කන්‍යාවියගේ පැතුම

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    කන්‍යාවියගේ පැතුම

    මේක ගත්තේ ලංකාවේ site එකකින්. හිතට වැදුන නිසා දාන්න හිතුනා. සියලුම ගෞරවය මේක ලියපු කතෘතුමියට අයිති වෙන්න ඕන.

    ස්ත‍්‍රියක් හා පුරුෂයෙක් අතර ඇතිවෙන බැඳීම ඇත්තටම බොහොම ආදරණීය දෙයක්. මේ බැඳීමේ අවසන් ඵලය වෙන්නේ විවාහය කියන කාරණාව. විවාහය, ආදරයේ පිවිතුරු කඩඉම විය යුතුය කියන විශ්වාසයේ ඔබත් ඉන්නවා ඇති. සමහරවිට එහෙම නොවෙනවත් ඇති.ඒ කොහොම වුණත් ආදරය, විවාහයකින් කෙළවර නොවන අවස්ථා ඔබ, මම ජීවත්වෙන මේ ලෝකය ඇතුළේ අනන්තවත් දැකගන්නට පුළුවන්.ඔබත් ඒ අත්දැකීමට මුහුණ දීලත් ඇති.

    ආදරය කරන, ආදරය ලබන කාලසීමාව ඇතුළේ තරුණියකගේ පරම පිවිතුරු සිහිනය වෙන්නේ තමන් පෙම් බඳින පුද්ගලයා වැනිම වුණු දරුවෙක් ඔහුගේ ලෙයින් බිහිකරන එක. ස්ත‍්‍රී පුරුෂ විවාහයේ අග‍්‍ර ඵලය වෙන්නෙත් මෙයමයි. ලේ වතුරට වඩා ඝනකම් කියලා කියන්නෙත් ඕනම මිනිසෙකුගේ උරුමය, අනන්‍යතාවය රැඳිලා තියෙන්නෙත් මේ මතම වීම නිසයි. විශේෂයෙන්ම තමන්ගේ ස්වාමියාට ගරුකරන ආසියාතික ගැහැණුන් අතරේ බොහොම සුළබව දකින්න පුළුවන් සිහිනයක් මේක.

    සුනේත‍්‍රා රාජකරුණානායක ලියපු රිදී තිරංගනාව පොතෙත් මෙහෙම චරිතයක් ඉන්නවා. ඇත්තටම ඇය මුලින්ම පරමාදර්ශී පෙම්වතියක් වෙනවා, තමන්ගේ විශ්වවිද්‍යාල ආචාර්ය පෙම්වතාට. හැබැයි, පස්සේ කාලෙකදී මේ පෙම්වතා ඇයව අතරමං කර පළාගියාම ඇය තමන්ට කැමති ඕනෑම පිරිමියෙක් එක්ක නිදිවදින්න සූදානම් වෙනවා. ඒ ජනප‍්‍රියත්වය, ධනය, බලය වගේ කාරණාවන් වෙනුවෙන්. ඒත්, මේ හැම සම්බන්ධතාවක්ම නවත්තලා ජීවිතේ පිළිවෙළක් වෙන්න ඔීන කියලා හිතාගෙන විවාහ වුණු ස්වාමියාට බොහොම අවංක බිරිඳක් වෙලා ජීවත්වෙද්දි ඔහු බොහොම දරුණු විදියට ඇයව රවටලා ඇගේම ඥාති සහෝදරියත් එක්ක නිදිවදිනවා ඇගේ අතටම අහුවෙනවා. අවසානේදී ස්වාමියත් එක්ක එකගෙයි හිටියත් කාමර දෙකක ජීවත්වෙන මේ ගැහැණියට, ස්වාමියාගේ හදිසි මරණයෙන් පස්සේ ඔහු හිටි ඇමති තනතුර ගන්න ආරාධනා කළත් ඒ හැමදෙයක්ම ප‍්‍රතික්ෂේප කරළා තමන්ගේ ස්වාමියාගේ අනියම් බිරිඳගේ දරුවට ආදරණීය මවක් වෙනවා.

    මේ තරුණියගේ පළමු පෙම්වතා වුණු විශ්වවිද්‍යාල ආචාර්යවරයා ඇයව ජීවිතයේ අතරමං කරලා පලායන්නේ ඔහුගේ ලෙයින් දරුවෙක් බිහිකරන්නට ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ සමත්වීමත් එක්ක.

    විවාහය ඇත්තටම නීත්‍යනුකූල කාරණයක් වුණාට ඊට එහාගිය ලේ බැඳීමකට කොයිතරම් නම් දේවල් කරන්න පුළුවන්ද?. වතුරට වඩා ලේ ඝනකම් කියලා කියන්නෙත් ඒ හින්දම වෙන්න ඇති. ගැහැණියක් තමන් වැඩියෙන්ම ආදරය කරන පුද්ගලයෙක්ගෙන් ඔහුගේ ලෙයින් බිහිවන, ඔහු වැනිම වූ පුතෙකු බලාපොරොත්තු වෙන්නේ ඒ නිසාමයි. තමන්ගේ පරම්පරාවේ ඊළඟ පුරුක වෙන්නේ ඒ පුත‍්‍රරත්නය.ආපහු අපි රිදී තිරංගනාව හමුවෙන්න යමු. තමන්ගේ පළමු පේ‍්‍රමවන්තයත් එක්ක නිරුවත්ව ඇඳට වැටීගෙන මේ කන්‍යාවිය අනේක පැතුම් පතනවා. මේ අවස්ථාව ගැන සුනේත‍්‍රා මෙහෙම ලියනවා.

    ‘‘ මම කන්‍යාවක හැඳින්නෙමි ඇගේ කන්‍යා සිරුර මුළුමනින්ම හඳුනමි ඇගේ කුඩා පියොවුරු තෙරපමින් සිටි මගේ අත්ල රිදුම් දෙන්නේ කරගැට හටගෙන ඇතිවාක් මෙනි ’’

    මෙහෙම කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා. ඔහු ඒ ගැන තමන්ගේ දිනපොතේ ඒ විදියට ලියනවා. හැබැයි වැදගත්ම දේ මේ ආචාර්යවරයා තරුණිය අතැර පලායද්දී ඇය තවමත් කන්‍යාවියක ලෙසම හිඳීමයි. මේ බැඳීම කායිකමය වශයෙන් ඇතිවන සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වුනත් ඇයට උවදුරක් කරන චේතනාවක් ඔහුගේ සිතේ තිබිලා නැති බව හොඳටම පැහැදිලියි.

    පිරිමියෙකුට තමන් ආදරය කරන ගැහැණිය හා සමඟ යහන්ගත වී ලබන තෘප්තිය හැරෙන්නට එතනින් එහා ගිය ඔහුගේම වූ සළකුණක් ගැහැණිය තුළ ශේෂකිරීමේ පරම චේතනාවක් නොතිබෙන්නට පුළුවන්. ආදරය උච්චතම අවස්ථාවට ළඟාවූ අවස්ථාවක එහි අතුරු ප‍්‍රතිඵලයක් විදියට දරුවෙක් පිළිසිඳ ගන්නවා වෙන්නටත් පුළුවන්. තමන්ගේම කිරිකැටි දරුවගේ මුහුණ තාත්තෙක්ට තමන්ගේ වගකීම් ගැන නැවත නැවත මතක් කරලා දෙනවා. එතැන දී ලේ බැඳීම ප‍්‍රමුඛ වෙලා තියෙනවා.

    හැබැයි ගැහැණියකට තමන්ගේ විවාහ ජීවිතයේ පැවැත්ම තවදුරටත් තහවුරු කරගන්නට දරුවෙකු අත්‍යවශ්‍යය වෙන්නට පුළුවන්. මොකද? පිරිමියාට තමන්ව තවදුරටත් අවශ්‍ය නොවුනත් අඩුම තරමේ ඔහුගේ ලෙයින් බිහිවූ දරුවන්ගේ අම්මා විදියටවත් පිරිමියාගේ අවධානය තවදුරටත් ඇඳ බැඳ ගන්නට මේක උපකාරී වෙන්නටත් පුළුවන්. ඒ වගේම පිරිමියාට තමන්ගේ හිතේ තියෙන අසීමිත පේ‍්‍රමය තහවුරු කරන හොඳම සංකේතය වෙන්නේ කිරිකැටි බිළිඳා. කොහොම හරි අර කවියට තරුණිය මෙහෙම උත්තරයක් ඉතිරි කරනවා.

    ‘‘ අත්ලෙහි කරගැට - හටගන්නට ඇතැයි සංකාගන්නටවත් - ඉසිඹුවක් නොතිබුණු එක මිහිරි දවසක - ලේ පිරී ඉදිමුණු තොල් සඟලකින් - කන්‍යාවිය ඉල්ලූවේ සමරූපී පුත්රුවනකුයි. මතු දිනෙක පුතුන් සියයක් දෙමි රමණීය රමණයකින් එතෙක් ඉවසන් සොඳුරිය කියමින් සුසුම් හෙලූවා පුරුෂයෙක්. ’’

    ඇය කන්‍යාවියක වුවත් පුරුෂයා කෙරෙහි බැඳුණු ඇගේ ආදරය තහවුරු කරන්නට, ඇගේ ආදරය ඔහුට පෙන්වන්නට ඇයට අවශ්‍යය පුරුෂයා වැනිම වූ පුත‍්‍රරත්නයක්ය. ගැහැණියක් පිරිමියෙක්ගෙන් දරුවෙක් ඉල්ලනවට වැඩිය, කන්‍යාවියක් පිරිමියෙක්ගෙන් දරුවෙක් ඉල්ලන එක විහිළු කතාවක් කියලා ඔබට හිතෙනවා ඇති. නැහැ, ඔීනෑම ගැහැණු හදවතක් දන්නවා පිරිමියෙක් එක්ක තියෙන තමන්ගේ පැවැත්ම තවදුරටත් රැඳිලා තියෙන්නේ හුදු කායික බන්ධනයක් මත්තේ නෙමෙයි, ඒ බන්ධනය සහතික කරන උත්තරීතර සංකේතය වෙන්නේ කිරිකැටි දරුවායි. ඒ නිසාවෙන්මයි කන්‍යාවියක් වුණත් තමන්ගේ බැඳීම තහවුරු කරගන්නට ඇය ඒ ඉල්ලීම කරන්නේ. මොකද? ඒ කන්‍යාවියගේ හදවත තුළ ජීවත් වෙන්නෙත් අම්මා කෙනෙක් නිසා. තමන්ට කවමදාවත් අඹුසැමියන් විදියට ජීවත් වෙන්නට බැරි බව විශ්ව විද්‍යාල ආචාර්යවරයා දන්නවා. මොකද? ඔහු දැනටමත් ලේ බැඳීමකින් බැඳිලා නිසා. තමන්ගේ විවාහක බිරිඳට දරුවෙක් ලැබුණාම තමන් හා කන්‍යාවිය අතරේ තියෙන ආදරයට වඩා නිත්‍යනුකූල විවාහ බන්ධනය ප‍්‍රමුඛ වෙනවා. මොන පිරිමියත් ක්ෂණික ආදරයක ප‍්‍රීතිය කොයිතරම් කාලයක් භුක්තිවින්දත්් ආයෙමත් තමන්ගේ අක්මුල් රැඳුණු පවුල බලා නික්මෙන්නේ ඒ ලේ බැඳීම නිසාවෙන්මයි.

    තමන්ගේ සතුට හැරුණු විට පිරිමියෙකුට තවත් අවශ්‍ය වන්නේ කුමක්ද?. ඔහුට ඒ ප‍්‍රීතිය උදෙසා වුණු සදාකාලික සංකේතයක් ඇත්තටම අවශ්‍යද?. ඒ ලෙයින් සෑදුණු බන්ධනයක්් විය යුතුද?. තීරණය ඔබ සතුයි.
    ඒ නිසාවෙන්මයි පිරිමියා හැමවිටම කරනවාක් මෙන් ගැහැණියට බලාපොරොත්තුවක් පමණක් දීලා ඇගේ උත්තරීතර ඉල්ලීමෙන් පලායන්නට මාන බලන්නේ. ඒ විතරක් නෙමෙයි ඇයට එක් රමණීය රමණයකින් පුතුන් සියයක් දෙන බවට පුරුෂයා පෙරොන්දු වෙනවා. හැබැයි ඒ දවස කවදාවත් එන්නේ නැහැ. තරුණිය තවමත් කන්‍යාවක වුවත් ඇයටත් අවශ්‍ය වෙන්නේ තමන්ගේ් බැඳීම තහවුරු කරගන්න ලෙයින් බැඳුණු සලකුණක්. සෑම කන්‍යා හදවතක් තුළම එවන් ලේ සලකුණක බලාපොරොත්තුව අනිවාර්්‍යයෙන්ම රැඳිලා තිබෙනවා නොඅනුමානයි.

    ඒ විතරක් නෙමෙයි ජීවිතයේ කවදහරි දවසකදි අම්ම කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක් වෙන්න සියලූ මිනිසුන් පෙරුම් පුරනවා. ඒ නිසාමයි මුදලට වුණත් තමන්ගේ ගර්භාෂය විකුණන ගැහැණු ඔබ මම අතරේ ජීවත් වෙන්නේ. ‘‘ සුරබිදෙන ’’ චිත‍්‍රපටයට පසුබිම් වෙන්නෙත් එවන් වූ කතාවක්. අමතක කරන්න එපා මව් පිය පදවි ලබපු පිරිසුත් තමන්ගේ දරුවන් මහ පාරේ දමා යන්නෙත් මේ ලංකාවෙමයි කියන එක. එහෙම දමා යන්නෙත් තමන්ගේ ලෙයින් බිහිවූ දරුවන්මය කියන එක.

    කෙහොම වුණත් කන්‍යාවියගේ පැතුමන් ස්ත‍්‍රී පුරුෂ සබැඳියාව පවතින තාක්කල් අපි අතරෙ තියේවි. ඒ ප‍්‍රාර්ථනය දිහා ආදරෙන් බලන ආදරණීය පෙම්වතුන් වගේම සල්ලාලයනුත් අපි අතරේම ඉඳීවි.

    වින්ධ්‍යා ගම්ලත්

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ ප්‍රියතම ලේඛිකාවගේ පොතක්."සුබෝධාලංකාරය ,පොදු පුරුෂයා, විචිත්‍ර වීර්යය,සුචිත්‍ර චාරිකා,කවි කඳුර,නන්දිතය,හර්ද සූත්‍රය,කෙටි පණිවුඩය සහ තවත් කතා......මතකත් නෑ.ඒ මහත්මියගේ එක පොතක් කියෙව්වොත් අනිත් පොත් හොය හොයා කියවන්න තරන් පාඨකයා ඇබ්බැහි වෙනවා.තාමත් මට රිදී තිරංගනාව පොත කියවන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කියවන්න ආසවෙන් බලන් හිටපු පොතක් ගැන විස්තර කලාට බොහෝම පිං.ලොකු කුතුහලයක් තිබුනා මොන වගේ කතාවක් තියේද කියලා.දැන් කතා සාරංශය දැන ගන්න ලැබුනු එක ගැන සතුටුයි.:D
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    හොඳ ලිපියක්.. බෙදා ගත්තට ස්තූතියි... මමත් කියෙව්වා රිදී තිරංගනාව.. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ගේ අනිත් පොතුත් ඒ වගේ.. ගොඩක් වෙලාවට කතාව කොහෙන් හරි කාන්තාවකට සම්බන්ද වෙනවා.. ප්‍රේම පුරාණය, හර්ද සුත්‍රය, පොදු පුරුෂයා, කවි කඳුර..
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ගැහැනියක් වෙලා ජිවත් වෙන එක හරි සංකීර්ණයි නේ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Wtf-did-i-just-read.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගැහැනියක් වෙලා ජිවත් වෙන එක හරි සංකීර්ණයි නේ.

    ගැහැණියක් එක්ක ජීවත් වෙන එකත් ඊට වඩා සංකීර්නයි බං
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මගේ ප්‍රියතම ලේඛිකාවගේ පොතක්."සුබෝධාලංකාරය ,පොදු පුරුෂයා, විචිත්‍ර වීර්යය,සුචිත්‍ර චාරිකා,කවි කඳුර,නන්දිතය,හර්ද සූත්‍රය,කෙටි පණිවුඩය සහ තවත් කතා......මතකත් නෑ.ඒ මහත්මියගේ එක පොතක් කියෙව්වොත් අනිත් පොත් හොය හොයා කියවන්න තරන් පාඨකයා ඇබ්බැහි වෙනවා.තාමත් මට රිදී තිරංගනාව පොත කියවන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කියවන්න ආසවෙන් බලන් හිටපු පොතක් ගැන විස්තර කලාට බොහෝම පිං.ලොකු කුතුහලයක් තිබුනා මොන වගේ කතාවක් තියේද කියලා.දැන් කතා සාරංශය දැන ගන්න ලැබුනු එක ගැන සතුටුයි.:D

    හොඳ ලිපියක්.. බෙදා ගත්තට ස්තූතියි... මමත් කියෙව්වා රිදී තිරංගනාව.. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ගේ අනිත් පොතුත් ඒ වගේ.. ගොඩක් වෙලාවට කතාව කොහෙන් හරි කාන්තාවකට සම්බන්ද වෙනවා.. ප්‍රේම පුරාණය, හර්ද සුත්‍රය, පොදු පුරුෂයා, කවි කඳුර..

    මම නම් වැඩිය පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒ උනාට මේක හිතට වැදුනා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තරහ වෙන්න එපා මචන් මේ ලිපිය පටන් අරගෙනම තියෙන්නෙ වැරදියට. ආදරයෙ අවසානය * නැත්නම් ආදරය විවාහයකින් කෙලවරවෙනව කියන්නෙ බොහොම දෙපැත්ත කැපෙන වචන ටිකක්. මොකද ඔතන විවාහයක් වුන ගමන් එතකන් තිබුන ආදරය අවසන් වෙනව වගේ දේකුත් ගැබ්වෙලා තියෙනව. ලන්කාවෙ සමහර ලේඛකයො ලේඛිකාවො කරන ලොකු වැරැද්දක්, එයාලගෙ අතින් සමහරවෙලාවට නොදැනුවත්වමත් මේ දේ වෙන්න පුලුවන්.:rolleyes::rolleyes:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මගේ ප්‍රියතම ලේඛිකාවගේ පොතක්."සුබෝධාලංකාරය ,පොදු පුරුෂයා, විචිත්‍ර වීර්යය,සුචිත්‍ර චාරිකා,කවි කඳුර,නන්දිතය,හර්ද සූත්‍රය,කෙටි පණිවුඩය සහ තවත් කතා......මතකත් නෑ.ඒ මහත්මියගේ එක පොතක් කියෙව්වොත් අනිත් පොත් හොය හොයා කියවන්න තරන් පාඨකයා ඇබ්බැහි වෙනවා.තාමත් මට රිදී තිරංගනාව පොත කියවන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කියවන්න ආසවෙන් බලන් හිටපු පොතක් ගැන විස්තර කලාට බොහෝම පිං.ලොකු කුතුහලයක් තිබුනා මොන වගේ කතාවක් තියේද කියලා.දැන් කතා සාරංශය දැන ගන්න ලැබුනු එක ගැන සතුටුයි.:D

    මු ඩාල තියෙන පොස්ට් එකත් සංකීර්නයි:dull::dull::oo::oo:
    ඔයාගේ කමෙන්ට් එක ඊටවඩා සංකීර්නයි:baffled::baffled::baffled::confused::confused:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    තරහ වෙන්න එපා මචන් මේ ලිපිය පටන් අරගෙනම තියෙන්නෙ වැරදියට. ආදරයෙ අවසානය * නැත්නම් ආදරය විවාහයකින් කෙලවරවෙනව කියන්නෙ බොහොම දෙපැත්ත කැපෙන වචන ටිකක්. මොකද ඔතන විවාහයක් වුන ගමන් එතකන් තිබුන ආදරය අවසන් වෙනව වගේ දේකුත් ගැබ්වෙලා තියෙනව. ලන්කාවෙ සමහර ලේඛකයො ලේඛිකාවො කරන ලොකු වැරැද්දක්, එයාලගෙ අතින් සමහරවෙලාවට නොදැනුවත්වමත් මේ දේ වෙන්න පුලුවන්.:rolleyes::rolleyes:
    බලාගෙන ගියාම වක්‍රාකාරව සිද්ද වෙන්නෙත් ඒකම තමයි..;);)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගේ ප්‍රියතම ලේඛිකාවගේ පොතක්."සුබෝධාලංකාරය ,පොදු පුරුෂයා, විචිත්‍ර වීර්යය,සුචිත්‍ර චාරිකා,කවි කඳුර,නන්දිතය,හර්ද සූත්‍රය,කෙටි පණිවුඩය සහ තවත් කතා......මතකත් නෑ.ඒ මහත්මියගේ එක පොතක් කියෙව්වොත් අනිත් පොත් හොය හොයා කියවන්න තරන් පාඨකයා ඇබ්බැහි වෙනවා.තාමත් මට රිදී තිරංගනාව පොත කියවන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කියවන්න ආසවෙන් බලන් හිටපු පොතක් ගැන විස්තර කලාට බොහෝම පිං.ලොකු කුතුහලයක් තිබුනා මොන වගේ කතාවක් තියේද කියලා.දැන් කතා සාරංශය දැන ගන්න ලැබුනු එක ගැන සතුටුයි.:D

    හොඳ ලිපියක්.. බෙදා ගත්තට ස්තූතියි... මමත් කියෙව්වා රිදී තිරංගනාව.. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ගේ අනිත් පොතුත් ඒ වගේ.. ගොඩක් වෙලාවට කතාව කොහෙන් හරි කාන්තාවකට සම්බන්ද වෙනවා.. ප්‍රේම පුරාණය, හර්ද සුත්‍රය, පොදු පුරුෂයා, කවි කඳුර..

    මේ තියෙන්නෙ මගෙ ලඟ තියන, සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත්
    2235R.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තමන්ට හොද reputation එකක් සමාජේ තියෙනවා නම්, තමන් තමන්ට රහස එළිකරන කෙනාව Judge (විනිශ්චය කරන එක) කරන්නේ නැත්නම්, ඒ රහස රකිනවා නම්, පස්සේ ඒ පිටින් දාලා මඩ ගහන්නේ නැත්නම් අපහසුතාවයට පත් කරන්නේ නැත්නම්, ඒ රහස මගින් වාසි ප්‍රයෝජන ගන්නේ නැත්නම්. ඕනේම කෙනෙක් ඕනේම දෙයක් අපිට කියන්න මැලි වෙන්නේ නෑ. මට මේ විදියට එක එක ජාතියේ එවුන් තමන්ගේ පෞද්ගලික රහස් කියලා තියෙනවා උන්ට උදව් ඕන වුන වෙලාවලදි. කොල්ලෝ, කෙල්ලෝ කවුරු වුනත් එකයි.
     
    අම්මපා?:rofl::rofl:
    දුක්ගන්නා රාලද උඹෙ ජොබ් එකේ නම:rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනුන්ට උදව් කරන්න දුක්ගන්නා රාල වෙන්න ඕන නෑ.