කපෝතක ජාතකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්‍ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.
    ☸️
    “හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”
    එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.
    ☸️
    “පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.
    එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.
    “ම්… හොඳ මනාප සුවඳක් නෙ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…”
    කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.
    ☸️
    “හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”
    ☸️
    “අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්‍රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”
    ☸️
    “මිත්‍රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”
    ☸️
    “අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”
    ☸️
    “හොඳයි… එහෙනම් අප්‍රමාදී ව කටයුතු කරන්ට”
    කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.
    ☸️
    “ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…”
    කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.
    ☸️
    “හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි”
    කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.
    දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ.
    ☸️
    “හප්පේ! මං නම් වෙන කෑම හොයන්ට යන්නේ නෑ… මෙතන ම ගැවසිලා මස් ටිකක් කන්ට ඕනෑ”
    කියලා රෑ තිස්සේ වැතිරිලා සිටියා. උදේ පරෙවියා කපුටාට කතා කළා.
    ☸️
    “මිත්‍ර කපුටෝ… හා… යමු යමු…”
    ☸️
    “අනේ ස්වාමී…. තමුන්නාන්සේ යන්ට… මට බඬේ රුජාවක්….”
    ☸️
    “බඬේ රුජාවක්…? හනේ…. මේ…. කපුටන්ට කොයින් ද බඬේ රුජා….? රෑ තුන් යාමේ එක් යාමෙක බඩගින්නට සිහි නැතිවෙනවා නොවැ…! ගිතෙල් පහන් වැටියක් ගිලපු දවසකටයි ටිකා…ක් සැනසීමක් තියෙන්නේ… නුඹ මේ ඉන්නේ මස් කන්ට ආසාවෙන් වෙන්ට ඕනෑ… යමු යමු… මිනිසුන්ගේ කෑම නුඹට හිතන්ටත් බැරි දෙයක්…. ඔහොම හිතන්ට නම් එපා…. හරි යමු…. මාත් එක්ක ගිහින් වෙනද වගේ මොනව හරි කන්ට බැරියැ…”
    ☸️
    “අනේ ස්වාමී…. මට නම් අද යන්ට බැරියෝ….” කියල කපුටා වැතිරුනා.
    ☸️
    “හා… ඒකට කමක් නෑ… නුඹ මේ කෑමවලට විතරක් ලෝභකම් කරන්නට එපා…”
    කියලා පරෙවියා ගොදුරු පිණිස පියඹා ගියා. අරක්කැමියා නොයෙක් මස් මාංශ වර්ග පිළියෙල කළා. භාජනවල රස්නෙ අඩුවෙන්න වැසුම් ඇරලා තිබ්බා. කුස්සියෙන් එළියට ඇවිත් දහඩිය පිසිමින් හිටියා.
    කපුටා කූඩුවේ සිට හෙමිහිට ඔළුව උස්සා බැලුවා.
    ☸️
    කවුරුත් පේන්ට නෑ. ‘හා…! දැන් මගේ ප්‍රාර්ථනා ඉටු කර ගන්ට කාලයයි…! එතකොට මං කන්නේ පොඩි මස් කෑල්ල ද? ලොකු මස් කෑල්ල ද?
    නෑ… පොඩි එකකින් බඩ පිරෙන්නේ නෑ… ලොකු මස් කුට්ටියක් ම කන්ට ඕනෑ…’
    කියලා කූඩුවෙන් පහළට ආවා. මස් බඳුනේ වැහැව්වා. මස් බඳුන පෙරළුනා. අරක්කැමියා දුවගෙන ආවා.
    ☸️
    “හප්පේ…! මේ කාක්කා අපේ සිටුතුමාට හදපු මස් ටික ගිලින්ට ඇවිත්… මං ජීවත් වෙන්නේ සිටුතුමා නිසා මිස තෝ නිසා නෙවෙයි”
    කියලා දොර වහලා කාක්කා ව අල්ලා ගත්තා. තටු ගැලෙව්වා.එතැන තිබුණු අඹරපු ඉඟුරු, ලුණු, ගොරකා ඇඟේ ඉලුවා. කාක් කූඩුවට දැම්මා. කපුටා වේදනාවෙන් ගැහි ගැහී වැතිරිලා හිටියා.
    බෝසත් පරෙවියා හවස ඇවිත් දුකට පත් කපුටා ව දැක්කා.
    ☸️
    “අහෝ…. මිත්‍ර… මගේ වචනය ඇසුවේ නෑ… මහා දුකකට පත් වුණා නේ ද?” කියා මේ ගාථාව කිව්වා.
    “යමෙක් යහපත පතා කෙනෙකුට
    කරයි නම් අවවාද දයාවෙන්
    නමුත් එය ඔහු නොම අසයි නම්
    පරෙවියාගේ වචන නොම ඇසූ
    සතුරන් අතට පත් කපුටා වගේ
    දුකින් වැතිරෙන්නේ”
    කියලා “
    දැන් ඉතින් මෙතන වාසය කිරීම සුදුසු නෑ” කියා වෙනත් ප්‍රදේශයකට පියඹා ගියා. කපුටා එතනම මරණයට පත් වුණා. අරක්කැමියා කපුටු මළකඳ කුණු ගොඩට වීසි කළා.
    ☸️
    භික්ෂුව, දැක්කා නේ ද ආහාරයට ලොල් වීම නිසා ඒ ආත්මයේ ඔබ මහා දුකකට පත් වුණා. මේ ආත්මෙටත් ඒ පුරුද්ද ගෙනවා. දැන්වත් මේ දුක් උපදවන ලෝභකමින් නිදහස් වෙන්න.”
    කියලා චතුරාර්ය සත්‍යය දේශනා කොට වදාළා. ඒ දේශනාව අවසානයේ ඒ භික්ෂුව අනාගාමී ඵලයට පත් වුණා.
    ☸️
    “එදා මහණෙනි, කපුටා වෙලා උපන්නේ මේ භික්ෂුව. පරෙවියා ව සිටියේ මමයි” කියා වදාළා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    මට තියෙන ප්‍රශ්නයක් තමයි බෝසතානන් වහන්සේ පෙර බහවයන්හිදී උපත ලැබුවේ නිර්මාංශ භවයන් වල විතරද කියන එක. නිකං සිංහයො, කොටි, වලස්සු වගේ භවයන් වල උපත ලැබුවෙ නැද්ද? එහෙම උපත ලැබුවා නම් මාංශ භක්ශක වෙලා සත්තු මරල කාපුවයෙ කර්මය පඩිසන් නොදුන්නෙ ඇයි?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    මට තියෙන ප්‍රශ්නයක් තමයි බෝසතානන් වහන්සේ පෙර බහවයන්හිදී උපත ලැබුවේ නිර්මාංශ භවයන් වල විතරද කියන එක. නිකං සිංහයො, කොටි, වලස්සු වගේ භවයන් වල උපත ලැබුවෙ නැද්ද? එහෙම උපත ලැබුවා නම් මාංශ භක්ශක වෙලා සත්තු මරල කාපුවයෙ කර්මය පඩිසන් නොදුන්නෙ ඇයි?
    Bump
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට තියෙන ප්‍රශ්නයක් තමයි බෝසතානන් වහන්සේ පෙර බහවයන්හිදී උපත ලැබුවේ නිර්මාංශ භවයන් වල විතරද කියන එක. නිකං සිංහයො, කොටි, වලස්සු වගේ භවයන් වල උපත ලැබුවෙ නැද්ද? එහෙම උපත ලැබුවා නම් මාංශ භක්ශක වෙලා සත්තු මරල කාපුවයෙ කර්මය පඩිසන් නොදුන්නෙ ඇයි?

    තිරිසන් ආත්ම වලදී පව් / පින් රැස් වෙන්නෙ නෑ
    ඒ ආතමයෙ ඉපදෙන්න කරපු පව් ගෙවනවා විතරයි කියල අහල තියනව

    ශුවර් නෑ, දන්න එකෙක් කියයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තිරිසන් ආත්ම වලදී පව් / පින් රැස් වෙන්නෙ නෑ
    ඒ ආතමයෙ ඉපදෙන්න කරපු පව් ගෙවනවා විතරයි කියල අහල තියනව

    ශුවර් නෑ, දන්න එකෙක් කියයි

    na mcn eka waradi dn example ekak gathoth bn mehemai

    kotiyek thawa sathekwa maragena kanwa bn ethakota mcn kotiya athin pranagathayak wenwa anith saththuntath ehemai

    ekai buduhamuduruwo kyl tynne bn apayata thirisan athmanayakata peretha lokekata watunama eken galawenna sahenna amrui kyl

    kalpa ganan duk wdnna wnw a
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    na mcn eka waradi dn example ekak gathoth bn mehemai

    kotiyek thawa sathekwa maragena kanwa bn ethakota mcn kotiya athin pranagathayak wenwa anith saththuntath ehemai

    ekai buduhamuduruwo kyl tynne bn apayata thirisan athmanayakata peretha lokekata watunama eken galawenna sahenna amrui kyl


    kalpa ganan duk wdnna wnw a

    හෆොයි එහෙමද :baffled:
     
    • Like
    Reactions: hodakolla