කනත්තේ ඉඩම් ආරවුල්වලට විසඳුමක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    කනත්තේ ඉඩම් ආරවුල්වලට විසඳුමක්

    කනත්තේ ඉඩම් ආරවුල්වලට විසඳුමක්

    4%28220%29.gif



    අපි බොහෝ වෙලාවට සිතන්නෙ ජීවත් වීම ගැනයි. ඒත් අපි නොහිතන දෙයක් හැම මොහොතකම අපි පසුපසින් පැමිණෙනවා. ඒ කියන්නෙ, උපත ලැබූ සෑම අයෙකුටම මරණය උරුම වෙලා තියෙනවා. මරණය අපි සෑම අයෙක් පසුපසම පැමිණෙනවා.
    අපි මේ විදියට ජීවිතයෙන් සමුගත්තත්, අපේ මරණයත් සමග පැන නගින තවත් ප්‍රශ්නයක් බ්‍රිතාන්‍යයට මේ දවස්වල තදින්ම දැනිලා. එරට සුසානභූමිවල දැන් ඉඩකඩ මදිලු. මේ නිසා, අලුත් විදියේ ක්‍රමයකට තමන්ගේ අවසන් සැතපීමට ඔවුන් අවස්ථාව සලසා දී ඇත්තේ ඒ නිසයි.
    විශේෂයෙන්ම සමර්සෙට්, බෑන්වෙල් නගරයේ සුසාන භූමිය මෙහි මූලික සැලසුම් දැනටමත් සකස් කරල ඉවරයි. ඔවුන් හඳුන්වාදී ඇති නවතම සුසාන භූමියේ එක් මිනී වලක් තුළ මියගිය පුද්ගලයන් 12 දෙනෙකුට සමාදානයේ සැතපෙන්න පුළුවන්.
    නමුත්, මේ මිනී වල තුළට බහාලන කිසිදු මිනී පෙට්ටියක් එකමත එක උඩ තැබෙන්නේ නැහැ. ඒවා වෙන් වෙන්ව මිනීවල තුළ රැඳෙන ආකාරයට ඝන ප්ලාස්ටික් බාර් යොදාගෙන ඒ තුළ අඩි 9 x 4 ප්‍රමාණයේ ඉඩක් එක් මෘත ශරීරයක් වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
    මේ විදියට තමයි, එලොව ගියාට පස්සෙ ඇතිවන කනත්තෙ ඉඩම් ආරවුල්වලට ඔවුන් පිළියම් සොයල තියෙන්නෙ.
    2%28841%29.gif

    3%28498%29.gif

    4%28220%29.gif



    උපුටා ගැනීම අද
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබත් කනත්ත්වල් හාරන්නේ වැඩක් බලාගනින් කෝ