ගෞතම බුද්ධ ශාසනය බැබළවූ, ඒ අසිරිමත් අසූ මහ#
* රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණක්. මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණයි. මේ භද්‍ර කල්පයේ බුදුවරුන් පස් නමකි. කල්පයේ මුලින්ම "කකුසඳ" භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට 40 000ක සංඝ පිරිසක් පරිවාර වූහ. දෙවනුව "කෝණාගම" භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට 30 000ක සංඝ පිරිසක් පරිවාර වූහ. තුන්වෙනුව "කාශ්‍යප" භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේට 20 000ක සංඝ පිරිසක් පරිවාර වූහ. සතර වෙනුව අප "ගෞතම" බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ගෞතම බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේස්ත්‍රයන්හි, අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.
1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සාරිපුත්ත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි. මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ
ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් අනුරුද්ධ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
6. භද්දිය මහරහතන් වහන්සේ
උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් භද්දිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
10. මහා කච්චායන මහරහතන් වහන්සේ
බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහා කච්චායන මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
11. මහාපන්ථක මහරහතන් වහන්සේ
අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහාපන්ථක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් චුල්ලපන්ථක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
13. සුභූති මහරහතන් වහන්සේ
නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සුභූති මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
14. රේවත මහරහතන් වහන්සේ
ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් රේවත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
15. කංඛාරේවත මහරහතන් වහන්සේ
ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කංඛාරේවත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ
පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ
යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
18. සීවලී මහරහතන් වහන්සේ
ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සීවලී මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
19. වක්කලී මහරහතන් වහන්සේ
ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් වක්කලී මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
20. රාහුල මහරහතන් වහන්සේ
ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ රාහුල අසිරිමත් මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
21. රට්ඨපාල මහරහතන් වහන්සේ
ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් රට්ඨපාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කුණ්ඩධාන මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
23. වංගීස මහරහතන් වහන්සේ
වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් වංගීස මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
24. උපසේන මහරහතන් වහන්සේ
ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උපසේන මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ
මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහමේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ
දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පිළින්දිවච්ච මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
28. කුමා රකස්සප මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කුමා රකස්සප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහා කොට්ඨිත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
30. ආනන්ද මහරහතන් වහන්සේ
උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ආනන්ද මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
32. කාඵදායි මහරහතන් වහන්සේ
කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කාඵදායි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
33. බක්කුල මහරහතන් වහන්සේ
නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් බක්කුල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
34. සෝභිත මහරහතන් වහන්සේ
පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සෝභිත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
35. උපාලි මහරහතන් වහන්සේ
විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උපාලි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
36. නන්දක මහරහතන් වහන්සේ
මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නන්දක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
37. නන්ද මහරහතන් වහන්සේ
ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නන්ද මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
38. මහාකප්පින මහරහතන් වහන්සේ
භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහාකප්පින මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
39. සාගත මහරහතන් වහන්සේ
තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සාගත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
40. මෝඝරාජ මහරහතන් වහන්සේ
රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මෝඝරාජ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
41. රාධ මහරහතන් වහන්සේ
මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් රාධ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
42. නාලක මහරහතන් වහන්සේ
නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහරහතන් වහන්සේලා,මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නාලක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
43. භද්දිය මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් භද්දිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
44. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් වප්ප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
45. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් වප්ප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
46. අස්සජි මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් අස්සජි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
47. කිම්බිල මහරහතන් වහන්සේ
ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කිම්බිල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
48. භගු මහරහතන් වහන්සේ
අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් භගු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
49. චුන්ද මහරහතන් වහන්සේ
සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් චුන්ද මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ
බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සේලුදායි (සේල) මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
51. නාගිත මහරහතන් වහන්සේ
කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය
අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නාගිත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් තෝදෙය්‍ය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
53. කප්ප මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් කප්ප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ජතුකණ්ණි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
55. පෝසාල මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පෝසාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
56. පුණ්ණක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පුණ්ණක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
57. ධෝතක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ධෝතක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නන්ද (දුතීය) මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
59. අජිත මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් අජිත මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
61. මෙත්තගු මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන් පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මෙත්තගු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
62. උපසීව මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උපසීව මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
63. හේමක මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද විමසා පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් හේමක මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන් මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් භද්‍රාවුධ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
65. උදය මහරහතන් වහන්සේ
සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උදය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
66. පිංගිය මහරහතන් වහන්සේ
මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරුන්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය.පසුව බාවාරි
ගුරුතුමාට දේශනා කල ධර්හයක් අසා රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පිංගිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
67. මේඝිය මහරහතන් වහන්සේ
කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය. බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත්මේඝිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ
සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා කර රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
69. උපවාන මහරහතන් වහන්සේ
ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට විදර්ශනා වඩා රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් උපවාන මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
70. යස මහරහතන් වහන්සේ
පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
71. විමල මහරහතන් වහන්සේ
බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් යස මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
72. සුභාහු මහරහතන් වහන්සේ
ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සුභාහු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
73. පුණ්ණජි මහරහතන් වහන්සේ
පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් පුණ්ණජි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
74. ගවම්පති මහරහතන් වහන්සේ
යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ.ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ගවම්පති මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය.උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද පිරිසත් සමග පැවිදිව රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් නදී කාශ්‍යප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් ගයා කාශ්‍යප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
77. මහා උදායි මහරහතන් වහන්සේ
කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන්ට නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට ඇතුලු වී රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් මහා උදායි මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
78. අංගුලිමාල මහරහතන් වහන්සේ
ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
79. යසෝජ මහරහතන් වහන්සේ
ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ.පසුව කලකිරී පැවිදි විය.විදර්ශනා වඩා රහත්වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් යසෝජ මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
80. සභිය මහරහතන් වහන්සේ
මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.මේ ගෞතම බුදු සසුන බැබල වූ ඒ අසිරිමත් සභිය මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....!
ධර්ම දානය පිණිස බෙදාහරින්න !!
ඔබ සැමට බුද්ධාදී රත්නත්‍රයේ පිහිටයි !!

Last edited: