මම උබලගෙන් පොඩි ප්රශ්නයක් අහන්න තියනවා. හිතට එකඟව පිළිතුරක් දීපන්.
මම දන්නා විවාහක ජෝඩුවක් ඉන්නවා. අපේ ටිකක් දුරින් නෑදෑයොත් වෙනවා. ඔවුන්ගේ පවුල් ජීවිතය හරිම අවුල් සහගතයි. දැනට කසාද බැඳලා අවුරුදු 3 වෙනවා. බිරිඳ ඉතාමත් සැර පරුෂ කාන්තාවක්. එම විවාහක යුවල කවදාවත් ලිංගිකව හැසිරිලා නැහැ. කොටින්ම කියනවනම් එම කාන්තාව සැමියාට ලිංගිකව හැසිරෙන්න ඉඩ දෙන්න නැහැ. ඇය තවමත් කන්යාවක්.
පස්සේ මේ මනුස්සය වෙන කාන්තාවක් සමග අනියම් සම්බන්දයක් පටන් අරගන. දැන් මේ සිද්දිය මට්ටු බිරිඳට වෙලා . දැන් ඒ මනුස්සයාගේ බිරිඳ කන්න හදනවා. මට හිතෙන විදියටනම් ඒ මනුස්සුය පුදුම දුක්කිත ජීවිතයක් ගෙවල තියන්න.
මෙහෙමයි සමහරක්විට බයකුත් ඇති. නමුත් මනුස්සය කියන විදියට එයට කිසිම ලිංගික ආශාවක් නැති ලු. අනෙක තමා එයා ඉතා සැර පරුෂයි. බනින්න ගියාම බල්ලෙකුට වගේ බනින්නේ. මිනිහගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා බනිනවලු. එත් ඒ කොල්ල අහිංසකයෙක් . කවදාවත් කෙල්ලට කටක් ඇරලා බනින්න නැහැ.
ඒ කෙල්ලට ඕන ලොකුවට පොෂ් විදියට ජීවත් වෙන්න. කොල්ලගෙන් ලොකු තත්වයක් බලා පොරෝතුවෙනවා . එකොල්ලට යානවාහන ගෙවල් නැහැ . එයා කියන්න ඒවා පස්සේ ගමු කියල. රෙන්ට් එකට තමයි ජීවත් වෙන්න. නමුත් කෙල්ල බලාපොරොතු වෙන්න ලොකු යානවාහන ගෙවල් දොරවල් , මමනම් කියන්න ඕව හම්බ කරලා පස්සේ ගන්න පුළුවන්. අපේ ගෙවල් වල දෙමවුපියන්ටත් තරුණ කලේ යන වාහන තිබ්බේ නැහැ. පස්සේ තමයි ඒවා ගත්තේ හම්බ කරලා.
කොල්ලව කවදාවත් කෙල්ලගේ යාළුවන්ට හදුන්වල දෙන්න නැහැලු. මදි පුංචිකමක් වෙයි කියල. ඉතින් කොල්ල හැමදාම කවුරු හරි අවොත් හැංගිලා ලු ඉන්න ඕන. ඉසරහට ගියොත් ඉතින් කට්ටිය ගියාට පස්සේ බැනුම් කෝටියයි ලු. කෙල්ල වැඩ ඇරිලා එන වෙලාවට කොල්ල යනවලු ත්රී වීල් එකෙන් එකන් එන්න. ගිහින් ඇතින් ඉන්න ඕනලු. මේකිට ලැජ්ජයි ලු ත්රී වීල් එකේ යන්න.
වැඩේ තියන්න මේකිට මේවගේ කිසිම සැපක් උප්පතියේ සිට අදවෙන තුරු එයාගේ දෙමවුපියන්ගෙන් ලැබිල නැහැ. කෙල්ලගේ පවුල දුප්පත් . නමුත් කොලගෙන් යානවාහන ගෙවල් දොරවල් වැඩකාරයෝ ඔකොම බලපොරෝතුවෙනවා. හරි ලොකු මන්නයක් තියනවා. මොකද මෙකි ටිකක් ලොකු ජොබ් එකක් කරන්න. කොල්ල පොඩි Software Company වැඩ කරන්න.
ඒ කොල්ලට ජීවිතයේ කිසිම සැනසීමක් නැහැ. අපායක් වගේ ගෙදර. කවදාවත් ඇඳුමක් හෝදලා දෙන්න නැහැ. ගෙයක් දොරක් පිරිසිඳු කරනෙත් නැහැලු. මමනම් කියන්න දික්කසදයකට යන එක හොදයි කියල. මොකට ද මැරි මැරී ජීවත් වෙන්න.
උබල මේක ගැන මොකද හිතන්න. ඔහු සාධාරණද අසාධාරණ ද ?
Last edited:




