කනප්පු_මිත්‍යාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කනප්පු_මිත්‍යාව

දැන් හරි හරි දේවල්ය සිද්ද වන්නේ. කනප්පුවෙන් හොරු අල්ලන්න පුලුවනිය. අද කලේ කොපමණ හොරකම් සිද්ද වෙනවා ද . ඇයි අපිට මේකට කනප්පුව යොදවා ගන්න බැරි. :lol::lol:


ඊයේ පෙරේද මහා දවල් බැංකු මංකොල්ලා කෑවේය , රත්‍රන් බදු සාප්පු කොල්ල කෑවේය. ඇයි අපේ දේශීය ක්‍රම වේද යොදා ගන්න බැරි. :lol: හරිම ලොල් සගතයි නේ ..


මිත්‍යාව වැපිරවීම.

පසුගිය දිනෙක නැකත් කරුවෙකුට එල්ල කෙරුණු අභියෝගයක් බාර ගැනීමට නොහැකිව පාලා ගියේය. ඒ ඔහුට කාලය හරස් උන බැවිනි. පසුවට සතිය දක්වා අඩු කෙරිණි. එහෙත් පිළිතුරක් නැත. :lol::lol: ඒ සතිය ඉල්ලුවෙත් අත්ල රේකා සටහන් ආදිය සුදානම් කරවා ගැනීමටය. පොර පලා ගියේය. දැන් පලා ගිය උන් ගැන කතා වැඩක් නැත.

මෙන්න කනප්පුවේ මිත්‍යාව . මොවුන් බොහෝවිට තම තනි අත්ලම ස්පර්ශ වන අයුරින් කනප්පුව මත තබයි.. එතකොට කනප්පුව මතට පීඩනයක් එල්ල කර කරකවයි. මම මිට ස්වල්ප මොහොතකට පෙරද මේ අයුරින් කනප්පුවක් කර කැවිය ඒ මොනවත් පුජාවක් මන්ත්රයක්වත් නැතිවය. ඒ මදිවට අද උදේට ඌරු මස් සමග පාන්ද කා අවසන් කල පසුය මෙම ක්‍රියාව කලේ.

අහිංසක නුගත් මිනිසුන් මුලාකරන තමන්ම විශාරද කියාගන්න මේ මානසික රෝගී සුස්තරකාරයන්ගෙන් ජනතාව බේරාගත යුතුමය.මේ සදහා රජය මැදිහත් විය යුතුමය. අද පත්තර වල ජනතාව මුලාකරන වෙළද දැන්වීම් බලන්න. බුදු දහම රකින්න ඉන්න හාමුදුරුවරු පවා ජනතාව මුලාකරමින් මුදල් ගරාගන්න ජාවාරම්කාරයන් බවට පත්වෙලා. අනේ අපේ රටට නිර්මල බුදු දහම කවදා ලැබේද ?

පසුගිය කාලෙක ඔය වගේ මිත්‍යාවන් පසු පස ගොස් සහ පොලව යට වැළලීමට ගොසින් කි දෙනෙක් මැරුණද. අන්ධ විශ්වාස නිසා වසරකට කී දෙනෙක් මැරෙනවද? කී දෙනෙක් කරදරයට වැටෙනවද? බුදු දහම සහ විද්‍යාව විශ්වාස කරන කිසිම කෙනෙකුට මේ බොරු පිළිගන්න බැහැ. නැකත්, සාස්තර, අන්ධ විශ්වාස හැමදේම විද්‍යාව අනුවත් බුදු දහම අනුවත් බොරු. පොළව යට පැය 2 - 3 ඉන්න මැජික්කාරයෝ ඉන්නවා. ඇත්තටම ඒක සර්කස් එකක්. පස් දාන්න කලින් මුණ හරියට ලෑල්ලක් දානවා. හුස්ම ප්‍රවේශමෙන් පාලනය කරගෙන තියෙන ඔක්සිජන් වලින් පැය 2-3 ඉන්න පුළුවන්. හදිසියක් වුණ වෙලාවට දණිහිස නමලා බලයක් දීලා පස් තල්ලු කරගෙන උඩට එන්නත් එයාලා පුහුණු වෙනවා. මිනිස්සු රවටනකොට දවසක තමනුත් රැවටෙනවා.


ඔබ බුද්ධිමත්නම් මේ කනප්පුවේ යතාර්ථය පිලිබඳ අවබෝධයක් ලබා ගත හැක.




 
Last edited:

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය ගැන තර්ක කරලා වැඩක් නැ. මොලේ කළදක් තියෙන එකෙක් දන්නවා ඔය ගහකින් ඉරාගත්ත ලි කෑලි
    වලින් හදන කනප්පුව සහ හොරු ඇල්ලීම අතර සම්බන්දයක් නැ කියල .
    ඕකට කනප්පුවක් නැතුව කොසු මිටක් ගන්න කියපන්කො එහෙනම්.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Yeah, pretty much......:yes::yes::yes::yes: Yup. Agreed





    ඔය ගැන තර්ක කරලා වැඩක් නැ. මොලේ කළදක් තියෙන එකෙක් දන්නවා ඔය ගහකින් ඉරාගත්ත ලි කෑලි
    වලින් හදන කනප්පුව සහ හොරු ඇල්ලීම අතර සම්බන්දයක් නැ කියල .
    ඕකට කනප්පුවක් නැතුව කොසු මිටක් ගන්න කියපන්කො එහෙනම්.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවා අල්ලන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එකෙක් නැති එකනේ ගැටලුව. බොරුවට අභියෝගය ගත්ත පොරවලු කාලය දවසින් යොදවා පැනල ගියානේ.

    තවමත් එම අභියෝගය ඕන කෙනෙකුට විවුර්තයි. මුදලටනම් සති 3-4 මුදල් රහිතව සති 1






    නරකද ඕකටත් ලක්ෂ 10යක ඔට්ටුවක් ඇල්ලුවොත් ;)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැමදේම මිත්‍යාවන් කියලා බැහැර කරන්න බෑ , මොකද අපිට පෙනෙන ලොව තුල නොපෙනෙන දේවල් බොහොමයි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    හරි බන් දැන් බලපන් මහාචාර්ය කළෝ ෆොන්සේකා මහත්මය අභියෝගයක් එල්ල කරා පුළුවන් නම් ඇවිත් වැඩ පෙන්වන්න කියල. ඔය ඇති දක්ෂ කට්ටඩි මන්ත්‍ර කරුවන් එකෙක්වත් ඇවිත් මේ ශිල්පය බේර ගත්තද



    හැමදේම මිත්‍යාවන් කියලා බැහැර කරන්න බෑ , මොකද අපිට පෙනෙන ලොව තුල නොපෙනෙන දේවල් බොහොමයි.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අනිවා අල්ලන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එකෙක් නැති එකනේ ගැටලුව. බොරුවට අභියෝගය ගත්ත පොරවලු කාලය දවසින් යොදවා පැනල ගියානේ.

    තවමත් එම අභියෝගය ඕන කෙනෙකුට විවුර්තයි. මුදලටනම් සති 3-4 මුදල් රහිතව සති 1

    අපිනම් ඉතින් මාස්පඩි කාරයො ඔබතුමා වගේ ඇමරිකාවෙ ගිහින් ආව ලක්ෂපතියෝ නෙමේ. :(
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එහෙමනම් මුදල් රහිතව අභියෝගය බාරගන්න පුළුවන්. ඕන මම ගියා . ආයේ හවසට එනවා.. සුබ දවසක්


    අපිනම් ඉතින් මාස්පඩි කාරයො ඔබතුමා වගේ ඇමරිකාවෙ ගිහින් ආව ලක්ෂපතියෝ නෙමේ. :(
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නැමිලා බලපන් කලිසම ඇඳගෙනද ඉන්නේ කියලා.. එක පාරක් කිචවුනා නේද ඔට්ටු දාල? උඹ කියන්නෙ දැන් භුතයො ප්‍රෙතයො කියලා ජාතියක් නෑ කියලද?
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් සිරිපාල....
    උඹේ මේවගේ මිත්යා අදහස් වලට විරිද්ධව අදහස් දක්වන එක හොද් දෙයක්.මෙවා ගැන ගොඩක් ගැඹුරින් පරික්ශා කරපු කෙනෙක් තමයි අචාර්ය ඒබ්‍රහම්.ටී.කෝවූර්. මෙ කනප්පු කැරකවිම, අත බලා අනාවැකි කිම වගේ ගොඩක් දෙවල් නිකම් පුහු දේවල එහෙම නැත්නම් කට්ටඩි මිනිස්සුන්ව රවට්ටන්න හදපු මිත්යා බව එයා පැහැදිලිවම පෙන්නුවා.
    එයාගේ පරේශ්යන ඉතාම හොද ඒවා වුනාට කෝවූර්ගෙ සමහර අදහස් එක්ක එකග වෙන්න බෑ.විශේශයෙන් භාවනාව,පුනර්භවය වගේ දෙවල්.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    කනප්පුව අල්ලපු එකෙක්ගෙන් තමා ඇත්ත අහගන්න වෙන්නෙ..

    මන් අහලා තියනවා එක පාරක් ඔහොම හොරු අල්ලන්න ගිහින් කනප්පුව පොලිස් කරයෙක්ගෙ ගෙදරට ගිහින්ලු.. පොර මුකුත් දන්නෑ..
    උට මල පෑනල කනප්පුවට පයින් ගහලා.. කපුවටත් හොදටම නෙලලා...
    :lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන් , නිකන් බොරුවට ලේ කෝප කරගන්නතුව හිටහන්

    මේ ආශ්චර්යමත් රටේ , නිර්මල බුදු දහම පවතින රටේ ,

    රටේ පළමු පුරවැසියාගේ ඉඳන් මිත්යවනේ බන්

    1617-5.jpg


    පේනවනේ අතේ තියන් ඉන්න ලස්සන

    ඉතින් බන් අනිත් උන් මේවා විශ්වාස නොකරොත් තමයි පුදුමේ

    මෙහෙමයි මේවා සම්පුර්ණ බොරු කියන්න මට හැකියාවක් නෑ මොකද මම ඒක ඔප්පු කරලා නැති නිසා
    එත් යකෝ මේවා මත්තෙම නැහුනම හරිද
    ජිවිතේ තීරණය වෙන්නේ 100%ක් මේ ඉලව් මත කියලනේ අපේ පොල් බූරුවෝ හිතන් ඉන්නේ
    අන්න එතනයි වැරැද්ද
    අපේ උන් මේවා බදාගෙන ජිවිතේ විනාස කරගන්න එකනේ නරක

    මෙන්න එක උදාහරණයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1593872

    http://www.elakiri.com/forum/showthread.php?t=1601074
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන් සිරිපාල....
    උඹේ මේවගේ මිත්යා අදහස් වලට විරිද්ධව අදහස් දක්වන එක හොද් දෙයක්.මෙවා ගැන ගොඩක් ගැඹුරින් පරික්ශා කරපු කෙනෙක් තමයි අචාර්ය ඒබ්‍රහම්.ටී.කෝවූර්. මෙ කනප්පු කැරකවිම, අත බලා අනාවැකි කිම වගේ ගොඩක් දෙවල් නිකම් පුහු දේවල එහෙම නැත්නම් කට්ටඩි මිනිස්සුන්ව රවට්ටන්න හදපු මිත්යා බව එයා පැහැදිලිවම පෙන්නුවා.
    එයාගේ පරේශ්යන ඉතාම හොද ඒවා වුනාට කෝවූර්ගෙ සමහර අදහස් එක්ක එකග වෙන්න බෑ.විශේශයෙන් භාවනාව,පුනර්භවය වගේ දෙවල්.

    ඔවු මචන් උඹේ අදහසට මම ගරු කරනවා.. මොකද උඹ මෝඩයෙක් වගේ හේතුවාදය පස්සේ යන්නෙ නැති එකෙක් කියලා තේරෙනවා.. නමුත් අපේ සමහර උන් කවුරුහරි මොනවහරි කිව්වම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ කියපු ටිකම විතරක් පදනම් කරගෙන තර්ක කරනවා.. කවුරු හරි එකෙක් වෙනස් විදිහකට ප්‍රෂ්නයක් අහපු ගමන් ලත් තැන ලොප් වෙනවා.. මම නම් මචන් මගේ බුද්දියට ගෝචර නොවන හැම දේම බොරු කියලා අයින් කරන්නේ නෑ. පුලුවන්නම් ඒ ගැන ගැබුරින් හොයල බලනවා, තර්කයෙන් යම් අදහස ජයගත් පමනින් ඒක පිරිසිඳු සත්‍ය කියලා කියන්න බෑනෙ බන්. එහෙනම් උසාවියදි වැරදි කරුවන් හැමොම දඳුවම් විඳලා නිවැරදී හැමෝටම සඪාරනය වෙන්න ඔනෙනෙ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paper eke thibuna oya vage true story ekak. Colombo side ekemai vela thiyenne. Gurunnanse kenek ohoma kanappuwa aviddhavanakota, senaga issaraha, road eke giya kenek kiwwalu , ova boru kiyala. GURUNNANSE MAN TA KIWWALU , BORUDHA KIYALA BALANNA , OYA AVILLA MEA KANAPPUWATA ATHA THIYA GANNA KIYALA. MAN AVILLA THANIYAMA ATHA THIYA GENA INNAKOTA, KANAPPUWA AVIDINNA PATAN GATTHALU. MAN TA THERUNALU, BORU NEVE KIYALA. PAPER EKE THIBUNE.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කියවන්නෙ කනප්පුව ගැන :P
    ඔව්ව විශ්වාස කරන උන් කියවන්නෙ උඹේ ජාතකේ ගැන :P

    යකෝ හරක්ට අවකලනය උගන්නන්න බෑ සිරිපාලයො..
    උඹ ඉස්සෙල්ල ඒක තේරුම් ගනිං :P