කමල්_ගුණරත්න

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පැන්ෂන් ගිය ‘නන්දිකඩාල් වීරයා‘ හමුදා සෙබලුන් පිරිවරා කොළඹ හතේ විදුහලක් ඉදිරියට කඩා වැදී ඕ ලෙවල් විභාගයට පෙනී සිටින සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා පහර දී මරණ තර්ජනය කරලා.

kamal-gunarathna.jpg





‘නන්දිකඩාල් වීරයා‘ තමා යැයි තමන් විසින්ම පොත් ලියා ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙවර අපොස සාපෙල ලියන අවුරුදු 16 ක පාසැල් සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා “තොගේ ඇට කටු කුඩුකරනවා“ යැයි ගුගුරමින් පහර දී දෙනෝ දහක් ඉදිරියේ මරණ තර්ජන කළ පිළිකුල් සිද්ධියක් අද දහවල් කොළඹ ප්‍රධාන විදුහලක් ඉදිරිපිටදී දැක ගන්නට හැකි විය.
ඇසින් දුටු දෙමාපියන් අප වෙත පවසන අන්දමට අදාල සිද්ධිය මෙසේය.
කොළඹ 7 පිහිටා ඇති මෙම සුපිරි පිරිමි විදුහලේ සිසුහු විශාල පිරිසක් ද මේ දිනවල පැවැත්වෙන අපොස සා පෙළ විභාගයට මුහුණ දෙති. පසුගිය සෙනසුරාදා විභාගයට මුහුණ දෙන සිසුන් දෙපිරිසක් අතර පාසැල තුලදී ගුටි කෙළියක් සිදුව ඇත. එය කිසිදු දරුවෙකු රෝහල් ගත කිරීමක් හෝ සිදු නොවූ පාසැලෙන් පිටතට ආ දරුණු සිද්ධියක්ද නොවීය.
මෙහිදී ගුටි කෑ එක් සිසුවෙකු මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ බිරිඳගේ ඥාති දරුවෙක් වූ බැවින් නන්දිකඩාල් වීරයා අද දහවල් තවමත් සේවයේ සිටින හමුදා පිරිසක් ද සමග විදුහල ඉදිරිපිටට පැමිණ එක් සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා “ තෝ දැන ගනින් මං කව්ද කියලා... මං තොගේ ඇට කටු කුඩු කරනවා “ යි තර්ජනය කෙළේය. මෙහිදී රැස්වූ දෙමාපියන් ‘තමුසෙට මෙහෙම කරන්න බෑ‘ යයි කමල් ගුණරත්නට බැන වැදුනු බැවින් සිසුවාගේ බෙල්ල අත හැරිය කමල් ගුණරත්න දෙමාපියන්ට ද බැන වැදුනේය. තර්ජනයට මුහුණ පෑ සිසුවා සිද්ධියෙන් පසුව තවත් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට ද නියමිතව සිටි අයෙකි. පාසැලේ ගුරුවරියක් පැමිණ “ඔයාට මෙහෙම කරන්න බෑ. මේක පාසැලක්. මේ දරුවා අද සවස තවත් ප්‍රශ්න පත්‍රයකට ලියන දරුවෙක්.. තවත් ප්‍රශ්න පත්‍ර තුනක් ඉදිරියට පැවැත්වීමටත් තියෙනවා. දැන් කොහොමද ඒ දරුවා විභාගයට මුහුණ දෙන්නේ“ යනුවෙන් කමල් ගුණරත්නට බැන වදිද්දී නන්දිකඩාල් වීරයා එකී ගුරුවරියටද තර්ජනය කෙළේය.
ඉන්පසුව නන්දිකඩාල් වීරයාගේ බිරිඳ පැමිණ පිස්සියක මෙන් බලහත්කාරයෙන් විදුහලට කඩා වැදීමට තැත් කළ අතර විදුහලේ ආරක්ෂකයන් එය වළක්වා ගත්තේ අසල සිටි දෙමාපියන්ගේද මැදිහත් වීම නිසාය.
කමල් ගුණරත්නගේ පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා මීට ටික කලෙකට පෙර වකුගඩු දුර්වල වීමෙන් මෙලොව අතහැර ගොස් තිබේ. පියා වෙනුවෙන් ඔහුගේ මවද වකුගඩුවක් පරිත්‍යාග කර ඇති බැවින් ඇයද සිටින්නේ ප්‍රතිකාර මධ්‍යයේ ය. මේ හේතු මත සිසු දරුවා මේ වන විට මහත් බියෙන් මෙන්ම මහත් අසරණ තත්ත්වයකින් සිටී. අඩුම ගණනේ එහි සිටි දෙමාපියන් “එන්න පුතේ මේ ගැන පොලිසියට පැමිණිලි කරමු“ යැයි කීවද සිසු දරුවා ඊටද බියපත් වී තිබේ.
හමුදාපතිවරුන් ප්‍රසිද්ධියේ පැමිණ මාධ්‍යවේදීන්ට පහර දෙද්දී දැන් විශ්‍රාමික හමුදා ලොක්කන්ද හමුදා සෙබලුන් පිරිවරා ගනිමින් ප්‍රසිද්ධියේ පැමිණ ඕලෙවල් සිසුන්ට පහර දීම ආරම්භ කර තිබේ. මිනීමරු කල්ලි හදාගෙන රාජපක්ෂලා සමග නීති විරෝධී ඝාතන සිදුකළ ඝාතකයන්ව යහපාලන නායකයන් රණවිරුවන් සේ සලකද්දී සහ එකී නායකයන් ඩඩ්ලි සේනානායක වැනි ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ප්‍රතිමාවට මල් තැබීමට ගෝඨාභය වැනි අතුරු හමුදා නඩත්තු කරමින් රහසිගත ඝාතන සිදුකළ මෘගයෙකුට ආරාධනා කරද්දී ගෝඨාභයගේ මීනීමරු ගෝලයන් සිතනවා ඇත්තේ තවමත් බලයේ ඉන්නේ රාජපක්ෂලා කියා විය යුතුය. එසේ නොවී නම් කමල් ගුණරත්නලා පැන්ෂන් ගිහිල්ලාත් බියක් සැකක් නැතිව නීතිය අතට අරන් මෙලෙස මැරයන් සේ හැසිරෙන්නේ නැත.
මේවාට ඉඩ දෙනවාද ? නැතිද ? ඇඟිල්ලෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කැපීමටත් බැරි තරමට මෝරා යෑමට ඉඩ දී පසුව ජීවිත වලින් වන්දි ගෙවනවාද ? යන්න ජනවාරි 8 දේදුනු විප්ලවයට නායකත්වය දුන් යහපාලනප්‍රේමී ජනතා බලවේග වග බලා ගත යුතුය.
මෙහි ඇති සේයාරුවේ වම්පස දැක්වෙන්නේ කමල් ගුණරත්නගේ සහයට පැමිණි ඔහුගේ බිරිඳගේ මල්ලීය. ඔහු මේජර් බුද්ධික වීරරත්න නමැත්තෙක් බව අප කළ සොයා බැලීමේදී හෙළිවිය.

kamal_Gunarathna_Thugarism_againt_DS_OL_student.jpg

 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    ගොඩක් මම පොර ඩයල් වල ඇතුලේ තියෙන්නේ හිනමනේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    අහ් පොනිල්ගේ වහලා. ආයේ පක්කිලි සර්විස් එක දෙන්න පටන් ගත්තද? :lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    source? any photos of the incident? you say it was a crowded place in Colombo. it will sure have videos. any?