කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
මචන්ලා...රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
අයන්නෙ ඉඳලා දැනගන්න ඔනී...
මචන්ලා...රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
අයන්නෙ ඉඳලා දැනගන්න ඔනී...
තෙරුවන් සරණයි !!!රුවන්වැලි සෑයට කප් රුකක් පුජා කිරීමේ වාසනාව දවස් කීපයකට කලින් අපිට ලැබුනා.....
ද්‍රෝණයක් සර්වඥ ධාතු තැන්පත්ව ඇති ලොව එකම පුන්‍ය භුමිය වන රුවන්වැලි මහා සෑරදුන් තථාගතයන් වහන්සේගේ ජීවමාන අනුරුවක් හා සමානය. දිනපතා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ මෙන්ම දෙව් බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වන පින්බර රුවන්වෙලි සෑ රදුන්ට කප් රුකක් පූජා කිරීම අප මහා ලොවුතුරා බුදුන් වහන්සේට චීවරයක් පූජා කිරීම හා සමාන මහත්ඵල මහානිසන්ස පිංකමක් කියලයි කියවෙන්නේ.. එවන් පිංකමක් සංවිධානය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.
![]()
![]()
![]()
![]()
තවමත් මෙවන් පිංකමකට සහභාගි නොවූ එලකිරියේ සියලුම මිතුරු මිතුරියන්ට කප් රුක් පූජාවක් පිලිබඳ සිතක් පෑදීමට මේ නූල හේතු වේවයි පතමි !!!
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි !!!කප් රුක් පූජාවක් කරන්න නම් රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවෝ මුනගැහිලා හෝ කතා කරගෙන දිනයක් වෙන්කර ගන්න වෙනවා. මේ චීවරය යාර 300ක් දිගයි. කට්ටියක් එකතුවෙලා කලොත් එච්චර අමාරු වැඩක් නෙමෙයි. මීට අමතරව අටපිරිකරක්, පිරිකර 5ක්, මල් වට්ටි 8ක්, දැහැත් ... මෙන්න මේ වගේ දේවල් ඔන වෙනවා... මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන කෙනාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන්. සේරම විස්තර දැනගන්න පුලුවන් එතකොට. පෙරහැරට හේවිසි කන්ඩායම ලෑස්ති කර ගන්නත් පුලුවන් ලේසියෙන්ම.. නමුත් මේ පිංකමට සහභාගි වන පිරිස වැඩි වෙන තරමට සාර්ථකව වැඩේ කරගන්න ලේසි වෙනවා....
රුවන්වැලි සෑය වාර ගනනාවක් වැඳලා තිබුනත් සෑයට නැගලා බුදුන්ගේ ධාතු තැන්පත් සෑය අත්දෙකින් අල්ලලා වඳින්න ලැබිච්ච එකත් ලොකු වාසනාවක් කියල හිතෙනවා......
චගු;14187348 said:මචන්ලා.. කප් රුක් පූජාවක් කල කවුරු හරි ඉන්නවද..
ඒ චීවරය / කොඩිය මහගන්නෙ කොහෙන්ද?
අවශ්‍ය වතාවත් එහෙම ගැන පොඩ්ඩක් කියපල්ලා
රුවන්මැලි මහ සෑයට කප් රුක් පූජාවකට කීයක් විතර යාවිද ?
ලොකු උදව්වක්
පින්
චගු
කප් රුක් පූජාව කියන්නෙ මොකක්ද කියල නොදන්න උන්ටයි මේ:
http://madayagelokaya.blogspot.com/2012/07/blog-post_19.html
![]()
විශේෂයෙන් මහල දෙනවද කියල නම් දන්නෙ නෑ බන්.අපි රෙදි අරන් මහගන්න එක තමයි හොඳ දන්න විදිහට.රුවන්වැලි සෑයට කොච්චර රෙදි ඕනෙද කියල නම් හරියටම දන්නෙ නෑ බන්.හොයල කියන්නම්.රෙදි කච්චි අරන් එකට මහල තමයි හදන්නෙ.
මහියංගනේ නම් මීටර් 90ක් විතර තියෙනවා.
ටිකක් වැඩිපුර පළල රෙද්දක් නම් රුවන්වැලි සෑයට හොඳයිලු.
කට්ටිය නම් ගොඩක් ඕනේ.පිරිමි අයට විතරයි උඩට නගින්න දෙන්නේ.පිරිකර අරව මේව හැම දෙයක්මත් ඕනේ.මේ වෙලාවේ නම් හරියටම පැහැදිලි ව්ස්තරයක් කියන්න විදිහක් නෑ.දන්න කෙනෙක් කියයි.නැත්තම් අහල කියන්නම්.
අපි මහියංගනේ එකක් කලා.නෙලුම් මල් පූජාවකුත් එක්කම.
mama kala ruwanweliseye...
300m one..
mama kotuwe kadekin kodiye print reddak gaththa... gedera mahala gaththe..
rupiyal 30,000 wage yai
ruwanweliseyata kalin call karala dinayak daaganna... wahina dawas walata oya pinkama karanna ba.. arath thawa hamuduru waru udaw wenewa.. ae hamuduruwanta pirikara ehema geniyanta..
oya kodi redde thiyenne nil,kaha,rathu,sudu,thambili depaarak print karala.. oka dekata kapala ganna puluwan.
wadi wisthara one num message karanna..
BS
තෙරුවන් සරණයි !!!Shop- A.J Peiris
The pirikara people
Atapirikara & Textile Merchants
135, Second cross street,Colombo -11.
Tel-2327304,0714879677
[email protected]
අනිවාර්යෙන් තනි සුදු ඇඳගෙන යන්ඩ..නැත්නම් උඩට ගන්නෙ නෑ
තෙරුවන් සරණයි !!!
මචන්ලා...රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?
අයන්නෙ ඉඳලා දැනගන්න ඔනී...
තනි සුදු අදින්න ඕනා
පිරිමි අය විතරය් උඩට ගන්නේ
මොකක්ද මේ ආගම ?

චගු;23332304 said:ඉස්සෙල්ලම තීරණය කරන්න ඔයාලා මහ සෑයට පලඳන:
> කප් රුකක් (කංචුකයක්) ද ,
> ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ උදෙසා පූජා කෙරෙන චීවරයක් ද ? ,
> නැතිනම් මහ සෑය සරසන බෞද්ධ කොඩියෙ පාට තියෙන කංචුකයක් ද කියල.
අපි 2015, 2017 අවුරුදු වල සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා කරනවා කියන අදහසින් මහ සෑයට චීවර කංචුකයක් පුජා කලා
මෙහෙමයි කලේ :
අපි පූජා කලේ තායි කොටන් (Thai Cotton) කියන රෙද්දෙන් . මීටර 320ක් ගත්තා . මෙතන ටිකක් වැඩිපුර ගත්තෙ රුවන්මැලි මහ සෑයෙ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා ටත් පාවිච්චි කරන්න පුලුවන් විදියටයි. මීටර 300ක් වගේ ඇති වේවි මහ සෑයට පලඳන කංචුකයට පමණක් නම්.
![]()
මම රෙදි ගත්තෙ 2015 දි මහරගම CIB එකෙන්, 2017 දි රත්මලානෙ මම දන්න කඩේකින් (සාමාන්‍යයෙන් තායි කොටන් මීටරයක් රු 235ක් වගේ උනේ. ) Total cost = 74000
චීවරය ශොප් එකෙන් ලැබෙන්නෙ කච්චි විදියට.
ඒක අපි සුවඳ සබන් (රානි සඳුන් සබන්) වලින් සේදුවා. (සියළුම බකට්, රෙදි වැල් , clothes pegs අලුතෙන් ගත්තේ )
![]()
ඊට පස්සෙ ඒ චීවරය එකට මහල (කච්චි තුනක් නෙ එන්නේ) කාඩ්බෝඩ් බටයක ඔතා ගත්තා (මේ බට ගත්තෙ පෝස්ටර් ප්‍රින්ට් කරන තැනකින්). ඔසවාගෙන යන්න පහසු වෙන්න ලොකු යකඩ පොල්ලක් අවශ්‍යයි.
![]()
ඊලඟට මහසෑයෙ මේ කටයුතු භාරව ඉන්න පින්වත් සෝභිත ස්වාමීන්ව්හන්සේට කතා කරල දිනයක් ඉල්ලගත්තා. (හොයල බලන්න ඔයාලා පින්කම කරන්න හිතන දවසට මහ සෑයෙ වෙනත් ලොකු පින්කම් තියෙනවද කියල.. එහෙම උනොත් නම් ටිකක් වැඩේ අපහසු වෙනවා )
ඊට පස්සෙ පිරිස සෙට් කර ගන්න.. ගමේ අය, ඤාතීන්, යාලුවො ඔක්කොටම මාසයක් විතර කලින් කියන්න.. අපි නම් එහෙම කල නිසා කංචුකය පූජා කරද්දි පිරිස හොඳට හිටියා.
නැතිනම් වෙන්නෙ ඔතපු කංචුකය රෝල පිටින් දෙන්නෙක් උස්සන් වටේ යන්න තමයි .
මම පූජා කරන දවසට කලින් දවසෙ මහ සෑයට ගියා.
රුවන්මැලි මහ සෑයෙ කාර්යාලයේ ඉන්නවා ලියන මහත්තයා කියල කෙනෙක්. එයාට කියල පොතේ අපි කංචුකය පූජා කරන වේලාව ලියාපදිංචි කරන්න.
පිරිස ඉන්නව නම් පොඩි පෙරහැරකින් කංචුකය වඩම්මන්න පුලුවන්
එතකොට ඊට අවශ්‍ය කොඩි සේසත් එහෙමත් ලියන මහත්තයගෙන් ඉල්ලගන්න පුලුවන්.
![]()
මම තව මෙහෙම දෙයක් කලා.. කැමති නම් කරන්න :
මම බුලත් වට්ටියක්, පිරිකර අරන් ගිහින් මහ සෑයෙ විහාරයේ වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලාට පූජා කරල උන්වහන්සේලාට ආරාධනා කලා අපේ පින්කමට අනුග්‍රහ කරන්න කියල.මේ ටික කැමති නම් කරපන් මචන්.. මම කිව්වෙ මම කල විදිය.
ඊට පස්සෙ මහ සෑය ලඟට මල් වට්ටියක් අරන් ගිහින් පූජා කරලා භාග්‍යවතුන්වහන්සේ ට වන්දනා කරලා , මහ සෑය ආරක්ෂා කරන සියළු දෙවිවරුන් ට කිව්ව අපේ පින්කමට සහභාගි වෙන්න අනුග්‍රහ කරන්න කියල.
ඊලඟට මහ සෑයෙ මළුව ලඟ ඉන්නවා බෙරකාරයො සෙට් එක.. එයාලට කියන්න පින්කම තියෙන වෙලාව. ඒ වෙලාවට අනිවා ඔයාලා කංචුකය පූජා කරගන්න සෙට් වෙලා ඉන්න.. නැතිනම් බෙරකාරයො වෙන අයගෙ පින්කම් වලට යනවා.. එයලට මාරම ඩිමාන්ඩ් එකක් ටියෙන්නෙ. පුලුවන්නම් ඔයාල ගෙ බෙරකාරයො සෙට් එකක් අරන් යන්න. බෙරකාරයන් ට සල්ලි වගේම පොඩි තෑග්ගකුත් දෙන්න.. මම නම් දුන්නා සුදු ශර්ට් සහ සුදු සරම්.
![]()
![]()
පින්කම කරද්දි ආයකටු 50ක් වගේ අරන් යන්න.. චීවරය පලඳන්න අවශ්‍යයි.
පේසා වළල්ල උඩට නගින්න දෙන්නෙ පිරිමි 6 දෙනෙකුට විතරයි.
උන් සුදු ඇඳන් යන්නම ඕනි.
![]()
පින්කමට පසුව පිරිසට ධර්මානුශාසනාවක් සමඟ පුන්යානුමෝදනාවක් කරන්න ස්වාමීන්වහසේ නමකට ඔයාලා ආරාධනා කලොත් පින්කම වඩා සම්පූර්ණයි
![]()
තව විස්තර අවශ්‍ය නම් PM කරන්න මචන්
තෙරුවන් සරණයි