදගුරු තුමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ලංකාවේ පාසල් වර්ගීකරණය අනුව කතෝලික පාසලෙන් ලෙස පාසල් වර්ගීකරණයක් කර නැතැයි ද එම සංගමය පවසයි.
මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
‘‘කාදිනල්වරයා ප්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල්ද වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරන පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල්ය. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප්‍රතිපාදනවලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛවලට අනුව සිදුවේ.
මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක්ද පවතින අතර, ඒ සඳහා අධ්යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යැයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප්‍රකාශ කිරීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. මීට ඉහතදීද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලුකාරී විය.
මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප්‍රශ්න මතුකර තිබිණි.
cnews
එක රටක් එක නීතියක් නෙවෙයිද?
------ Post added on Apr 21, 2021 at 1:17 PM

පොඩ්ඩක් අහන්නකෝ මෙතුමා කියන ස'ගේ ඩීල් එක ගැන..