කන්න බොන්න හොඳ තැන්

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
makrin eke kema dan anthimai daapu mul dawaswala patta eth dan nikan kudammage salakili wage
මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

කෑම

  1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
  2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
  3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
  4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
  5. චීස් කොත්තු ඇත.
තැන

  1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
  2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
  3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
  4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
ගාණ

  1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
  2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මස් කට්ටා රෙස්ටොරන්ට් ? :O අඩෝ මේක සිරා නමද ?

    මහරගම නම් එකක් තියනවා දිවට සැප රෙස්ටොරන්ට් කියලා.... :D

    zysugyzy kiyala nama thiyenne .aka kiyannna gihin diwa uluk kara gannawata wadaa laabayi mas katta kiyana eka mas naaa katu thamayi thiyenne uge rice wala.ath kaama hodayi
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  •  
    ඇඹුල්දෙනියේ Makrin එකට ගියා මේකෙම අය හොඳයි කියල කියල තිබුණා නිසා.
    රස නම් මදි. දවස් දෙකක් ගිහින් බැලුවා.
     
    Ljj7rZM.jpg

     
    RalfSTB.jpg

     
    2Nu21UF.jpg

     
    එක දවසක් ගත්තෙ සෙට් මෙනූ. එදා 9.30 විතර වෙලා නිසා රයිස් ඉවර වෙලා තිබුණා. ඉතිං ඒ වෙලාවේ බත හදල දුන්න, මම හිතුව කොලිටිය මදි වෙන්න ඇත්තේ හදිස්සියට දාල දුන්න නිසා වෙන්නැති කියල.
     
    gIQnisg.jpg

     
    පස්සෙ දවසක් ගිහිං නාසිගුරන් ගෙනාව. චිකන් කෑල්ල නම් රසයි එත් බත් එක නම් මෙලෝ රහක් නෑ :no:
    අනිත් කෑම නම් කොහොමද දන්නේ නෑ.
    ප්ලේස් එක නම් පට්ට ලස්සනයි.
     
    FBeoiAF.jpg

     
    EOh8Wnc.jpg

     
    කට්ටියට දැනගන්න දැම්මේ.

    දැනට මහරගම කොට්ටාව අවටින් මම කාලා තියන රසම සෙට් මෙනූ එක කාලා තියෙන්නෙ රජගෙදරින් :yes:
    ඉස්සර නම් මේකෙ සෙට් මෙනූ එක පට්ටම කොලිටි. එත් දැනටත් සෑහෙන හොඳ මට්ටමක තියනවා.
    එකෙක් මේකෙ දාල තිබුණා, තියෙන්නෙ මහල්වරාව හංදියේ
     

    ranjana disasekara

    Well-known member
  • රුහුණූ එක හොදයි. කෑමත් පිරිසිදුයි (වගේ) . තුන් හතර වතාවක් කාල තියෙනවා ඒකෙන්. ගණන් නම් ටිකක් සාමාන්‍ය ගානට වඩා වැඩියි.

    කොටුවෙ කනවනම් පලවෙනි හරස් වීදිය පහුවෙලා ටික දුරක් යනකොට දෙවන හරස් වීදියට කලින් තියෙනවා සිංහල භෝජන ශාලාව. ඕකෙන් තමයි මම කන්නෙ . දවල්ට උනත් කොත්තු තියෙනවා. බිත්තර කොත්තු 140ක් විතර වෙන්නේ. අනිත් කෑම ජාතිත් ඕන එකක් තියෙනවා. අවුලක්ම නැ.

    thanx for update...machoo..
    welawak set unama yanna one
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    අපෝ ඕකෙ දැන් ගනන් බන්.. පීට්සා කියන තරම් රහත් නෑ බන්.. ඊට වඩා හොද කෑම කන්න පුලුවන් කුරන කලපුව ලග තියෙන රෙස්ටුරන්ට් වලින්.. Lagoon 3000 වගේ

    එහෙම අවුලක් නෑ බං.මීගමු ගියොත් මම කන්නේ ඕකෙන්.හැම පීසා එකම එක වගේ රහ නෑනේ මචන්.මම නම් කියන්නේ කෑම නම් අවුලක් නෑ කියලා:)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    රුහුණූ එක හොදයි. කෑමත් පිරිසිදුයි (වගේ) . තුන් හතර වතාවක් කාල තියෙනවා ඒකෙන්. ගණන් නම් ටිකක් සාමාන්‍ය ගානට වඩා වැඩියි.

    කොටුවෙ කනවනම් පලවෙනි හරස් වීදිය පහුවෙලා ටික දුරක් යනකොට දෙවන හරස් වීදියට කලින් තියෙනවා සිංහල භෝජන ශාලාව. ඕකෙන් තමයි මම කන්නෙ . දවල්ට උනත් කොත්තු තියෙනවා. බිත්තර කොත්තු 140ක් විතර වෙන්නේ. අනිත් කෑම ජාතිත් ඕන එකක් තියෙනවා. අවුලක්ම නැ.

    කො‍ටුවේ කන්න තැනැක් හොයන්න ගියාම එපා වෙනවා බං.මෙතෙන්ට ගිහින් බලන්න ඕනේ
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    අයිතිකරුද සිංහල ව්‍යාපාරිකයෙකි... ලාභ ඉපයීම මූලික පරමාර්ථය නොවේ. දන්නා හින්ද කිවුවේ :yes:. 7+

    Aithikaru sinhala unata wadak nha bn service ekak nattan hoda, mama iye giya paya bagekata wada balan hitiya order eka ganna enakan, ita passe man ghn cashier ekata ghn kiwwa ethanin kiwwa kenk ewannam kiyala ita passeth winadi 10k withara hitya kawruth awe nha bn anthimai service nam, anith eka washroom wala wathurath nha. ita passe badagini wadima nisa man giya maharagama Daddies ekata.

    Uba danna kenk nam poddak oya wage ewa hada ganna kiyapan, mama kalinuth dakala thiyenaw kattiya kagahanawa. wada karana minussunam anthimai. mata nam epa wela giya
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    එහෙම අවුලක් නෑ බං.මීගමු ගියොත් මම කන්නේ ඕකෙන්.හැම පීසා එකම එක වගේ රහ නෑනේ මචන්.මම නම් කියන්නේ කෑම නම් අවුලක් නෑ කියලා:)

    දැන් Resturant එක කඩලා ලොකුවට හදනවා බන්.. උන්ට පට්ට බිස්නස් තියෙනවා
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    171 පරණ කොට්ටාව පාර

    පරණ කොට්ටාව පාරෙ : මහරගම පැත්තෙ ඉඳල එනවනං ආයුරුවේදෙ පහුකරලා ටිකක් දුර ගියාම වම් පැත්තෙන්.... ජුබිලි කණුව පැත්තෙන් එනවා නං උඩහමුල්ල පහුකරලා ටිකක් ගියාම දකුණු පැත්තෙ තියෙන්නේ 171 රෙස්ටුරන්ට් එක.

    කෑම -

    • පහල තට්ටුවේ බේකරි කෑම වර්ග, කේක් ජාති තියනවා
    • දෙවනි තට්ටුව සහ රූෆ් ටොප් එකේ අනිකුත් කෑම වර්ග වලට.
    • දවල් කෑම ඇති. හරියටම දන්නෙ නෑ.
    • ෆ්රයිඩ් රයිස්, BBQ චිකන් , චිකන් ටික්කා, තව විවිද ඩිෂ් වර්ග තියනවා. කෙබාබ් එහෙමත් තියනවා.
    • කෑම වල රස ඉතිං කෑම ජාති අනුව තමයි. ෆරයිඩ් රයිස් නම් රසයි. අපි ගත්ත චිලි චිකන් ඩිෂ් එක නම් මට අවුල්. ඒකට සුදු ලූනු දාලා සෑහෙන්න. ඒක නිසා ගාර්ලික් චිකන් වගේ වෙලා :D
    • හොට් බටර් ඉස්සො එක ෂේප්.. ඒත් ක්‍රිස්පි ගතිය නෑ.
    • අනිත් ඒවා දන්නෙ නෑ.. වෙලාවක චිකන් ටික්කා ට්‍රයි කරලා බලන්න ඉන්නෙ...
    • පෝර්ෂන්ස් ප්‍රමාණවත්. බත් නම් දෙන්නෙකුට ලාර්ජ් පෝර්ෂන් එකක්ම ගන්න ඕනි.
    ගාණ -

    • ෂේප්. දෙන්නෙකුට 600~1500 වගේ ගාණක් යයි. අපිට ගියා 1200ක්.. චිකන් ෆ්රයිඩ් රයිස් ලොකු එකයි, චිලි චිකන් ලොකු එකයි, හොට් බටර් ප්‍රෝන්ස් රෙගියුලර් එකයි...
    • කාඩ් ගන්නවා මං හිතන්නෙ...
    තැන -


    • පාකින් ඇත.
    • කෑම එන්න වෙලා යනවා.
    • රූෆ් ටොප් එක හොඳයි.. ආලෝකවත් ගතිය අඩුයි.
    • රූෆ් ටොප් එකේ පාර පැත්තට තියන ටේබල් වල පුටු අවුල්. කොන්දෙ අමාරුව හැදෙනවා.
    • ස්ටාෆ් එක හොඳයි.
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රෙඩ් බෑලූන්

    පිලියන්දල අර්පිකෝ ඒක ඉදන් හොරණ පෑත්තට යනකොට වම් අත පෑත්තේ රෙඩ් බෑලූන් එක

    කෑම -
    ෆ්රයිඩ් රයිස්, ගර්ලික් චිකන් තමයි, රයිස් & කරි තමා මම මෙතනින් කාල තියෙන්නේ
    ගෙවන ගානට සාදාරන විදියට දෙනව...පිරිසිදුයි

    ගාණ -
    දෙන්නෙකුට කෑම් කාල, ටොනික් ඩ්‍රින්ක්ස් බීල ඩෙසර්ට් එක්ක රුපියල් 1200 වගේ යන්නේ


    කෑම එන්න විනඩි 15ක් විතර වෙලා යනවා.
    කෙල්ලත් එක්ක හෝ පවුලේ කට්ටියත් එක්ක හරි ගිහින් කෑම කන්න සුදුසු තෑනක්...
    කොල් එකක් දීල වුනත් කෑම ගෙදරට ගෙන්න ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: a2mdb

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් කෑම ගැන කියනවනම් සුපිරිම මම කාපු මික්ස් රයිස් එක තමයි නුවර ඩෙවොන් එකේ ඩෙවොන් ස්පෙශල් රයිස් එක... මම බදින්න කල්න් දැන් වයිපරෙත් එක්ක නුවර යනවා ඕක කාල එන්න... දැන් රු 600 ක් විතර ඇති එකක්. කෙල්ලෙක් එක්ක දෙන්නෙකුට එකක් වැඩිත් එක්ක. දැන් නුවර යැවෙන එක අඩු නිසා මම නුගේගොඩ ඩෙවොන් එකෙනුත් ඩෙවොන් ස්පෙශල් කෑවා .නුවර එක තරම් ම කොලිටිය නෑ නමුත් ශේප්.
    මේක කනව නම් මචන් පොක්,බීෆ්, චිකන් තුනම දාල කන්න ඕනෙ. චිකන් විතරක් ගත්තම අර කොලිටිය එන්නෙ නෑ..
    මම කියන වට එක පාරක් කාල බලපන්. සුපර්
    නුවර ලියොන්ස් එකේ මික්ස් රයිස් එකත් ඊලගට හොදයි හැබැයි ඩෙවොන් එකට වැඩිය ගන්න ඒතරම්ම කොලිටියක් නෑ. උඹල මේක කෑවොත් ආයෙ කේ.එෆ්.සී, පීසාහට් පැත්තපලාතක යන්නෙ නෑ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මචන් කෑම ගැන කියනවනම් සුපිරිම මම කාපු මික්ස් රයිස් එක තමයි නුවර
    මම කියන වට එක පාරක් කාල බලපන්. සුපර්
    නුවර ලියොන්ස් එකේ මික්ස් රයිස් එකත් ඊලගට හොදයි හැබැයි ඩෙවොන් එකට වැඩිය ගන්න ඒතරම්ම කොලිටියක් නෑ. උඹල මේක කෑවොත් ආයෙ කේ.එෆ්.සී, පීසාහට් පැත්තපලාතක යන්නෙ නෑ

    පෝක් බීෆ් කන්න බෑනේ.ඒකයි කේස් එක. මමත් නං KFC,මැක් ඩොනල්ඩ් පැත්ත පලාතෙ යන්නෙ නෑ. පිසා ඕන නං ඩොමිනෝස් එකෙන් කනවා. ඒත් දැන් නං ඒකත් අඩුයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෝක් බීෆ් කන්න බෑනේ.ඒකයි කේස් එක. මමත් නං KFC,මැක් ඩොනල්ඩ් පැත්ත පලාතෙ යන්නෙ නෑ. පිසා ඕන නං ඩොමිනෝස් එකෙන් කනවා. ඒත් දැන් නං ඒකත් අඩුයි.

    ඩොමිනොස් එකේ සිලෙක්ෂන් එක අඩුයි බං.... :dull: