මාත් ඔය කිසිම දෙයක් විශ්වාශ කරන්නේ නැහැ. ඒත් ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල බහුතරයක් ඕවා විශ්වාශ කරන අය. මගේ යාළුවොත් ඉන්නවා ඕවා මත්තෙම නැහෙන. හැම දෙයක්ම සාපේක්ෂයිනේ මචන්, හරියන්නත් පුළුවන්, වැරදෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ අපිට පිළිගන්න පුළුවන් විද්‍යාත්මක චින්තනය වුනත් සර්ව සම්පූරණ නැති එකයි. විද්‍යාවත් තවම දේවල් හොයාගෙන යනවා මිසක් සර්ව සම්පූර්ණ එකක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා හොදම දේ තමුන් විශ්වාශ හෝ අවිශ්වාස කරන මතබේදාත්මක දේවල් එලෙසින්ම තියාගෙන සමාජයත් එක්ක අධ්‍යයනය කරමින් ඉදිරියට යන එක. මම පැහැදිලිවම අත්දැකලා තියෙනවා මම අදහන ආගම අනුව මම යම් අධිෂ්ථානයක් ඇති කරගත්තොත් ඒ දේ යහපත් දෙයක් නම්, ඒ දේ අවශ්‍යම දෙයක් නම් ඒ දේ ඉෂ්ට වෙනවා.
මගේ යාළුවොත් පුදුම වෙනවා උඹ කොහොමද මේ දේවල් මේ විදියට කරන්නේ කියලා. මම මගේ ජොබ් එකට අමතරව නිදහස් වෙලාවට ෆීලාන්සින් කරනවා. මට වාහනයක් ගන්න හිතුනා අවුරුද්දක් ඇතුලත මට හම්බවෙන පඩියෙන් සත පහක් වියදම් නොකර ෆීලාන්සින් වලින්ම වාහනයක් ගත්තා. ලීසිං ගෙවල ඉවර කලෙත් ඉන්ෂුවරන්ස් ගෙවුවෙත් කොටින්ම අලුත් ටයර් සෙට් එකක් දැම්මෙත් ෆීලාන්සින් වලින්මයි. (1200,000 + 118,000(Insx4yrs)+48,000) බයික් එකක් ගත්තේ (150,000/=) , Msc එකට සල්ලි ගෙවුවෙත් (195,000/=) එහෙමයි. ඒ වගේ වෙලාවට මම high paying ජොබ් එකකට ඇප්ලයි කලාම Competitorsලා 50-60 හිටියත් මගේ bid එක Approve වුන වාර ගාන අනන්තයි.
ඒත් මට පිස්සුවක් කෙලින්න ඕනි වෙලා රුපියල් පන් හය දාහක් හොයන්න 30$ ජොබ් එකක් ඇප්ලයි කලත් කරන්න යන ජොබ් එකට හොදටම Reputation තිබුනත් Competitorlsලා 5-6ක් හිටියත් මට ඒ job එක ලැබෙන්නේ නැහැ. පිස්සුව කෙලින්නම ඕනි නම් ලැබෙන පඩියෙන් වියදම් කරලා පස්සේ අමාරුවෙන් මාසේ ගෙවනවා. ඉතින් මචන් උඹලා කවුරු කොහොම හිනා වුනත් මගේ ජීවිත අත්දැකීමෙන් මම දන්නව හොද දේකට හොද හිතින් අධිස්ටානයක් කලොත් ඒක ඉස්ට වෙනව කියන එක. මම කතෝලිකයෙක් හින්දා නැකැත් කේන්දර ඔය මොකුත් විශ්වාශ කරන්නේ නැහැ, නමුත් විශ්වාස කරන අය සමච්චලයට ලක් කරන්නෙත් නැහැ. මොකද ඒක එයාගේ විශ්වාශය නිසා ඒ විශ්වාශය තුලින් යම්කිසි දවසක සාර්ථකත්වයට ලගා වෙන්න හැකියාවක් තිබීමේ සම්භාවිතාවක් තියන නිසා.