කන්නෙලිය රක්ෂිතය ජෛව විවිධත්වයෙන් හා ස්වභාවික සුන්දරත්වයෙන් අගතැන්පත්, සිංහරාජ ලෝක උරුමයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සොබාදහමේ දායදයක්. ගාල්ල නගරයේ ඉඳලා 35Km දුරින් පිහිටන කන්නෙලිය රක්ෂිතය කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසක් වන අතර ඉන් සංචාරකයන්ට නැරඹීමට විවෘත වන්නේද කන්නෙලිය වනාන්තරය පමණයි. අක්කර 26,000 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන, සොබාදහම අැති සැටියෙන් විඳීමට කැමති කාටත් සංචාරයට ඉතා හොඳ තැනක්.
ගාල්ල සිට පැමිණෙන්නන්ට උඩුගම ට පැමිණ උඩුගම -හිනිදුම ප්‍රධාන මාර්ගය ඔස්සේ කන්නෙලිය පිවිසුම පහසුවෙන් සොයාගැනීමට පුළුවන්.තරමක් පටු නමුත් රථ වාහන ගමන් කළ හැකි මෙම පාර කන්නෙලිය වනාන්තරයට යොමුවන නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අ
කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. ඉතා වටිනාකමකින් යුත් ශාක ප්‍රබේද විශාල ප්‍රමාණයක් මෙහිදී හඳුනාගත හැකි අතර ඉන් බොහෝමයක් අාවේණික ශාක වීම රක්ෂිතයේ වටිනාකම වැඩි කරන්නක්.
අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස වර්ධනය වී අැත. මේ වන විට වන සංරක්ෂණ අධිකාරියේ ප්‍රධාන අධීක්ෂණය සහ පරිසර සංවිධාන වල මගපෙන්වීම අැතිව කන්නෙලිය සංරක්ෂණය කරමින් අාරක්ෂා කිරීමට විධිමත් වැඩපිලිවෙල යොදා තිබෙනව.
නරඹන්නන්ට කැමැත්ත පරිදි තෝරා ගත හැකි package කීපයක්, අනගිමල අැල්ල දක්වා නැරඹීම, යෝධ නවද ගස නැරඹීම, යෝධ පුස්වැල,නාරංගස් අැල්ල නැරඹීම, කම්බලේ කන්ද තරණය අතරින් නරඹන ඔබට කැමති හා තිබෙන කාලය අනුව එකක් තෝරා ගත හැකියි.
ඉතා නැවුම් වාතාශ්‍රය, පිරිසිදු උල්පත් ජලය, සිසිල් සුවදායී පරිසරය විඳිමින් කන්නෙලිය නරඹන ඔබට එහි පිහිටන පිරිසිදු දොළ පහරින් නා අාශ්වාදජනක නිවාඩුවක් ගත කරන්නට පුළුවන්.
සොබාදහමේ ත්‍යාග ලෙස ලැබුණු මෙම ස්ථාන දැකබලා ගනිමින් දෑසින් රසවිඳිමන්, පිය සටහන් පමණක් ඉතිරි කර එ්ම අපි හැමගේම යුතුකමක්.
source : bit.ly/3qZV1Gk
Last edited:

