කන බොන දේවල්, බඩ සහ විටමින්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Losing weight is not a big deal but preserving muscles in the process.
    That's why resistance training and high protein intake in essential.

    Is there any evidence for this?
    ------ Post added on Nov 9, 2023 at 2:34 AM
    I didn't search for it cus the here doctor's are always telling truth and honest
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ඔව් ඒක නම් ඇත්ත. විටමින් සී වගේ දේවල් නම් ප්‍රශ්නයක් නැති වෙයි නේද? 🤔
    විටමින් සී ගන්න හොද නෑ උණ හෙම්බිරිස්සාව වාගෙ නැත්නම්.
    පිටින් විටමින් ගන්න එපා මොකද එවා සින්තටික් නිසා තේරුමක් නෑ ගොඩක් කල් ගත්තොත් වකුගඩු ලෙෆ්ට් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    12:12 ---> 16:8 ---> 20:4 ---> 22:2

    ආයෙ කවදාවත් කන්න බෑ පරණ විදිහට. දැන් හැමදාම 22:2

    මමත් 16/8 මාස 2ක් විතර කරල පස්සෙ තේරුනා කරපු ලොකුම ගොන්කමක් කියලා.. මසල් බර්න් වෙලා පට්ට විදිහට වීක් වෙනවා... ඊට පස්සෙ හරියට workout එකක්වත් කරගන්න බැරි වෙනවා..

    Resistant training නොකර නොකා නොබී ඇග බස්සගන්න හදන උන්ට කියන්නෙ කරන්නනම් එපා.. වැඩිම උනොත් කැලරි 250ක් වගේ තියාගෙන ඇග බස්සගන්න... ඒකත් මොකක්වත් workout එකක් නොකර කරද්දි BMR එක ඒ කැලරි ගානට adjust වෙනවා.. එතකොට ඇග බස්සන්න තව කන එක අඩු කරන්න වෙනවා... Sustainable නෑ මේ වැඩේ...
     
    • Like
    Reactions: Kolama and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    2017 ඉඳන් තාම කරනව ඔයි කියන විදිහට මසල් බර්න් වෙලා වීක් වීමක් නං වෙලා නෑ. මාස දෙකෙන් මසල් බර්න් වෙලා පට්ට විදිහට වීක් වුණා නං වෙන මොකක් හරි අවුලක් තියෙනව :unsure:

    අවුරුදු කීයක් කරන්න ඕනෙද sustainable කියන්න? මම 2017 පටන් ගත්තේ 95Kg න්, 2020 ඉඳන් 2023 වෙනකං 65Kg-70Kg අතරෙ මේන්ටේන් කරන්නෙ.

    මාස දෙකක් කරල sustainable නෑ කියන්න බෑ කොහොමත්.

    Does fasting burn muscle?
    by Dr. Jason Fung, MD, medical review by Dr. Bret Scher, MD

    https://www.dietdoctor.com/does-fasting-burn-muscle
     
    මටත් ආටිකල් 100ක් විතර හොයන් එන්න පුලුවන් තඩි කැලරි ඩෙෆිසිට් එකක් කරද්දි මසල් බර්න් වෙනවා කියලා.. ඒක නෙමේ වැඩේ.. නොකා නොබී maintain කරනවට වඩා හරියට කාලා හරියට workout කරල ඉන්න එක healthy කියලා ඕනෙ තරම් prove වෙලා තියෙන්නේ...

    Sustainable නෑ කියන්නෙ practical නෑ කියන එක.. දවසකට 1 වේලක් විතරක් කාල ඉන්න එක හැමෝටම කරන්න බෑ.. Healthy වෙන්න කියල එහෙම ඉන්න ඕනෙත් නෑ.. ගෙදර ඉන්න එලියටවත් බහින්නෙ නැති introvert level එකේ අයට නම් පුලුවන් ඇති.. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් නම් කන එක අඩුවෙලා නිසා බර 63 > 58 අඩුවෙලා . ළමයින්ට කන්න දෙන්න අපි ඉතුරු කරල :ROFLMAO: :ROFLMAO: හැබැයි කෙට්ටු උනා බඩ දෙපැත්තෙන්. ඉස්සරහ ටික අඩු කරගන්න ඕන.ඒක ලේසියෙන් බහින්නෙ නෑ වගේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    1645427837852.png
     
    • Haha
    Reactions: NRTG and shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මටත් ආටිකල් 100ක් විතර හොයන් එන්න පුලුවන් තඩි කැලරි ඩෙෆිසිට් එකක් කරද්දි මසල් බර්න් වෙනවා කියලා.. ඒක නෙමේ වැඩේ.. නොකා නොබී maintain කරනවට වඩා හරියට කාලා හරියට workout කරල ඉන්න එක healthy කියලා ඕනෙ තරම් prove වෙලා තියෙන්නේ...

    Sustainable නෑ කියන්නෙ practical නෑ කියන එක.. දවසකට 1 වේලක් විතරක් කාල ඉන්න එක හැමෝටම කරන්න බෑ.. Healthy වෙන්න කියල එහෙම ඉන්න ඕනෙත් නෑ.. ගෙදර ඉන්න එලියටවත් බහින්නෙ නැති introvert level එකේ අයට නම් පුලුවන් ඇති.. 🤷‍♂️

    ආටිකල් එකේ රිසර්ච් පේපර් එක්කම තියෙන්නෙ Intermittent/Prolonged fasting කරද්දි ෆැට් බර්න් වෙනවට වඩා මසල් බර්න් වෙනව කියන්නෙ වැරදි කතාවක් කියල ඔප්පු කරන්න.

    හරියට කනව හරියට වර්ක් අවුට් කරනව කියල හැමෝටම හරියන ප්ලෑන් එකක් නෑ තමන්ට හරියන තමන්ට sustainable වේට් මැනේජ්මන්ට් ටූල් එක හොයාගන්න ඕන. ඒක CICO වෙන්න පුළුවන් වර්ක් අවුට් වෙන්න පුළුවන් Fasting වෙන්න පුළුවන් Keto වෙන්න පුළුවන් etc etc

    මාස දෙකක් කරල අම්මෝ ෆාස්ටින් කරන්න නං එපා මසල් ටික ලෙප්ට් කියන්නෙ ගොං කතාවක් :yes:
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    2017 ඉඳන් තාම කරනව ඔයි කියන විදිහට මසල් බර්න් වෙලා වීක් වීමක් නං වෙලා නෑ. මාස දෙකෙන් මසල් බර්න් වෙලා පට්ට විදිහට වීක් වුණා නං වෙන මොකක් හරි අවුලක් තියෙනව :unsure:

    අවුරුදු කීයක් කරන්න ඕනෙද sustainable කියන්න? මම 2017 පටන් ගත්තේ 95Kg න්, 2020 ඉඳන් 2023 වෙනකං 65Kg-70Kg අතරෙ මේන්ටේන් කරන්නෙ.

    මාස දෙකක් කරල sustainable නෑ කියන්න බෑ කොහොමත්.

    Does fasting burn muscle?
    by Dr. Jason Fung, MD, medical review by Dr. Bret Scher, MD

    https://www.dietdoctor.com/does-fasting-burn-muscle
    කාලා මැරෙනවද අකාලෙ මැරෙනවද :ROFLMAO:
    70- 80 නම් එච්චර අවුලක් නෑ නේද.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කාලා මැරෙනවද අකාලෙ මැරෙනවද :ROFLMAO:

    කකා ම හිටිය නං තාම වැඩිපුර කිලෝ 30 ක් 24/7 උස්සගෙන නෙ ජීවත් වෙන්න වෙන්නේ. ඒක තිබිල නැති කර ගත්තම තමා තේරෙන්නෙ වෙනස

    70- 80 නම් එච්චර අවුලක් නෑ නේද.

    උස නං අවුලක් නෑ මං 5'5" නෙ උස. කිලෝ 50 වගේ වෙනකං අඩු කරන්න පුළුවන් Healthy BMI රේන්ජ් එකේ ඉඳන්
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    කකා ම හිටිය නං තාම වැඩිපුර කිලෝ 30 ක් 24/7 උස්සගෙන නෙ ජීවත් වෙන්න වෙන්නේ. ඒක තිබිල නැති කර ගත්තම තමා තේරෙන්නෙ වෙනස

    උස නං අවුලක් නෑ මං 5'5" නෙ උස. කිලෝ 50 වගේ වෙනකං අඩු කරන්න පුළුවන් Healthy BMI රේන්ජ් එකේ ඉඳන්
    ඇදිලා තියන ආමාශය එක පාර කුඩා වෙන්නෙ නෑනෙ පාස්ටින් ඉන්නකොට ඇඟේ සීනි අඩුවෙනවා වගේ දැනෙන්නැද්ද (dizzy feeling)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇදිලා තියන ආමාශය එක පාර කුඩා වෙන්නෙ නෑනෙ පාස්ටින් ඉන්නකොට ඇඟේ සීනි අඩුවෙනවා වගේ දැනෙන්නැද්ද (dizzy feeling)
    ආමාශෙ ඇදුණම ගොඩක් කන්න පුළුවන් එකවැර ආමාශෙ ඇදුණා කියල ඇඟේ සීනි අවශ්‍යතාවය වැඩි වෙන්නෙ නෑ.

    මුලින්ම අමාරුවක් දැනෙන්නෙ ඇඟ සීනිවලින් දුවලම ෆැට් වලින් දුවන්න පුරුදු වෙලා නැති නිසා. ඒකයි 12:12 න් පටන් අරන් ටික ටික වැඩි කරන්නෙ. ඇඟ හම යට තියෙන තෙල් තට්ටුවෙන් දුවන්න පුරුදු කරගත්තම ෆාස්ටින් ඉන්න වෙලාව ටික ටික වැඩිකරගතහැකි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

    මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

    පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

    ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

    - වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

    - වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

    - තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

    ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

    ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

    ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
    මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ
    Api mokada karanna ona...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    16/8 karala masa 7 ta kilo 15k adu karagatta. fish oil/ multi vitamins gannawa satiyata dawas 4-5 k wage. satiyata dawas 4 k wage exercise karanawa. bat kana eka 75k ma nawattala tiyenne. dawalta witarak bat poddak kanawa. wannaku method partially follow karanawa high fat kama kala. so far so good.
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

    මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

    පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

    ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

    - වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

    - වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

    - තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

    ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

    ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

    ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
    multivitamins samaharunta allergy wenna puluwan kiyala google eke thibba. math doctor kenekgen ahala bonna haduwe. google eke koikatath kiyala search karala baluwa. wthakotai dakke side effects widihata palu ehema enna puluwan kiyala. mata kohomath allergy case ekak thiyena nisa man biwwe na. koikatath bonawanam doctor kenekgen ahala bona eka hondai.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ආමාශෙ ඇදුණම ගොඩක් කන්න පුළුවන් එකවැර ආමාශෙ ඇදුණා කියල ඇඟේ සීනි අවශ්‍යතාවය වැඩි වෙන්නෙ නෑ.

    මුලින්ම අමාරුවක් දැනෙන්නෙ ඇඟ සීනිවලින් දුවලම ෆැට් වලින් දුවන්න පුරුදු වෙලා නැති නිසා. ඒකයි 12:12 න් පටන් අරන් ටික ටික වැඩි කරන්නෙ. ඇඟ හම යට තියෙන තෙල් තට්ටුවෙන් දුවන්න පුරුදු කරගත්තම ෆාස්ටින් ඉන්න වෙලාව ටික ටික වැඩිකරගතහැකි.
    ඇග සීනි වලින් දුවන එකෙයි. Fat වලින් දුවන එකයි වෙනස මොකක්ද ?
    ඇඟ fat එකෙන් දුවන්න පටන් ගත්තාම තියන benifits මොනවාද?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇග සීනි වලින් දුවන එකෙයි. Fat වලින් දුවන එකයි වෙනස මොකක්ද ?
    ඇඟ fat එකෙන් දුවන්න පටන් ගත්තාම තියන benifits මොනවාද?
    සීනි වලින් දුවන්න පුරුදු වුණාම කලින් වේලෙන් ගත්ත සීනි ටික අඩුවීගෙන එනකොටම බඩගිනි වෙනව. තුන් වේලක් කනකොට අපෙන් බහුතරේකට කොහොමත් දවසෙ බර්න් කරනවට වඩා වැඩි සීනි ප්‍රමාණයක් කැවෙනව (කැලරි වලට සීනි කිව්වෙ සරල වෙන්න)

    ඔය වැඩි සීනි ටික ෆැට් කරල හම යට ස්ටෝ කරනව සීනි ඉන්ටේක් එක අඩුවෙන වෙලාවක ගන්න. නූතන මානවයා පරිණාමය වෙලා තියෙන්නෙ එහෙම, මොකද අවුරුදු ලක්ෂ 3 ක් විතරම දඩයම් කරල ගඩා ගෙඩි කාලනේ ජීවත් වුණේ (Hunting-gathering, වගා කරන්න පටන් අරන් තාම අවුරුදු 12,000 වගේ) ඉතින් සීත කාලෙ නියං කාලෙ එහෙම ආවම දඩයම් කරන්න, ගඩා ගෙඩි හොයාගන්න අමාරු නිසා අර ස්ටෝ කරපුවගෙන් දිව්වැකි. (සමහරු කියන විදිහට ෆැට් තියෙද්දි මසල් බර්න් කරනව නං දැන් මිනිස්සු වඳ වෙලා ගිහිං මොකෝ සීත කාලෙ ඉවර වුණත් ගඩා ගෙඩියක් හොයා ගන්න ඇවිදින්නවත් මසල්ස් නෑනේ)

    දැන් එහෙම අහේනි කාල එන්නෙ නෑනෙ ඉතින් හම යට ස්ටෝ කරනව විතරයි ෆැට්, ඒව පාවිච්චි කරන්නෙ නෑ අපෙන් බහුතරයක්.

    කෙට්ටු වෙන්න ඕනැ නම් ඔය හම යට තියෙන තෙල් තට්ටුව පුච්චල දාන්න ඕන, ඒකට කන සීනි ප්‍රමාණෙට වඩා ප්‍රමාණයක් පුච්චන්න ඕන (Calorie deficit) එතකොට ඒ අඩුව හම යට තියෙන ෆැට් වලින් ගන්නව එතකොට තෙල් තට්ටුව පිච්චෙනව බර අඩු වෙනව.

    ඕක වර්ක් අවුට් කරලත් කෙරුවහැකි සීනි ගන්න එක අඩු කරලත් කෙරුවහැකි ඔය දෙකේ මිශ්‍රණයක් කරලත් කෙරුවහැකි කාබ්ස් ගන්නෙ නැතුව ෆැට් වැඩි කෑම කාලත් කෙරුවැකි (Keto)

    ෆාස්ටින් කරල ඇඟ ෆැට් වලින් දුවන්න පුරුදු වුණාම සීනි ටික ඉවර වෙච්ච ගමන් බඩගිනි වෙන එක පණ නැති ගතියක් එන එන නැතිවෙනව.

    ඕක රිසර්ච් පේපර් එක්කම විද්‍යාත්මකව පැහැදිලි කරල තියෙනව මේ පොත් දෙකේ, බාගෙන බලන්න :

    (Paid) Amazon Link

    (Pirated) Workupload Link
     
    Last edited: