කන්න බොන්න හොඳ තැන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මරදානේ බුහාරි කරන්නේ එකසත් ජාතික පක්ෂයට අයිති ජාතික සේවක සංගමයෙන්.

    නැකැත් රාල;18619364 said:
    මරදානේ බුහාරී එක කරන්නේ කොළඹ නගර සභාවෙන්. හැම රසයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    [/SIZE]
    vegetarians_live_up_to_9_years_longer_than_people_who_eat_meat._829451023.jpg
    :(

    :lol: :lol: :lol:
    Awesome quote...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ajith Foods - Kotte

    Ajith Foods - Kotte

    කෑම

    • ඇත්තටම රසයි.
    • වෙජිටේරියන්,චිකන්, බීෆ්, පොර්ක්, මට්න්, සීෆුඩ් හැම දෙයක්ම තියෙනවා. රයිස්, නුඩ්ල්ස්, නාසි, බුරියානි, ලම්ප්‍රයිස්, කොත්තු, ආප්ප, පිට්ටු වගේම බේකරි අයිටම්ස් ඔක්කොම වගේ තියෙනවා. කරි ඩිෂස් වගේම බයිට් එකට අවශ්‍ය විදියේ ඩිෂස් හැම එකක්ම තියෙනවා.. ඊට අමතරව ඩෙසර්ට් වර්ග, බීම වර්ග (පැණිබීම, පළතුරු යුෂ වර්ග කිහිපයක්) තියෙනවා.
    • කොත්තුව ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. කොත්තුව පට්ටම රහයි. රයිස් වල තෙල් අඩුයි.
    • කෑම එන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. මිනිත්තු 05-10 කින් කෑම එනවා.
    • ස්මෝල් පෝශන් දෙකක් තුන් දෙනෙකුට කන්න පුළුවන්. ලාර්ජ් එකක් දෙන්නෙකුට වගේ ඇති. (බඩජාරියාගේ හැකියාව අනුව වෙනස්වේ)

    තැන

    • පාර්කින් පාර දෙපැත්තේ තමා. අවුලක් නෑ. පාර දිගට පාර්ක් කරන්න ඉඩ තියෙනවා.
    • පවුලේ උදවියට ගිහින් කෑම කන්න පුළුවන් තැනක්. ප්‍රයිවෙට් රූම්ස් දෙකක් තියෙනවා මතක විදියට AC ඇතුව සහ නැතුව ගන්න පුළුවන්.
    • ස්ටාෆ් එක හොඳයි. ඉවසීමෙන් සහ ඉක්මනින් වැඩකරනවා.
    • වැඩිය සද්ද නෑ. නිස්කලංකයි. take away කස්ටමර්ස්ලා වැඩි නිසා dine in area එකේ ලොකු rush එකක් හිටින්නේ නෑ. ඒ නිසා නිදහසේ කාලාබීලා එන්න පුළුවන් හොඳ තැනක්.

    මිල

    • මිල ගනන් ඉතා සාධාරණයි. රුපියල් 1000කින් දෙන්නෙකුට පැලෙන්න කාලා එන්න පුළුවන්. ඉතුරුත් වෙනවා.
    • සර්විස් චාර්ජස් තියෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....

    හ්ම්.. හ්ම්.. බොලෑයි ඉස්කෝල පල්ලේ තියන ප්ලේස් එක ගැන තමා මේ කියන්නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....

    මං මෙතනින් කාලා තියනවා ෂෝර්ට් ඊට්ස්. වෙලාවක ඩිනර් අවුට් එකක් ට්‍රයි කරන්න ඕනි. තෑන්ක්ස් මචං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං මෙතනින් කාලා තියනවා ෂෝර්ට් ඊට්ස්. වෙලාවක ඩිනර් අවුට් එකක් ට්‍රයි කරන්න ඕනි. තෑන්ක්ස් මචං.

    හොඳම දේ රෑ 12 වෙනකන් කෑම තියෙන එක. කොච්චර රෑ උනත් අජිත් එකේ කෑම තියෙනවා කියලා දන්න නිසා ඔතනටම එනවා ගෙදර යනකොට.
    බයිද වේ උඹ අරූට තෑන්ක්ස් කියලා තියෙන්නේ උගේ ඉස්කෝල පල්ලේ තියෙනවා කීව එකටද? :dull: :dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    හොඳම දේ රෑ 12 වෙනකන් කෑම තියෙන එක. කොච්චර රෑ උනත් අජිත් එකේ කෑම තියෙනවා කියලා දන්න නිසා ඔතනටම එනවා ගෙදර යනකොට.
    බයිද වේ උඹ අරූට තෑන්ක්ස් කියලා තියෙන්නේ උගේ ඉස්කෝල පල්ලේ තියෙනවා කීව එකටද? :dull: :dull:

    ආහ්..... මං අජිත් එක ගැන කිව්වෙ මතං. ඒ කියන්නේ තෑන්ක්ස් කිව්වෙ උඹට... :)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං මෙතනින් කාලා තියනවා ෂෝර්ට් ඊට්ස්. වෙලාවක ඩිනර් අවුට් එකක් ට්‍රයි කරන්න ඕනි. තෑන්ක්ස් මචං.

    මට නෙවෙයි තෑන්ක්ස් කරන්න ඕනේ ඕක ගැන දාපු පෙරාට....... ;)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    යස් මචං වැරදීමක් උනා.....

    You must spread some Reputation around before giving it to Mr PERERA again. ප්සසෙ රෙප් දෙන්නං මචං... පෙරේරා්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම සාමාන්යෙන් ගෙදරින් කෑම ගෙනාවේ නැති දවස් වලට දවල්ට කන්නේ මෙන්න මෙතනින්.... නම 7+ රෙස්ටුරන්ට්......... තියෙන්නේ පැලවත්ත හන්දියෙන් පාර්ලිමේන්තුව, අපේ ගම එක පැත්තට යද්දී වම් පැත්තට තියෙනවා ගැමුණු මාවත කියලා...... එතනින් හැරුනම දෙවෙනි තැන........ පුංචි රෙස්ටුරන්ට් එකක්........ කෑම එහෙම හොඳ රහට පිරිසිදුව තියෙනවා....... රයිස් & කරි, ෆ්‍රයිඩ් රයිස්, ලම්ප්‍රයිස් වගේ කෑම වර්ග තියෙනවා....... රෑටත් ඔව්වට අමතරව තව තව දේවල් තියෙනවා...... ගානත් සාධාරණයි අවුලක් නෑ....... හැබැයි සතියේ දවස් වල එහෙම සෙනඟ ඉන්නවා කෑමට.....
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමනම් ගොඩක් වෙලාවට වයිෆ් එක්ක යනවා පානදුරේ තියෙන කැසරෝල් එකට, තියෙන්නේ පානදුරේ නෝලිමිට් එක (මෑතකදී ගිනි ගත්තේ) ඉස්සරහ තියෙන ෆැමිලි බේකර්ස් එකේ උඩ තට්ටුවේ. කෑමත් රසයි, මම නම් වැඩිය කන්නේ කැසරෝල් ස්පෙෂල් චොප්සි රයිස්, සී ෆුඩ් රයිස්, ඩෙවල්, හොට් බැටර්ඩ් කට්ල් ෆිෂ් වගේ ඒවා, කෑම නම් හොඳට තියෙනවා. අපි දෙන්නට සාමාන්‍යයෙන් 1500 ක් වගේ තමා වියදම් වෙන්නේ.

    තව පානදුරේ නැවුරෝ එකෙත් කෑම හොඳයි. බීච් එක ළඟ තියෙන්නේ,

    තව බණ්ඩාරගම පිළියන්දල පාරේ කිඳේල්පිටියේ තියෙන කැම්වෙල්ට එකෙත් කෑම හොඳයි, ගණන් අඩුයි.

    තව පොට් එකක් තියෙනවා පිළියන්දල ඉඳල කැස්බෑවට යනකොට මිරිස් වත්ත හන්දියට චුට්ටක් එහා ග්‍රීන්ලන්ඩ් කියල හැබැයි ටේක්අවේ විතරයි, කෑම එල, සෙනග සූ ගාල, කලින් කෝල් කරලා ඕඩර් කලොත් ගිය ගමන් ගතහැකි. කෑම සුපිරියි, තෙල් අඩුයි, පිරිසිදුයි.

    කොළඹ ගල්වලට එහෙම ගියොත් දවල්ට කන්න පුළුවන් මිහිරි ෆුඩ් එකෙන්, කෑම රසයි.

    පංචිකාවත්තේ ගියොත් ඉතින් බුහාරි තමයි.

    ආ.... තව නුගේගොඩ ගම්සභා හන්දියේ ගිහාන්ස් එකේ නාසිගුරන් එකත් මරු
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    කෙල්ලෙක් එක්ක ගිහින් ලව් එකේ අයිස්ක්‍රීම් එකක් කකා ඉන්නනම් එලම පොට් එක වැල්ලවත්ත ස්ටේශම ලග තියෙන රියෝ අයිස්ක්‍රීම් රෙස්ටුරන්ට් එක. පට්ටම ලාබයි. ස්ටාෆ් එකත් හොදයි. ඇතුලෙ ඉදන් කන්නත් පුලුවන් නැත්නම් එලියට වෙලා ඉදගෙන මුහුද බලබල කන්නත් පුලුවන්. ලාබෙට අයිස්ක්‍රීම් නම් රියෝම තමයි!!
    :yes::yes::yes::yes:
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    දන්න එකෙක් පිටකොටුවේ හොද කෑම කන්න තැනක් කියන්නකෝ

    අපි වැඩ වලට කොටුවේ ගියාම කෑම කන්න තැනක් නැතිව ෆූල් චර්ටර් වෙනවා
     
    Last edited: