කපුගේ

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.

    ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.

    “මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.

    “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
    ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.

    “හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.

    “ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.

    “ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.

    “එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
    සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.

    කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.

    පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
    කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.

    “එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.

    ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.

    “සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.

    කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
    කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.

    “කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
    කපුගේ අහනවා.

    අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!

    “කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.

    අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
    “නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.

    “කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
    කපුගේ අත දිගු කරනවා.
    අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.

    ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
    “ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.

    “වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.

    “ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
    අමරසිංහ කියනවා.

    “වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.

    “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.

    “දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.

    “සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.

    “හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
    කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.

    මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
    “මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!

    ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
    ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐

    " සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන "
    copied

    ඒකට දැන් උන්. සල්ලි බාගයක් transfer කලේ නැත්නම් නම දාන්න බැහැ. Full payment එක දානකන් stage නගින්නේ නැහැ :rolleyes: එක පාරක් සරිත් සුරිත් උන් ගෙන්නුවා වෙඩිමකට. හරියටම 10.55 ට play කරන එක නැවැත්තුවා. දන්නවා නෙහ් ඉතිම් කොල්ලෝආතල් එකට one more one more ගෑව. මූ හෙන ගැම්මෙන් කියපි ඔයාලගේ මනමලයා අපිට සල්ලී දීලා තියෙන් 11 වෙනකන් විතරයි තව සින්දුඕනේ නම් මුලින් සල්ලි දීලා ඉන්න කියල. බීපුඋන්ගෙන් මුන් ගුටි නොකා ගියේ නූලෙන්:rofl:
    ------ Post added on Aug 16, 2023 at 10:12 AM
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    ඒකට දැන් උන්. සල්ලි බාගයක් transfer කලේ නැත්නම් නම දාන්න බැහැ. Full payment එක දානකන් stage නගින්නේ නැහැ :rolleyes: එක පාරක් සරිත් සුරිත් උන් ගෙන්නුවා වෙඩිමකට. හරියටම 10.55 ට play කරන එක නැවැත්තුවා. දන්නවා නෙහ් ඉතිම් කොල්ලෝආතල් එකට one more one more ගෑව. මූ හෙන ගැම්මෙන් කියපි ඔයාලගේ මනමලයා අපිට සල්ලී දීලා තියෙන් 11 වෙනකන් විතරයි තව සින්දුඕනේ නම් මුලින් සල්ලි දීලා ඉන්න කියල. බීපුඋන්ගෙන් මුන් ගුටි නොකා ගියේ නූලෙන්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඒකට දැන් උන්. සල්ලි බාගයක් transfer කලේ නැත්නම් නම දාන්න බැහැ. Full payment එක දානකන් stage නගින්නේ නැහැ :rolleyes: එක පාරක් සරිත් සුරිත් උන් ගෙන්නුවා වෙඩිමකට. හරියටම 10.55 ට play කරන එක නැවැත්තුවා. දන්නවා නෙහ් ඉතිම් කොල්ලෝආතල් එකට one more one more ගෑව. මූ හෙන ගැම්මෙන් කියපි ඔයාලගේ මනමලයා අපිට සල්ලී දීලා තියෙන් 11 වෙනකන් විතරයි තව සින්දුඕනේ නම් මුලින් සල්ලි දීලා ඉන්න කියල. බීපුඋන්ගෙන් මුන් ගුටි නොකා ගියේ නූලෙන්:rofl:


    ඔය වැඩේ හරි කියන කොටසකුත් වැරදි කියන කොටසකුත් ඉන්නවා

    මම දන්නේ එක දෙයයි තමන්ගේ දේ පසුවට තියලා අනුන්ගේ දුක තේරුම් ගන්න පුද්ගලයෝ විශිෂ්ටයි ආශ්‍රය කරලා බලපන් හරි සුන්දරයි ඒ මිනිස්සු

    විශේෂයෙන් උන් දුකකදී උබව දාලා යන්නේ නැහැ කවදාවත්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    // “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.//
    දැන් අමරසිංහ ගොයම් කැපුවම සල්ලි බේරපු කතාවක් මේකේ නෑ නේද ?
    එක තමයි කපුගෙලට උනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    ඒක නෙමෙයි, ගොයම් කපලා එදා වේල හම්බ කරන මිනිස්සුද මියුසිකල් ෂෝ සංවිධානය කරන්නේ? තමන්ගේ අත්‍යවශ්‍යම දේ මොකක්ද කියල අඳුරගත්තේ නැති මිනිස්සු. :(
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    ඒක නෙමෙයි, ගොයම් කපලා එදා වේල හම්බ කරන මිනිස්සුද මියුසිකල් ෂෝ සංවිධානය කරන්නේ? තමන්ගේ අත්‍යවශ්‍යම දේ මොකක්ද කියල අඳුරගත්තේ නැති මිනිස්සු. :(
    Danuth wenasak naha. Salli ekathu karala nadagama balanna yana un inne
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මූ හෙන ගැම්මෙන් කියපි ඔයාලගේ මනමලයා අපිට සල්ලී දීලා තියෙන් 11 වෙනකන් විතරයි තව සින්දුඕනේ නම් මුලින් සල්ලි දීලා ඉන්න කියල
    :lol: :lol:

    Mewa thadi pacha katha bn ubala taama mewa wiswasa karanawane 😂😂😂
    Exactly! godak ewwa gothapu boru.
    ------ Post added on Aug 16, 2023 at 5:36 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිත හොඳ මිනිස්සුන්ට කෙල වෙනවා කියන්න වෙන උපමා මොකටද බන්!

    (මෙව්වා සිරා සිද්දි නම්)
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    ප්‍රේමකීර්තිගේ මීට වඩා ආතල් කතා තියෙනවා. උගේ පුතා න්ම් කුඩ්ඩෙක් වෙලා :sorry:
     
    • Sad
    Reactions: Asmodeus