මරදානේ බුහාරි කරන්නේ එකසත් ජාතික පක්ෂයට අයිති ජාතික සේවක සංගමයෙන්.
නැකැත් රාල;18619364 said:මරදානේ බුහාරී එක කරන්නේ කොළඹ නගර සභාවෙන්. හැම රසයි.
නැකැත් රාල;18619364 said:මරදානේ බුහාරී එක කරන්නේ කොළඹ නගර සභාවෙන්. හැම රසයි.
Ajith Foods - Kotte
කෑම
- ඇත්තටම රසයි.
- වෙජිටේරියන්,චිකන්, බීෆ්, පොර්ක්, මට්න්, සීෆුඩ් හැම දෙයක්ම තියෙනවා. රයිස්, නුඩ්ල්ස්, නාසි, බුරියානි, ලම්ප්රයිස්, කොත්තු, ආප්ප, පිට්ටු වගේම බේකරි අයිටම්ස් ඔක්කොම වගේ තියෙනවා. කරි ඩිෂස් වගේම බයිට් එකට අවශ්‍ය විදියේ ඩිෂස් හැම එකක්ම තියෙනවා.. ඊට අමතරව ඩෙසර්ට් වර්ග, බීම වර්ග (පැණිබීම, පළතුරු යුෂ වර්ග කිහිපයක්) තියෙනවා.
- කොත්තුව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. කොත්තුව පට්ටම රහයි. රයිස් වල තෙල් අඩුයි.
- කෑම එන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මිනිත්තු 05-10 කින් කෑම එනවා.
- ස්මෝල් පෝශන් දෙකක් තුන් දෙනෙකුට කන්න පුළුවන්. ලාර්ජ් එකක් දෙන්නෙකුට වගේ ඇති. (බඩජාරියාගේ හැකියාව අනුව වෙනස්වේ)
තැන
- පාර්කින් පාර දෙපැත්තේ තමා. අවුලක් නෑ. පාර දිගට පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
- පවුලේ උදවියට ගිහින් කෑම කන්න පුළුවන් තැනක්. ප්‍රයිවෙට් රූම්ස් දෙකක් තියෙනවා මතක විදියට AC ඇතුව සහ නැතුව ගන්න පුළුවන්.
- ස්ටාෆ් එක හොඳයි. ඉවසීමෙන් සහ ඉක්මනින් වැඩකරනවා.
- වැඩිය සද්ද නෑ. නිස්කලංකයි. take away කස්ටමර්ස්ලා වැඩි නිසා dine in area එකේ ලොකු rush එකක් හිටින්නේ නෑ. ඒ නිසා නිදහසේ කාලාබීලා එන්න පුළුවන් හොඳ තැනක්.
මිල
- මිල ගනන් ඉතා සාධාරණයි. රුපියල් 1000කින් දෙන්නෙකුට පැලෙන්න කාලා එන්න පුළුවන්. ඉතුරුත් වෙනවා.
- සර්විස් චාර්ජස් තියෙනවා.
අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....
හ්ම්.. හ්ම්.. බොලෑයි ඉස්කෝල පල්ලේ තියන ප්ලේස් එක ගැන තමා මේ කියන්නේ.

මම හිතාගෙන හිටියේ එතන take away ඔන්ලි කියලා......![]()

අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....
මං මෙතනින් කාලා තියනවා ෂෝර්ට් ඊට්ස්. වෙලාවක ඩිනර් අවුට් එකක් ට්‍රයි කරන්න ඕනි. තෑන්ක්ස් මචං.

හොඳම දේ රෑ 12 වෙනකන් කෑම තියෙන එක. කොච්චර රෑ උනත් අජිත් එකේ කෑම තියෙනවා කියලා දන්න නිසා ඔතනටම එනවා ගෙදර යනකොට.
බයිද වේ උඹ අරූට තෑන්ක්ස් කියලා තියෙන්නේ උගේ ඉස්කෝල පල්ලේ තියෙනවා කීව එකටද?![]()
![]()

මං මෙතනින් කාලා තියනවා ෂෝර්ට් ඊට්ස්. වෙලාවක ඩිනර් අවුට් එකක් ට්‍රයි කරන්න ඕනි. තෑන්ක්ස් මචං.

කෙල්ලෙක් එක්ක ගිහින් ලව් එකේ අයිස්ක්‍රීම් එකක් කකා ඉන්නනම් එලම පොට් එක වැල්ලවත්ත ස්ටේශම ලග තියෙන රියෝ අයිස්ක්‍රීම් රෙස්ටුරන්ට් එක. පට්ටම ලාබයි. ස්ටාෆ් එකත් හොදයි. ඇතුලෙ ඉදන් කන්නත් පුලුවන් නැත්නම් එලියට වෙලා ඉදගෙන මුහුද බලබල කන්නත් පුලුවන්. ලාබෙට අයිස්ක්‍රීම් නම් රියෝම තමයි!!


