makrin eke kema dan anthimai daapu mul dawaswala patta eth dan nikan kudammage salakili wage
මැක්රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.
කෑම
තැන
- රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
- මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස්.
- BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
- කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
- චීස් කොත්තු ඇත.
ගාණ
- හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
- කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
- ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
- රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
- ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
- රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.



