කබරගොයා තලගොයා වෙන හැටි

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    කබරගොයා තලගොයා වෙන හැටි

    Muril get the job to train the old enemy

    කන්න ඕන උනහම කබරගොයා තලගොයා වෙන හැටි

    එදා හතුරු මෙදා මිතුරු- මුරලි ඕස්ටේලියාවට දග පන්දු යවන හැටි උගන්වන්න යයි-Videos

    පකිස්තානු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන ඔක්තොබර් මාසයේ පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා
    ඔස්ටේ‍්‍රලියානු ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ දඟපන්දු යැවීම් උපදේශක ලෙස සුපිරි දඟපන්දු යවනකි‍්‍රඩක මුත්තයියා මුරලිදරන් පත්කරලා.
    ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ, දඟ පන්දුවෙන් ලොව මවිත කළ අද්භූත පන්දු යැවීම තුළින් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් පුහුණු කරවීම සඳහා මෙම පත් කිරීම සිදු කලා කියලයි. නමුත් මුරලි පැවසුවේ තමා මේ පත් කිරීම ගැන පුදුම වෙනවා කියලා.
    දඟ පන්දුවෙන් ලොව මවිත කළ අද්භූත පන්දු යැවීමක් ගැන අද වර්ණනා කරන ඔස්ටේ‍්‍රලියානුවන් එදා මුරලිට කරපු වෙනස් කම් ඔබට මතකද?

    මුරලි පන්දුව දමා ගසන බවට පළමුවෙන්ම චෝදනා
    ඔස්ටේ‍්‍රලියානු විනිසුරුවන් විසින්. ඒ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමත් සමග ඔස්ටේ‍්‍රලියාවේදී පැවති තරගයකදී.

    ඊට පසුව තවත් තරගයකදී
    පන්දුව දමා ගසන බවට චෝදනා කරද්දී එවකට ශ්‍රී ලංකා නායකයාව සිටි අර්ජුන රණතුංග කණ්ඩායමත් රැගෙන පිටියෙන් බැහැර වීම එදා විශාල ලෙස කතා බහට ලක් වුනා.
    මෙලෙස දිගින් දිගට මුරලිට පහර ගැසූ රටක් තම දඟ පන්දු උපදේශකයා බවට පත් කර ගැනීම ඔහුට කරපු චෝදනා වලට සමාව ගැනීමක් ලෙස අපට අර්ථ කථනය කරන්න පුළුවන්. එසේත් නැතිනම් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 800 ක්, එක්දින කඩුලු සංඛ්‍යාව 534ක් දවාගෙන ඇති ලොව සිටින අංක එකේ දඟ පන්දු යවන්නා වශයෙන් තමාට ලැබිය යුතු සුදුසුම ස්ථානය ලබා ගත්තා හා සමාන ලෙස කියන්නත් පුළුවන්.
    මේ අතර තම කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කිරීමට තෝරා ගැනීම සතුටු වන බව ඔස්ටේ‍්‍රලියා ජාතික කණ්ඩායමේ වත්මන් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකරන්නේ ඩැරල් ලීමන් පවසා තිබුනා.


    Muril get the job to train the old enemy
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් මුරලි හොද මහත්මයෙක් .එයා ලංකාවට සෙල්ලම් කරන කාලේ එයාගේ උපරිමය රට වෙනුවෙන් දීල ඉවරයි .දැන් එයා ලංකාවට සෙල්ලම් කරන්නේ නැහැ .අපේ බල්ලෝ මේ මනුස්සයාගේ හැකියාවෙන් වැඩක් ගත්තේ නෑ අපේ සීතල කාමර වල ඉන්න ක්‍රිකට් බොඩේ එකේ ඉන්න අලුගුත්තේරු කාලකන්නි මේ මනුස්සයට කතා කලාද අපේ උන්ට ට්‍රෙන් කරන්න ?:growl:

    මම අහල තියෙන විදිහට වාස්ටත් පල නොකිය පලා බෙදනවා .මුන්ට කොහෙවත් ක්ලබ් විතරක් ගහපු පිටරට උන් ලොකුයි අපේ උන්ට වඩා :growl:

    මුරලිට අපේ උන්ට අගයක් නැති කොට එයා වෙන රටකට ගිහින් එයාගේ හැකියාවෙන් එයා ප්‍රයෝජනයක් ගන්න එකේ වරදක් නැහැ මචන් .මෙතන වැරැද්ද අපේ ඉන්න තකතීරුවන්ගේ :cool:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මරුසිරා;16796001 said:
    මම අහල තියෙන විදිහට වාස්ටත් පල නොකිය පලා බෙදනවා .මුන්ට කොහෙවත් ක්ලබ් විතරක් ගහපු පිටරට උන් ලොකුයි අපේ උන්ට වඩා :growl:

    මුරලිට අපේ උන්ට අගයක් නැති කොට එයා වෙන රටකට ගිහින් එයාගේ හැකියාවෙන් එයා ප්‍රයෝජනයක් ගන්න එකේ වරදක් නැහැ මචන් .මෙතන වැරැද්ද අපේ ඉන්න තකතීරුවන්ගේ :cool:

    ඇත්ත කතාව මචන් මුන් ලොකුවට ලොකු ගණන් දීල පිටරට උන් ගේනව. අපේ උන් ගැන අගයක් නැහැ. දැක්කනේ එකෙක් නොකියම එංගලන්තේ ගියා.

    මුන් කොමිස් කකා ඉන්නවා
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Hari dan Australian un muu chuck bowling kiuwwa eka paraddala Murali dinnane....! abi ithing ochchara world class spinner genekta apey cricket board eken coaching roll ekak denna barinam un wena kohehari ekak oyaganna epai...! nathuwa udabalagan innada umba kiyanne??

    Ponna katha kiyanna epayako...! ithapan ai mun lankawe yanne kiyala issella. !